කොරියානු අර්ධද්වීපයේ නව යුගයක ආරම්භය

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර අඟහරුවාදා දින

සිංගප්පූරුවේ ඓතිහාසික සමුලුව කොරියානු අර්ධද්වීපයට අලුත් යුගයක උදාවන බව නිවේදනය කරයි. මහ බලවතුන් විසින් වෙන් කල කොරියානු ජනතාව 1950-53 කොරියානු යුද්ධයෙන් පීඩා විඳි අතර, 1953 ජුලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අණදෙන නිලධාරී, චීන ස්වේච්ඡා හමුදාව සහ උතුරු කොරියානු යුධ හමුදාව අතර අත්සන් කරන ලද සංදේශය සාම ගිවිසුමක් නොමැතිව කල් තබා ඇත.

පසුගිය මාස 12 තුළ උතුරු හා දකුණු කොරියානු ජනතාව රෝලර් කෝස්ටරයක මෙන් ව්‍යාකූල වී සිටියහ. ඔවුන් සමහර විට එක්සත් ජනපදය විසින් පනවන ලද යුධ තර්ජනයට මුහුණ දුන් අතර සමහර අවස්ථාවලදී සාමය කරා ගමන් කලහ.

උතුරු කොරියාව සමඟ සංහිඳියාව සඳහා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ  බලවත් ප්‍රයත්න දැරීම සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ විශ්මයජනක ප්‍රතිචාරය නිසා මෙම වසරේ ආරම්භයේ සිට සමීකරණයේ වෙනස්

වීමි සිදු විය.

පළමුවන ස්පර්ශීය සන්ධිස්ථානය වුයේ ජනාධිපති මූන් ජේ සහ සභාපති කිම් ජොන්ග් උන් අතර අප්‍රේල් 27 වන දින පැවති සමුළුවයි. කොරියානු අර්ධද්වීපයේ සාමය, සමෘද්ධිය හා ඒකාබද්ධ කිරීම සඳහා ඓතිහාසික ‘පන්මුන්ජොම් ප්‍රකාශය’ තුලින් ටුම්ප්-කිම් සමුලුව යෝජිත, පිළිගත් හා වටහා ගැනීමේ පසුබිම සැකසුණේ ය.

අඟහරුවාදා පැවති සමුලුවට පෙර එක්සත් ජනපද හා උතුරු කොරියානු සාකච්ඡාකරුවන් අතර සවිස්තරාත්මක සහ දුෂ්කර සාකච්ඡා සිදුවිය.  පසුගිය මාසයේදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අවලංගු කිරිමෙන් පසු සමුලුව පීඩා විඳි බව පෙනී ගියේ ය. නමුත්, ඥානවන්තව, සාකච්ඡා දිගටම කරගෙන යාමට ඔහු දොර විවෘතව තැබුවේය. දකුණු කොරියානු ජනාධිපති ක්ෂණිකව කිම් සභාපති සමග දෙවන සමුලුව පැවැත්වූ අතර සමුලුව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.

ජූනි 12 සමුළුව අපේක්ෂා සපුරා ඇත. එය උතුරු කොරියාවට සමාන බලයක් ලබා දී ඇති අතර එය පියොන්ග්යෑනයට විශාල ජයග්‍රහණයකි. ජනාධිපති ට්‍රම්ප් සහ සභාපති කිම් දෙදෙනාම එකිනෙකා කෙරෙහි ධනාත්මක ආකල්පයක් පෙන්වූහ. අත්සන් තැබීමේදී අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ කිම් සභාපති හමුවීමට ලැබීම ගෞරවයක් බව සහ එම නායකයන් දෙදෙනා අතර ‘විශේෂ බැඳීමක්’ ඇති බවයි. නායකයන් දෙදෙනා අතර පසුගිය වසරේ පැවති වාචික හුවමාරු සමඟ සැසඳීමේදී මෙය සැබැවින්ම නාට්‍යාකාර හැරීමක් විය.

කොරියානු අර්ධද්වීපයේ වර්තමාන නොසන්සුන්කාරී තත්ත්වය වෙනස් කළ හැකි පුළුල් ගිවිසුමකට නායකයන් දෙදෙනාම අත්සන් කළහ. “කවුරුත් හෝ අපේක්ෂා අන්දමට වැඩියෙන් හොඳට” සාකච්ඡා පැවති බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ය. න්‍යශ්ටික අවි නැවැත්වීමේ ක්‍රියාවලිය “ඉතා ඉක්මනින්” ආරම්භ වන බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

වර්තමානය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සභාපති කිම් ජොන්ග් ඕන් යන දෙදෙනාම නායකත්වය හා තීරණාත්මක බව පෙන්නුම් කර ඇති අතර මෙහි යහපත් පෞද්ගලික රසායනයක් ඇති බව පෙනෙන්නට තිබේ. ඉදිරි දින කිහිපය තුල මෙය අතිශයින් වැදගත් වනු ඇත.

සමුලුව ධනාත්මක සංවර්ධනයක් ලෙස ඉන්දියාව පිළිගෙන ඇත. කොරියානු අර්ධද්වීපයේ පවත්නා සාමය හා ස්ථාවරත්වය සඳහා මග විවර කරමින්, එක්සත් ජනපද- උතුරු කොරියානු සමුලුවේ ප්‍රතිපල ක්‍රියාවට නැංවෙනු ඇති බවට ඉන්දියාව බලාපොරොත්තු වේ.

සමස්ථයක් ලෙස, පසුගිය වසරේ අගභාගයේදී කොරියාවන් දෙරටෙහි එකතු වූ යුධ වළාකුළු ගිවිසුම් මඟින් අහෝසි කරන ලදී. එහෙත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ශක්තිය බිඳ දැමීම සඳහා නිශ්චිත පියවර ගැනීමට ප්‍රතිවිරෝධී ඉල්ලීම් ඉල්ලා සිටිනු ඇත.

පිටපත:  දකුණු කොරියාවේ හිටපු ඉන්දියානු තානාපති ස්කන්ද් රන්ජන් තයාල්