4 වන වන රයිසිනා සංවාදය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ නොර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොලබර්ග් මහත්මිය ඒ සමගින්ම රටවල් ගණනාවකට අයත් ප්‍රතපත්ති සම්පාදකයින්, විද්ධවතුන් සහ උපායමය විශේෂඥන් ඇතුළුව තවත් විශාල සම්භාවණිය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු නවදිල්ලියේහි මේ දැන් නිමාවට පත් කෙරුණු සතර වන ‘රයිසිනා සංවාදයේ’ (Raisina Dialogue) හඬ ඉදිරි දින දෙක තුන අතරද රැව් දිමක් ගැන අපෙක්ෂා කරති. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නිරික්ෂණ පර්යේෂණ පදනමේ ඒකාබද්ධ අනුගහයෙන් පැවැත්වෙන රයිසිනා සංවාදය දැන් ඉන්දිය වාර්ෂික ජාත්‍යන්තර වැඩසටහනක් බවට පත්වි ගොස් ඇත.
‘රයිසිනා සංවාදයේ’ ආරඹ දෙසුම පිරිනමමින් නොර්වේ අග්‍රාමාත්‍ය සොල්බර්ග් මහත්මිය, මහා සාගරය තම යටතට තබා ගැනිමේ අයිතිය යටතේ එම මහා සාගරය අයථා විධියෙන් යොදවා ගැනිමට හෝ වෙනත් පරමාර්ථවල් සඳහා යොදවා ගැනිමකටද අයිතිවාසිකම් ලබාදි නොතිබෙන බව යැයි අවධාරණය කොට ඇත. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය, තම දෙසුමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය පදනම්වුනු ජාත්‍යන්තර රටාවකට ඉන්දියාව කැපවි සිටින අතරට සෑම රටකටම එයින් සමාණ විධියෙන් ගෞරවය පිරිනැමෙන බව යයි තවදුරටත් සඳහන් කොට ඇත. දකුණු චිනයේ සිදුවේගෙන යන ව්‍යාප්තකරණය සමබන්ධයෙන් වක්‍රාකාරව පිරිනැමෙන පණිවිඩයක් ලෙසින්ද එම ඇමතුම දක්නට ලැබුනි. ඉන්දිය විදේශ අමාත්‍ය වරිය දැක්වු එම විෂය සංවාදය අතරතුර නිරතුරුව සහභාගිවුනු සම්භාවණිය පිරිසගේ සැළකිල්ලට ගොදුරුවි තිබුනු විධියද දක්නට ලැබුනි.
‘රයිසිනා සංවාදය’ ගෝලිය සමාජයට මුහුණ දිමට සිදුව ඇති විවිධාකාර අභායෝගවල් ගැන සැළකිල්ල දක්වන බහුපාර්ශ්වික සමුළුවක් වේ. ඒ හැරුනු විට එය රාජ්‍ය නායකයින්, කැබිනට් අමාත්‍ය වරුන් සහ රජයේ බලධාරින්ගේද සහභාගිත්වයෙන් පවත්වන සංවාදයක්ද වේ. පෞද්ගික සමාගම් වල ප්‍රධාන පෙලේ විධායිකයින් විශාළ පිරිසකුත් ඊට සම්බන්ධවි සිටිය බව දක්නට ලැබුනි. මැලේසියාවේ අග්‍රාමාත්‍ය මහටීර් මොහම්මඩ් මහතාගේ අනුපාප්තියෙක් ලෙසින්ද සැළකෙන මැලෙසියන් දේශපාලනයේ ප්‍රවීන පුද්ගලයෙක් වන අන්වර් ඊබ්‍රහිම් මහතා අතින් අවශන් දෙසුම පිරිනැමුනි. එම සංවාසදයේ සම අනුග්‍රහකයෙක් වන නිරික්ෂණ පර්යේෂණ පදනමේ (Observer Research Foundation), (ORF), සභාපති, සන්ජොයි ජෝසි මහතා, එම සංවාදයෙන් විධිවිධාණවල් නැවත සකස්කොට ගැනිම සඳහා මෙන්ම රටේ මානව ප්‍රයත්නවල් වල රටාව නැවත ලිවිමකට අවශ්ථාව පිරිනැමුනු බව යයි සඳහන් කොට ඇත. නිරික්ෂණ පර්යේෂණ පදනමේ අධ්‍යක්ෂක, ආචාර්‍ය.සමිර් සරාන්ට අනුව, මෙවර රයිසිනා සංවාදයෙන් අවධානයට ලක්කෙරුනු වැදගත්ම දැය යුරෝපය (Europe) සහ යුරේසියාව (Europe) වු බව යයි සඳහන් කොට ඇත.
