ඉන්දියාව නව බලශක්ති සංරක්ෂණයට නායකත්වය දෙයි

පිටපත: මාධ්‍යවේදී යෝගේශ් සූද්

නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පලමු අන්තර්ජාතික සූර්ය සංසදය (අයිඑස්ඒ), දෙවන ඉන්දියානු සාගර සමිතිය (IORA) බලශක්ති අමාත්‍යවරුන්ගේ රැස්වීම හා දෙවන ගෝලීය ප්‍රති-ආයෝජන ඉන්දියා සහ  ප්‍රදර්ශනයට (International RE-Invest Meet & Expo) සඳහා සත්කාරකත්වය දැක්වූහ. අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මෙම අවස්ථා තුන ආරම්භ කරන ලදී. පුනර්ජනනීය බලශක්තිය ප්‍රසාරණය කිරීම හා ගෝලීය ආයෝජන ප්‍රජාව ඉන්දියානු බලශක්ති පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ කිරීමට ලෝක ව්‍යාප්ත ප්‍රයත්නය යොමු විය.

දෙවන ගෝලීය ප්‍රති-ආයෝජන ඉන්දියා-ISA හවුල්කාරීත්වය පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්ගේ හමුවට හා ප්‍රදර්ශනයට රටවල් 77 ක නියෝජිතයින් 20,000 කට අධික පිරිසක් සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, බහුපාර්ශවීය සංවර්ධන බැංකුවල සභාපතිවරුන්, ගෝලීය අරමුදල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, සංස්ථාපිත අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම සිදුවිය. නැවත-ආයෝජන 2018 දී ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය සහ යුරෝපා සංගමය වැනි ප්‍රමුඛ රටවල් විසින් නව සැසිවාරයන් සංවිධානය කරන ලදී.

ගෝලීය සූර්ය බලශක්තිය තුළ ISA විසින් ඉටු කරනු ලබන ප්‍රධාන භූමිකාව අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ “වාතාවරණය තුළ දේශගුනික යුක්තිය ඉටු කිරීමට ISA වේදිකාවක් වේ. මෙය අපි අනාගත පරම්පරාවන්ට දෙන තෑග්ගකි. අනාගතයේ ඔපෙක් ලෝකය කරා ලෝකය සන්ධානය වනු ඇත” යන්නයි. වර්තමානයේ තෙල් ළිං මගින් සිදු කෙරෙන කාර්යභාරය සූර්ය ශක්තිය විසින් සිදු කෙරෙනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්  ‌ෙජනරාල්ගේ පැමිණීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන ජාත්‍යන්තර සූර්ය සංසදය සතු වැදගත්කම පිළිබඳ සාක්ෂියකි. IORA රටවල්වල බලශක්ති අභියෝග සමාන බව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඒ සඳහා නැවත පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අවධානය යොමු කිරීමට අවශ්‍ය වන්නේ එබැවිනි. 2030 වන විට ඉන්දියාවේ බලශක්තියෙන් සියයට 40 ක් නිපදවන ඉන්ධන නොවන ප්‍රභවයන් හරහා විදුලිය නිපදවීමට ඉලක්ක කර තිබේ. 2022 වන විට අප විසින් පුනර්ජනනීය බලශක්තිය 175GW ඉක්මවයි. සමාරම්භක උළෙලේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන යෝජනාවක් වූයේ “එක් ලෝකයක්, එක් සූර්යයෙක්  හා එක් ජාලක” යන්නයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගෝටෙර්රෙස් අවධාරණය කළේ දේශගුණික විපර්යාස දැන් සෘජු අවදානමක් බවට පත්වෙමින් තිබෙන බවයි.ගෝලීය පුනර්ජනනීය බලශක්ති විප්ලවයක් අපට දැකගත හැකි බව පැහැදිලිය. කෙසේ වෙතත් අපට තවමත් නොමැති දේ වන්නේ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඇති දේශපාලන කැපවීමයි. ඒ සඳහා වැඩි අභිලාෂයක් සහ ක්‍රියාමාර්ග අවශ්‍යය”

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති යුනියන් අමාත්‍ය රාජ් කුමාර් සිං මහතා මෙසේ පැවසීය. “අපේ අගමැතිතුමා එක ලෝකයක, එක සූර්යයක් සහ එක් ජාලයක වන තවත් අභියෝගයක් අපට ලබා දී තිබෙනවා. එය ශක්‍ය වන අතර එය අප සපුරා ගනු ඇත”

ඉන්දියානු සාගර කලාපයේ පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ඉල්ලුම සපුරාලීම, ඉන්දියානු සාගර කලාපය සඳහා පොදු පුනර්ජනනීය බලශක්ති න්යාය පත්රයක් සංවර්ධනය කිරීම සහ කලාපීය ධාරිතා ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීම සඳහා IORA සාමාජික රටවල් අතර සහයෝගීතාව සඳහා රටවල් 21 ක් විසින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ නවදිල්ලියේ ප්‍රකාශය සම්මත කර ඇත.

2022 ඉන්දියානු දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඩොලර් බිලියන 76 ක ආයෝජනයක් අවශ්‍ය වේ. පොදු අරමුදල් පමණක් ප්‍රමාණවත් නොවේ. අගමැති මෝදිගේ සිහිනය යථාර්තයක් බවට පත් කිරීම සඳහා පුද්ගලික ප්‍රාග්ධනයක් අවශ්‍ය  වන්නේ ඒ නිසයි. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වේගවත් ගෙවීම් සඳහා ගෙවීම් ආරක්ෂක යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ පිරිසිදු බලශක්ති ප්‍රමිතිකරණය සඳහා මූලෝපායික ගෝලීය හවුල්කාරිත්වයන් සහ සහයෝගී ප්‍රවේශය දිගු මගක් වනු ඇත. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සපුරා ගැනීම සඳහා ඉක්මන් දේශපාලන තීන්දු මෙන්ම අප්‍රිකාව ඇතුළු මහාද්වීප අතර සහයෝගී සහාය අවශ්‍යය. හරිත වෙත යාමට තැත් කිරීම සඳහා ඉන්දියාව විසින් දැනටමත් පෙන්වා දී ඇත්තේ 2015 සිට 2018 දක්වා පසුගිය වසර තුන තුළ ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අංශය සියයට 81 කින් වර්ධනය වී ඇති බවයි.