ඉන්දියාව බංග්ලාදේශයට දුම්රිය මාර්ග සහ බලශක්ති ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘති දායාද කරයි

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බංග්ලාදේශ අගමැති ෂීක් හසීනා විසින් සංවර්ධන ව්‍යාපෘති තුනක් ආරම්භ කළ අතර, එය බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍ය මම්තා බැනර්ජි සහ තිරිපුර ප්‍රධාන අමාත්‍ය බිප්ලාබ් කුමාර් ඩීබ් යන මහත්වරුන් සමග එක්ව දියත් කර ඇත.

බංග්ලාදේශයේ සංවර්ධනය සඳහා වූ ව්‍යාපෘති අතර  දකුණු ආසියාවේ අසල්වැසි රටවල් අතර දුම්රිය සම්බන්ධතාවය, වෙළඳාම හා වාණිජ්‍යය තවදුරටත් වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇතිඉන්දියාවේසිට බංග්ලාදේශයේ දක්වා මෙගාවොට් 500ක ධාරිතාවයකින් යුත් අතිරේක බලශක්ති සැපයුමක් අකාවුරා-අගර්තලා දුම්රිය මාර්ගය සහබංග්ලාදේශ දුම්රිය මාර්ගයේ කුලාවුරා-ෂාබාස්පූර් කොටස පුනරුත්ථාපනය කිරීමඇතුලු දුම්රිය මාර්ග ව්යාපෘති දෙකක්ඇතුලත්ය. වීඩියෝ සමුළුව මගින් වැදගත් ව්‍යාපෘති තුනක ආරම්භ කිරීම, නව දිල්ලිය හා ඩකා අතර සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමකි.ඉන්දියාවේ බංග්ලාදේශ මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම, දීප්තිමත් ජීවිත, සබඳතා වැඩිදියුණු කිරීම, යන්න අග්‍රාමාත්‍ය මෝදි ටීවීට් හරහාඋත්සවය නිම වී කෙටි වේලාවකින් පැවසීය. මෙය ව්යාපෘති තුනෙහි වැදගත්කම සාරංශ කරයි. දැනට පවත්නා බෙරමාරා (බංග්ලාදේශයේ) හා භාරම්පූර් (ඉන්දියාවේ) සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ තවත් අතිරේක මෙගා වොට් 500 ක් සැපයීමට ඉන්දියාව ගෙන ඇති තීරණයබංග්ලාදේශය 2021 වන විට මැදි ආදායම් ඇති රටක් සහ 2041 වන විටසංවර්ධිත රටක් බවට පත්වීමට බංග්ලාදේශ ගමනේ හවුල්කරුවෙකු වීමට රටෙහි අභිලාෂය අවධාරණය කර ඇති බව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් සිය කතාවේදී සමාරම්භක අවස්ථාවට අවධාරණය කළ කරුණක් විය.

ඉදිරි දශක දෙකකට ආසන්න කාලයකදී මධ්‍යම ආදායම් ලබන රටක් සහ සංවර්ධිත රටක් බවට ඇගේ රට පරිවර්තනය කිරීමේ අගමැති හසීනාගේ සංවර්ධන ඉලක්කයන් මෝදි මහතා අගය කළාය. ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති සුෂ්මා ස්වරාජ් සහ බංග්ලාදේශ විදේශ ඇමතිවරයා ද දිල්ලි හා ඩකා සිට වීඩියෝ මාධය හරහාසමුලුවට එක්ව සිටියහ.

අකාවුරා-අගර්තලා දුම්රිය සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයට තවත් සම්බන්ධතාවක් ලබා දෙනු ඇතැයි පැවසීය. “දෙරට අතර සබඳතාවන් හා ජනතාව අතර සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා අපගේ සංවර්ධනය හා සෞභාග්‍යය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇත” යනුවෙන් මෝදි මහතා පැවසීය.

පසුගිය වසර කිහිපය තුළ මෙම ඉලක්කය ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඔහු පැවසීය. මෙම ව්‍යාපෘති තුන ආරම්භ කිරීමත් සමඟම ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරට අතර විදුලිබල සහ දුම්රිය සම්බන්ධතා වැඩිදියුණු වී ඇති බව මෝදි මහතා වැඩිදුරටත් පැවසීය.

අතිරේක බලශක්ති සැපයුම හාඅකාවුරා-අගර්තලා දුම්රිය මාර්ගය සහබංග්ලාදේශ දුම්රිය මාර්ගයේ කුලාවුරා-ෂාබාස්පූර් කොටස පුනරුත්ථාපනය කිරීමදෙරට සඳහා වාසිදායක තත්ත්වයක් ලබා දෙයි. රටවල් දෙකම එකිනෙකාගේ සංවර්ධනයෙන් ලබා ගත යුතුය.

බංග්ලාදේශය හා අග්නිදිග ආසියාව සමග ඉන්දියාවේ උතුරු නැගෙනහිර ප්‍රාන්තවල දුම්රිය මාර්ග සම්බන්ධ කිරීම සඳහා දුම්රිය මාර්ග ව්‍යාපෘති සැලසුම් කර තිබේ.

ඉන්දියාවේ බංග්ලාදේශ ද්වීපාර්ශවික, වෙළඳ හා වාණිජ සබඳතාව ප්‍රදර්ශනය කිරීම සඳහා ආකෘතියක් ලෙසට අගමැති මෝදි විසින් උත්සාහ කර තිබේ.

පිටපත: දීපංකර් චක්‍රබෝර්ති, විශේෂ වාර්තාකරු, STATESMAN