කැලිෆෝනියාවේ තැබෑරුමක වෙඩි ප්‍රහාරයකින් 13 ක් මරුට

එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ තැබෑරුමක තුවක්කුකරුවෙකුගේ වෙඩි තැබීමකින්පොලිස් නිලධාරියෙකු ඇතුලුව අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම වෙඩි තැබීම ලොස් ඇන්ජලීස්හි වයඹ-බටහිර දෙසින් කැලිෆෝනියාවේතවුසන්ඩ් ඕක්ස් හි බෝර්ඩර්ලයින් තැබෑරුමේරාත්‍රී11.20 ට පමණආරම්භ විය.

අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සහවෙනත් අයතුවාල ලබා ප්‍රාදේශීය රෝහල්වලට ඇතුලත්ව ස්වයං වාර්තා කරන බව පොලීසිය පවසයි.

සැකකරුගේ මළ සිරුර සොයාගෙන ඇති අතර එය තවමත් හඳුනාගෙන නොමැති බව නිලධාරීහු පවසති.

පොලීසිය පැවසුවේ තැබෑරුමකතුලින් පිස්තෝලයක් සොයා ගත් බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, සැකකරු සිය දිවි හානි කරගන්නට ඇති නමුත් මෙය තවමත් තහවුරු කරගෙන නැත.

ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ බෝර්ඩර්ලයින් තැබෑරුමතුල පුද්ගලයින් 200 ක් පමණ සිටි බව වාර්තා වී ඇත.