ආරක්ෂක අමාත්‍ය නිර්මලා සිතාරාමන් ප්‍රංශයේ දින තුනක සංචාරය අරඹයි

ප්‍රංශයේ තෙදින සංචාරයක් සඳහා ආරක්ෂක අමාත්‍ය නිර්මල සිතාරාමන් මැතිණිය පැරීසියට ගොස් තිබේ. දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා සහ අන්යොන්‍ය අවශ්‍යතාවන් පිළිබඳ ප්‍රධාන කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රංශ විදේශ ඇමැති ෆ්ලොරන්ස් පාර්ලි සමග පුළුල් සාකච්ඡා පවත්වන බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ගේ සාකච්ඡාවලදී දෙරටේ නායකයින් දෙදෙනාම මිලිටරි වේදිකාවල හා ආයුධ ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම ගැන අවධානය යොමු කිරීමට අපේක්ෂා කරති. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මාර්තු මාසයේදී ඉන්දියාවේ සංචාරය කර තිබේ. එහිදී දෙරට අතර මූලෝපායික සබඳතා පුළුල් කිරීමට සහ ත්‍රස්ත විරෝධී සහයෝගිතාව පුළුල් කිරීමට තීරණය කර තිබේ. නාවික හමුදා කඳවුරු යුද නැව්වලට විවෘත කිරීම ඇතුලු එකිනෙකාගේ මිලිටරි පහසුකම් භාවිතා කිරීම සඳහා උපාය මාර්ගික ගිවිසුමක් අත්සන් කරන ලදී.