ඇෆ්ගනිස්ථානය: අවම වශයෙන් පොලිස් භටයින්13 දෙනෙක්, තලේබාන්වරු 16 ක් වෙන් වෙන් සිදුවීම් වලින් මිය යයි

ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම හා නැගෙනහිර කලාපයේමෑත තලිබාන් ප්‍රහාරයේ දී අවම වශයෙන් පොලිස් භටයන් 13 දෙනෙක් මිය ගියහ. සභා සාමාජිකයෙක් වනනැගෙනහිර ඝානි පළාතේ ගුලාම් හුසේන් චන්ගිස් කියා සිටියේ, කුග්යානි දිස්ත්‍රික්කයේ අද උදෑසන පොලිස් මුරපොලට පහර දුන් කැරලිකරුවෝ, දිස්ත්‍රික් අණ දෙන නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනෙක් ඝාතනය කල බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පැවසුවේ, තලිබාන්වරු අද උදෑසන මධ්‍යම වාර්දාක් පලාතේ පොලිස් මුරපොලකට පහරදුන් අතර පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කල බවයි. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලබා ඇත.

 

මීට පෙර ඇෆ්ගන් හමුදා විසින් තලිබාන් වැසියන් 16 දෙනෙකු ඝාතනය කර 19 දෙනෙක් තුවාල ලැබූ අතර බග්ලන් ප්‍රාන්තයේ ඩැන්-ඊ-ගෝරි ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සිට ඔවුන් ඉවත් කරන ලදී.