ඇෆ්ගනිස්තානය: නැගෙනහිර ජලාල්බාද් නගරයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට

 

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ජලාල්බාද් නගරයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වී මිය ගිය සංඛ්‍යාව එකොළොහක් දක්වා ඉහළ ගොස් තිබේ. නිලධාරියෙක් කියා සිටියේ නගරය තුළ අධ්‍යාපන දෙපාර්තමේන්තු සංකීර්ණයකට ඊයේ උදෑසන සිදුවූ පහරදීමක් හේතුවෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවය. නේටෝ සමුලුවට සහභාගී වීම සඳහා ජනාධිපති අෂ්රෆ් ගානි බ්‍රසල්ස් වෙත පියාසර කිරීමෙන් පසුව ප්‍රහාරය සිදුවිය.