න්‍යෂ්ටික බලය අත්හිටුවීම සතුරුකම් අවසන් වීම මත රඳා පවතින බව කිම් පවසයි

 

උතුරු කොරියානු නායක කිම් ජොන්-ඕන් පවසා ඇත්තේ, කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම, වොෂින්ටනය හා ප්යොංයැං හි සතුරුකම් අවසන් වීම මත රඳා පවතින බවය. අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා දෙරට අතර අන්‍යොන්ය අවබෝධය හේතුවෙන් එකිනෙකාට සතුරුකම් කිරීමෙන් වැළකී සිටීමට කැපවිය යුතු බව කිම් මහතා පැවසූ බව  උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය.