එක්සත් ජනපද සමගින් ගෙනයන ඉන්දිය ශක්තිමත් බැඳුම්.

ක්සත් ජනපදය සමගින් ගෙනයන ඉන්දිය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වි ඇත. 2+2 (two plus two) යන්නැන්ද දැන් හැඳිවෙන ඉන්දිය සහ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති සහ ආරක්ෂ යන ආයතනන වලට අදාළ දෙපාර්තමේන්තු වල ප්‍රධානින් අතරට පැවැත්විමට යන සංවාදය පවත්වා ගැනිම්බ සම්බන්ධයෙන් නවදිල්ලියේ සූදානමේ කොටසක් ලෙසට ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජය ගෝඛලේ මහතා දැන් වොර්ෂින්ටනයට චාරිකාවකට නිරත වෙමින් සිටි.

සැප්තැම්බර් මස එළඹෙත්දිම, 2+2 (two plus two) ඉන්දු-එක්සත් ජනපද සංවාදය නවද්ල්ලියේහිද පැවැත්විමට නියිමත අතරට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය මෙන්ම එක්සත් ජනපද ආරක්ෂක කටයුතු අමාත්‍ය ජිම් මැතිස් සහ ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මියද දෙරට අතරේ ද්විපාර්ශ්වික උපායමය හවුල්කාරත්වයේ ප්‍රමාණත්වය සහ ගුණාත්මකාත්වයද තවදුරටත් ඉහළ නංවා ගැනිමට මුහුණට මුහුණලා සෘජු සාකච්ජාවකට සුදානම් වි සිටති.

වෝෂින්ටනයේ හෝ නවදිල්ලයේදි හෝ වේවා බලය මාරුවිම් සිදු කෙරෙන විට උපායමය සංවාද ක්‍රම සහ ව්‍යුහ වලටද වෙනස්නම් සිදු කර ගැනිමට මෙවැනි සාකච්ජා පැවැත් වේ. කෙසේ නමුදු සාච්ජා වල හරයේහි කිස්දු වෙනසක් සිදු නොකෙරේ. ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල් දෙකේ රාජ්‍යතාන්ත්‍රිකමය සහ ආරක්ෂකමය සංවාදවල් මධ්‍යයේ ජාතික සුරක්ෂා ක්ෂේත්‍රයේ ප්‍රශ්ණ අතිශයෙන් සංකීර්ණත්වයක් ගෙනදෙන ගමන්ම එහි අතිශයෙන් අන්තර් සමබන්ධයක්ද දක්නට ඇත.

ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල් දෙකේ උපායමය අවශ්‍යතා විශාළත්වය මෙන්ම පුළුල් මට්ටමේ පරස්පරතා සහ යම් යම් අංශවල සංකීර්ණත්වය යටතේ 2+2 සංවාදය සිතනා තරම් පහසුවෙන් හෝ කිසිදු බාධකයකින් තොරව පවත්වා ගැනිමට සහ සමානතා උපරිම මට්ටමට හෝ සම්බන්ධතා වලට හානි සිදු නොවන විධියෙන් පවත්වාගත  හැකිද යන්න තරමක සැක සහිතය.

ප්‍රමාණවත් රාජ්‍යතාන්ත්‍රික ගණුදෙනු මෙයට කලින් පවත්වා නෙගෙනීමකින්ම ඉන්දු-එක්සත් ජනපද සම්බන්ධතා මේ අයුරින් තරමකින් පසුබැස්මකට මැදිව ඇත. දෙරට අතරට යම් යම් බාධකවල් තිබුනද ආරක්ෂක සහ සුරක්ෂා යන ෂේත්‍රයන්හි ඉන්දියාව සහ එක්සත් ජනපදය අතිශය යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. 2+2 සංවාදය යටතේ එම බාධකවල් නැවත සිදු නොවිමකට වගබලා ගැනිමට රටවල් දෙකම වැඩිදුරටත් අපේක්ෂා කරති.

ඉන්දියාව සහ එක්සත් ජනපයෙ යන රටවල් දෙකේ ද්විපරේශ්වික සම්බන්ධතා‍ වල විෂමතා යම් යම් අංශ සිබැවින්ම අතිහයෙන් සංකීර්ණ බවක් දක්නට ලැබෙන අතරට මෙවැනි සංවාදාත්මක යාන්ත්‍රන මගින් පමණක් ඒවාට විසඳුම් සොයා ගත හැකිය. ට්‍රම්ප් පරිපාලනයේ ඉරාන පිලිවෙත ප්‍රථම එවැනි සංකීර්ණ විෂයක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. ඉරාන න්‍යෂ්ටික ගනුදෙණුවෙන් ඉවත්ව ගිය හැරුනු විට එක්සත් ජනපදය ඉරානයට එරෙහිව නව සම්බාධ පැනවිමද සිදු කොට ඇත. තවත් පැත්තකින් ඉන්දියාවේ තුන්වන විශාළතම බලශක්ති ආනයන මුලාශ්‍රය ඉරානය වේ. ඉන්දියාවට ඇෆ්ගනිස්තානයේ සහ මධ්‍ය ආසියා වෙළඳ පොළට ප්‍රවේශවිමේ උතුරු-දකුණු කොරිදෝරුව ගොඩනගා ගැනිමේ කාර්‍යටද ඉරානය අතිශයෙන් වැදගත් රටක් වේ. මෙවැනි පසුබිමක යටතේ විශේෂයෙන්ම එක්සත් ජනපද සම්බාධවල් මගින් ඉන්දියාව ඉරානයේ ඡබාහාර් වරාය සංවර්ධන කිරිමට ගෙනයන කාර්යන්ටද අතිශයෙන් බළපෑම් එල්ල වන මෙන්ම ප්‍රමාදත්වයකට පත්විමටද අතිශයෙන් හේතුදායි වනු ඇත.

