නවාස් සැරිෆ් පාකිස්තානයේ පරිපාලන මණ්ඩලිය සාමාජිකයින්ව ලැජ්ජාවට පත්කරයි.

පිටපත : සමස්ත ඉන්දිය ගුවන් විදුලි සේවාවේ ප්‍රවෘත්ති විශ්ලේෂක කවුෂික් රෝයි

පාකිස්තානය පූර්ව අග්‍රාමාත්‍ය  නවාස් සැරීෆ් මහතා ඔහුව පමණක් නොව එරටේ පරිපාලක මණ්ඩලිය සාමාජිකයින් පිරිසවද විශාල අමාරුවකට ඇද දමා ඇත. “පැනමා ලිය කියවිළි හෙළිදරව්වෙන්” අනනතුරුව පාකිස්තානයේ ශ්‍රෙෂ්ඨාධිකරණය ඔහුව පැකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් නැරපා දැමිමත් සමගින් සැරීෆ් මහතා පාකිස්තාන දේශපාලන භූමියේහි ඇලී සිටීමකට නොකඩවාම විශාළ ප්‍රයත්නයකටද නිරතව සිටි. සිය දේශපාලන පක්ෂය වන පාකිස්තාන් මුස්ලිම් ලිග්-නවාස් (PML N) පක්ෂයේ සභපති ධුරයේහි හොබවිමකට පවා පාකිස්තානයේ එම උච්ජතම උසාවිය සැරිෆ් මහතාට තහනමට ලක්කොටදි ඇත. මහමැතිවරණයට තව මාස දෙකක් ඉතිරිව තිබෙන මොහොතක ඔහුගේ දේශපාලන පක්ෂයට දැන් විශාල අකරතැබ්බයකට මැදිවිමටද සිදුව ඇත.

මාධ්‍ය සම්මුඛ සාකච්ජාවක මුමුබයි ප්‍රහාරයට මූලික වගකිවයුතු හෆිස් සයිද් ගේ සහ මව්ලානා මසුද් අජාර් වැනි පිරිසගේ ජම්මත්-උද්-ඩාවාහ් සහ ජයිස්-එ-මොහම්මඩ් වැනි ත්‍රස්තවාදි සංවිධාන වල නම් ගාවා නොගෙනම සටන්කාමි සංවිධාන ගණනාවක් පාකිස්තානය තුල අතිශයෙන් ක්‍රියාශීළිව කටයුතු කරගෙන යන බවදයයි සැරීෆ් මහතා සඳහන් කොට ඇත. “ රටක් නොමැති නළුවන් පිරිසක් ලෙසින් අප ඔවුන්ව හඳුන්වා දෙමින් , දේශසිමාව එපිට ගොස් මුම්බයේ පුද්ගයින් 150 ක් මරා දැමීමට අප අනුමැතිය ලබා දියුතුව තිබුනද ? එම කාරණය ගැන පැහැදිලි කිරිමක් මට දෙන්න, එය ගැන අංගසම්පුර්ණ පරික්ෂණයක් දියත් කිරිමට අපට බැරි මන්ද ? ” යැයි ඔහු තවදුරටත් විමසා ඇත.

සැරීෆ් මහතා සැබැවින්ම සත්‍යය අනාවරණය කිරිමක්ද සිදු කොට ඇත. ඉන්දියානුවන් සහ විදේශිකයින්ද ඇතුළුව අහිංසක සාමාන්‍ය පුද්ගලයින් 165 ක් පමණ පිරිසක් ඝාතනය කරවමින් මුම්බයිහි 2008 වසරේ නොවැම්බර් 26 දා සිදුවුනු ඒ මහ නරසංහාරයට පසුපසින් සිටි පිරිස පාකිස්තානයේම රාජ්‍ය අනුග්‍රහය ලද පිරිසක්ය යන්න වග මුළු ලෝකයාට රහසක්ද නොවේ. එම මුම්බයි ප්‍රහාරය සිදුවුනු විගසම එම සිද්ධිය ගැන ඒකාබද්ධ පරික්ෂණ දියත් කිරිමට එරටේ අන්තර් බුද්ධිමය සේවා (ISI) අංශයේ ප්‍රධානියාව ඉන්දියවට පිටත් කොට යෙවීමට පාකිස්තානයේ එවක පරිපාලනය කැමැත්ත දැක්වුවද පාකිස්තානයේ හමුදාව එම යෝජනාව එකහෙලාම බැහැර කොට ඇත.