ඉන්දු – පැසිෆික් කලාපය යන විෂයද මෙම රයිසිනා සංවාදයේහි අවධානයට ලක්කෙරුනු මාතාකාව වි තිබුනි. එම විෂයට ඉන්දිය නාවික හමුදාපති, අද්මිරාල් සුනිල් ලන්බා සහ එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව යන රටවල් ඇතුලත් රටවල් ගණනාවක නාවික හමුදා කටයුතු බලධාරින්ද සම්බන්ධවි සිටිය බව දක්නට ලැබුනි. එම සාකච්ජා මධ්‍යයේ ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජය ගෝඛ්ලේගේ, ‘අසල්වැසියන් සහ ඊට ඔබ්බෙන්…ඉන්දිය විදේශ පිලිවෙත් වලට මැදිවිමට සිදුව ඇති අභියෝගවල්’ (India’s foreign policy challenges in the neighbourhood and beyond) යන තේමාවෙන් යුත් දෙසුමද බොහෝ දෙනාගේ අවධානයට ලක්කෙරුනු මාතෘකාව විය.
“ ලෝක රටාව නැවත සකස්කිරිම – නව ජ්‍යාමිතික, අනිෂ්ථිර හවුල්කාරත්වය, අනිෂ්ථිර විපාක ” (A world Re- Order-New Geometrics, Fluid partnerships: Uncertain outcomes), යන තේමාවෙන් පැවැත්වුනු මෙවර ‘රයිසිනා සංවාදයට’ රටවල් 92 කට අයත් නියෝජිතයින් සහ කථිකයින් 600 ක් ඇතුළුව 2000 ක් පමණ පිරිසක් සහභාගිවි සිටියෝය. එම සංවාදය ගැන තවදුරටත් කරුණු දැකුවු නිරික්ෂණ පර්යේෂන පදනමේ සභාපති, සංජොයි ජෝසිට අනුව, තුන් දින රයිසිනා සංවාදයෙන් ගෝලිය සාමයට අදාල නව පදනම් ගොඩනගා ගැනිමට මාර්ග පෑදුන බව යයි සඳහන් කොට ඇත.
බ්‍රිතාන්‍යයේ පුර්ව අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයර්, ඉතාලියේ ප්ුර්ව අග්‍රාමාත්‍ය පවුලෝ ජෙන්ටිලෝනි, කැනඩාවේ පුර්ව අග්‍රාමාත්‍ය ස්ටෙෆන් හර්ෆර්, ස්විඩිස් අග්‍රාමාත්‍ය කාර්ල් බිල්ට් සහ ඇෆ්ගනිස්තානයේ පුර්ව ජනාධිපති හමිද් කර්සයි ඇතුළුව ඉරානය, ඔස්ටේලියාව, ස්පාඤ්ඤය, මොංගෝලියාව, නේපාලය යන රටවල් රැසේ විදේශ කටයුතු අමාත්‍ය පිරිසද එම තුන්දින සමුළුවට සහභාගි වි සිටියෝය.
සිංගප්පුරුවේ ගෞරවණිය ‘සංගරිලා සංවාදයෙන්’ (Shangrila Dialogue) අනතුරුව ඉදිරියේදි රයිසිනා සංවාදයත් අතිශය වැදගත් සංවාදාත්මක වැඩසටහනක් වනු ඇතුයි කාගේත් අපේක්ෂාව වේ.සංගරිලා සංවාදයටද ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ගෙසට සහභාගි විය. එම සංවාදයෙන් ඔහු ඉන්දු – පැසිෆික් කලාපිය ගැන ප්‍රමුඛත්වය ලබාදිම සිදු කොට ඇත. එම විෂය රයිසිනා සංවාදයෙන්ද තවුදරටත් සාකච්ජා කෙරුනි.
මෙම සංවාදයේහි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරියද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කේන්ද්‍රිය ඉන්දිය විදේශ පිලිවෙත් ගැන මෙන්ම 2019 වසරේ නව මාර්ග දිසාව ගැනත් සැළකිල්ල දැක්විම සිදු කොට තිබුනාය. එක් පැත්තකින් එක්සත් ජනපදය, එස්ට්‍රේලියාව සහ ජපානය මෙන්ම තව පැත්තකින් රුසියාව සහ චින කඳවුර යටතේ ලෝක රටාව හැඩ ගැසිගෙන යන මධ්‍යයේ ඉන්දියාව කණ්ඩායම් දෙක සමගින් සහයෝගයෙන් කටයුතු කරගෙන යාමේ පිළිවෙත් අනුගමනය කරගෙන යයි. “සබ්කා සාත්, සබ්කා විකාශ්” (Sabka Saath Sabka Vikas) හෙවත් “සැම දෙනා සමගින් සැමගේ සංවර්ධනය” යන මොද්ිි මහතාගේ දර්ශණය ඇය මෙහිදි අවධාරණයට ලක්කොටදි තිබුනාය.

පිටපත : නාවෝදය ටයිම්ස් පුවත්පත් ආයතනයේ, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සංස්කාරක, රන්ජිත කුමාර් ගෙන්