දෙවන වැදගත් ප්‍රශ්ණය ට්‍රම්ප් පරිපාලනයේ රුසියා පිලිවෙත වේ. එක්සත් ජනපදය ඉන්දියාවේ තම ආරක්ෂක අංශයේ වෙළඳාමය පුළුල් කරගැනිමට මාන බලන අතරට ඉන්දියාවද ඊට කිසිසේත් අකමැත්ත පෙන්වාදි නොමැත. පසුගිය දශකය අතරට ඉන්දියාව අමෙරිකානු ඩොලර් ත්‍රියළණ 15 ක් පමණ වටිනා කමකින් යුත් ආරක්ෂකමය උපකරණ තොගයක් මිලදි රැගෙනද ඇත. එක්සත් ජනපදයේ එම අපේක්ෂාවේ එකම බාධකය රුසියාව වේ. කෙසේ නමුදු එක්සත් ජනපදය දෙපාර්ශ්වයේ උපායමය හවුල්කාරත්ව සහයෝගිතා වළට කිස්දු බාධා එල්ල නොවිමකට ඉන්දියාවට සහන පිලිවෙතක් ක්‍රියාත්මක කරගෙන යාමට ඉදිරිපත්ව ඇත.

තුන්වැන්න, ඉන්දු-ශාන්තිකර කලාපිය සාමය සුරක්ෂා කරගැනිම්, අර්බුද මගහරවා ගැනිම් සහ සංවර්ධන ප්‍රවර්ධනයට අකාළ පුළුල්වු යාන්ත්‍රනය යටතේද පරස්පරතා තිබීම වේ. එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර කලාපිය සංකල්පය ඉන්දිය රජය පිලිගෙන තිබෙන නමුදු එය කිසිසේත්ම උපායමය පිලිවෙතක් ලෙස පිළිගෙන නොමැත. ඊට සහයෝගයද පිරිනමා ඇත. ඒ අතරම ඉන්දියාව ජපානය සමගින් ගෙනයන ආසියාන්-අෆ්‍රිකන් වර්ධන කොරිදෝරුවට (Asian-African growth corridor)වඩාත් කැපවිමකින් සැළකිල්ල් යොමුදිගෙන යයි. සීත යුද යුගයේ යල් පැනගිය උපායමය මෙහෙවරවල් වලට ඉන්දියාව දැන් ඒ තරම්ම උනන්දුවක් නොදක්වයි.

දකුණු චින සාගරය අවට හමුදා බල පුළුවන්කාරම් දැක්විමට මෙන්ම ඉන්දු-චින දේශ සිමා අවට යම්යම් කොට්ඨාශ වල සිදු වෙගෙන යන ක්‍රියා සහ එක් තීරයක් – එක් මාර්ගයක් යන් තේමාවෙන් ගෙනයන චීනයෙ පිලිවෙත් වැනි ව්‍යාප්තිකරණයටද එරෙහිව ට්‍රම්ප් පරිපාලනයේ පිලිවෙත් හා සමාණ විධියෙන් පිලිවෙත් ක්‍රියාත්මක් කිරමකටද සුදානම් නොවේ.

2+2 සංවාදය, තවත් පැත්තකින් ඉහත දැක්වු සැක දුරු කර ගැනිමකට මෙන්ම අන්න්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නගා ගැනිමට සහ ලෝකයේ විශාළතම ප්‍රජාතන්ත්‍රවාදි රටවල් දෙකට අන්න්‍යෝන්‍ය වාසිදායි හවුල්කාරත්වයක් යටතේ දෙරටේ උපායමය හවුල්කාරත්වය තවදුරටත් ඉහළ නංවා ගැනිමටද  අතිශය ආධාරකාරි විමක් ගැනද අපෙක්ෂා කරයි.

පරිවර්තනය: සොනබොර් ඩුවානියා

පිටපත : JNU විශ්ව විද්‍යාලයේ, හිටපු උපකුලපති මහචාර්‍ය. චින්තමනි මහපත්‍ර ගෙන්