එම ප්‍රහාරය අතරතුර ඉන්දිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට රැගත් අමිර් අජ්මල් කසාබ් නැමති පාකිස්තාන් වැසියා කළ පාපෝච්ජාරණයන්හි ඔහුට පාකිස්තානයේ ආරක්ෂක අංශය විසින් පුහුණු ලබාදි තිබුනු බවද යැයි ප්‍රකාශ කරමින් එම ප්‍රහාර මෙහෙයුමට සම්බන්ධ වුනු පාකිස්තානයේ හමුදා නිළධාරින්ගේ නම් ගණනාවක්ද සඳහන් කොට ඇත. පසුව ජකිර් උර් රෙහමාන් ලක්වි සහ හෆිස් සයිද් වැනි ඊට සම්බන්ධ තවත් නම් ගණනාවක් අනාවරණය විමත් සමගින්ම පාකිස්තානය ඊට අදාළ නඩු විමසුම් සියල්ලක්ම අවුල් කරවා දැමිමට අර ඇද ඇත. ඉන්දියාව ඊට අදාළ ශාක්ෂි ඉදිරිපත් කළද ඒවා “ප්‍රමාණවත් පිළිගත නොහැකි  ශාක්ෂි ලෙසින්ද” පෙන්වා දෙමින් ඉස්ලාමාබාදය නිරතුරුව එවා බැහැර කොට ඇත.

කෙසේ නමුදු සැරීෆ් මහතා ඇලිපිට මේ දැන් කළ පාපොච්ජාරණයෙන් විශේෂයෙන්ම පාකිස්තාන හමුදාවට ඇතුළුව පාකිස්තානයේ පරිපාලන මණ්ඩලයට විශාළ ලැජ්ජාවකට මැදිවිමට සිදුව ඇත. කෙසේ නමුදු විචාරකයෝ සැරිෆ් මහතාගේ පාපොච්ජාරණයටද ප්‍රශ්ණ ගණනාවක් නිකුත් කොට ඇත. මුම්බයි ප්‍රහාරය සහ අනතුරුව වසර 2017 මැදබාගයතෙක් සැරිෆ් මහතා රට පාලනය කොට තිබුනු අතරට ඔහුට එම ප්‍රහාරය ගැන දැනුමක් නැත්තේ මන්ද ? එම ප්‍රහාරය ගැන ඔහුට දැනුමක් තිබුනානම් ඊට එරෙහිව ක්‍රියාත්මක නොවුයේ මන්ද? යන කරුණු රාශියක් ප්‍රශ්ණ ලෙසින්ද මතුව ඇත. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඓතිහාසික ලහෝර් යාත්‍රාව සහ පඨන්කෝට් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ලවිම් වැනි සිද්ධින් ගණනාවක් සිදුවුයේද නවාස් සැරීෆ් මහතාග් පාලන සමය අතරතුර වේ. 1999 වසරේ එවක සැරිෆ් පාලන යුගයේදි කර්ගිල් ආක්‍රමණයද සිදුවිය.

ත්‍රස්තවාදයට අදාළ කාර්‍යන්හි පාකිස්තානය දක්වන ඉතාමත්ම මඳ සැලකිල්ලත් ඉන්දියාවට පමණක් නොව මුළු ජාත්‍යන්තර සමාජයටද විවෘත රහසකි. ත්‍රස්තවාදය විදේශ පිලිවෙත් ආයුධයක් ලෙසින් පාකිස්තානය යොදවාගත් බවද පාකිස්තානයේ පුර්ව අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් ප්‍රකාශ කොටද ඇත. ත්‍රස්තවාදය සම්බන්ධව ඉස්ලාමාබාදය ගෙනයන දෙපිටිකාටු පිළිවෙත් රහසක්ද නොවෙති.

මැතිවරණයද ලඟ ලඟ සේන්දුවේගෙන එන මොහොතක සැරිෆ් මහතා මෙන්ද ඔහුගේ පුත්‍රයා සහ දියනියද ඇතුළුව පවුල් සාමාජිකයින් ගණනාවක් වංචා සහ දුෂණ වැනි විවිධාකාර ප්‍රශ්ණ වළට මැදිවිමට සිදුව ඇත.  මුමුබයි ප්‍රහාරය ගැන ඔහුගේ මුවින් පිටවුනු ඒ පාපෝච්ජාරණය මැතිවරණ සමයේහි ජන්ද දායිකයින්ගේ සානුකම්පාව දිනා ගැනිමට දරන ප්‍රයත්නයක්ද යන්නද සැකයකි. මේ අතර සැරීෆ් මහතාගේ පක්ෂය (PML-N) මෙන්ම පාකිස්තානයේ ආරක්ෂක හමුදාවද පුර්ව අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රකාශය බැහැර කොට ඇත.

එම ප්‍රකාශය ගැන තම ප්‍රතිචාරය දක්වමින් පි.එම්.එල්. (PML-N) පක්ෂය පවසා සිටියේ සැරීෆ් මහතාගේ ප්‍රකාශය ඉන්දිය ජනමාධ්‍ය විකෘති කොට තිබුනු බවයි. ඉන්දිය ජනමාධ්‍ය වාර්තා වළ විශවසනියත්වය ගැන නිවරදි විමසුමකින් තොරව පාකිස්තානයේ යම්ම යම් විද්යුත් සහ සාමාජිය ජාලාද හිතාමතා එවා බැහැර කිරිමකටද නිරතවි සිටීමද අතිශයෙන් කණගාටුදායි කරුණක් ලෙසින්ද දැකගත හැකිය. පාකිස්තානයේ උච්ජතම සිවිල් සහ හමුදා කටයුතු මණඩලයක් වන ජාතික සුරක්ෂා කමිටුවද (NSC) 26/11 මුමුබයි ප්‍රහාරය පාකිස්තානුන් විසින් සිදුකොට තිබුනු බවත් යන පුර්ව අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රකාශණ “පදනම් රහිත” එකක් ලෙසින්ද පෙන්වාදි ඇත.

කෙසේ නමුදු තවත් මහජන රැළියක එම කාරණය ගැනම ප්‍රකාශයක් පිරිනමිමන් සැරිෆ් මහතා ත්‍රස්තවාදය ගැන මෙන්ම රටට මුහුණදිමට සිදුවි තිබෙන ප්‍රශ්ණ වළට කවුරුන් වගකිවයුතුද යන්න ගැන රටට සැබෑ තත්වය ගැන දෙනගැනිමේ කාළයද දැන් එලඹි තිබෙන බව පෙන්වාදි ඇත. පාකිස්තානය කොන්වීමකට මෙන්ම ලෝකයා අතරට පාකිස්තානයේ හඬ පිළි නොගැනිමකට මං පෑදුවේ කවුරුන්ද යන්න ගැන පාකිස්තානයේ හමුදාවටද පිලිතුරු දීමේ කාලයද පැමිණි තිබෙන බව සැරිෆ් මහතා තවදුරටත් සඳහන් කොට ඇත.

ඉන්දියාව මේ දක්වා තම පැත්තැන් පිරිනමන ලද සෑම කරුණක්ම  සැරිෆ් මහතාගේ ප්‍රකාශණයන් තුළින් සනාථ කිරිමක්ද සිදු කෙරිනි. පාකිස්තානයේ පරිපාලනය මුම්බයි ප්‍රහාරයට වගකිවයුත්තන්ව නිතිය යටතට පමුණුවා ගැනිමේ කාලයද එලඹි ඇත.

 

පරිවර්තනය: සොනබර් ඩුවානියා