හාස්‍යජනක චීන විරෝධතාවය

පිටපත: ජවර්හලාල් නෙහරු විශ්ව විද්‍යාලයේ, නැගෙනහිර ආසියා මධ්‍යස්ථානයේ, සභාපති, මහචාර්‍ය.ශ්‍රිකාන්ත් කොන්දපල්ලි ගෙන්
ඊසානදිග ඉන්දිය, අරුනාචල් ප්‍රදේශ් (Arunachal Pradesh) ප්‍රාන්තයේ, තවංග් (Tawang) ප්‍රදේශය ප්‍රාන්තයේ අනිතුක් ප්‍රදේශ සමගින් යා කරවා ගැනිමට සේ ලාහි (Se La) ගොඩනැගිමට යන උමං මාර්ග ඉඳිකිරිමේ ව්‍යාපෘතිය විවෘත කිරිමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊසානදිග ඉන්දිය එම ප්‍රාන්තයට කල චාරිකාවට චිනය දැක්වු විරෝධතාවය නිතැතින් අපෙක්ෂා කල හැකි දැයකි. එම ප්‍රතිචාරය අළුත් දැයක් නොවන ගමන්ම චීනය යුගයක සිට සිරිතක් වශයෙන් එම චාරිත්‍රය කරගෙන යයි.
දශක ගණනාවකට ඉහතදි අරුනාචල් ප්‍රදේශය ප්‍රාන්ත රාජ්‍යක් ලෙසට පත්වුදා සිට චිනය එවැනි විරෝධතා පළකරගෙන ගොස් තිබුනු අතරට ඉන්දියාවට එය අළුත් දැයක්ද නොවේ. මෝදි මහතා, 2015 වසරේ පෙබරවාරි මස දුම්රිය පොළක් සහ බලශක්ති ව්‍යාපෘතියක් විවෘත කිරිමට අරුනාචල් ප්‍රදේශයට සංචාරයකට නිරතවිය. එම සංචාරයටත් තම දැඩි විරෝධතාවය පළ කල චින නියෝජ්‍ය විදේශ අමාත්‍ය වරයා, ඊට “දැඩි නොසෑහිම සහ දැඩි විරෝධයද” පළකොට තිබුනි. එයින් නොනැවතුනු චිනය පෙයිජිංහි ඉන්දිය තානාපති වරයාව කැඳවා එම චාරිකාව සම්බන්ධ එරටේ දැඩි නොසෑහිම පලකිරිම සිදු කොට ඇත. 2017 වසරේදි සිදුවුනු දළයි ලාමා තුමන්ගේ අරුනාචල් ප්‍රදේශ් චාරිකාවටද චිනය තම විරෝධතාව දැක්වුවාය. 2018 වසර සිදුවුනු අග්‍රාමාත්‍ය මෝදි එම ප්‍රාන්තයට සිදුකල අනිත් චාරිකාවටද චිනය විරෝධය දක්වා ඇත. 2008 වසරේදි සිදුවුනු එවක ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අරුනාචල් ප්‍රදේශයේ තවංග් ප්‍රදේශ චාරිකාවේදි ඔහු ඉන්දිය ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුක්‍රමයේ අගයන් විදහා දැක්වමින් ප්‍රාන්තයේ නියෝජිතයින් දෙදෙනෙක් පාර්ලිමෙන්තුවේහි නියෝජනය කරවන බව පෙන්වාදි ඇත. “එයින්ම අරුනාචල් ප්‍රදේශය ඉන්දියාවට අයිති නොවන කොටසක් යන වග නොහඟ වන බව” ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. එම සිද්ධියටත් චිනය තම කණගාටුව පළ කොට තිබුනාය.
2016 වසර ඔක්ටෝබර් මස ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය වරයාගේ ආරාධනය යටතේ එවක එ.ජ. තානාපති රිචර්ඩ් වර්මා අරුනාචල් ප්‍රදේශයට චාරිකාවකට නිරත විය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේනතුව, 1962 වසර ගණන් සිට McMahon Line රේඛාව ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකේ දේශසිමාව ලෙසින් නිර්ණයට ලක්කරමින් එය දේශසිමාව ලෙසින් පිළිරැගෙන ඇත. එතැන් පටන් චීනය ඊට තම විරෝධතා පලකිරිම් මුල්පුරා ඇත. අරුනාචල් ප්‍රදේශයේ ස්වෛරියභාවයට ජපන් විදේශ කටයුතු අමාත්‍ය තරෝ අසෝ (Taro Aso), දැක්වු තම ආකල්පයටද පෙයිජිං දැඩි ලෙසින් තම විරෝධතාවය පලකරමින් එය ඉන්දිය පක්ෂ ප්‍රකාශයක් ලෙසින් පෙන්වාදි ඇත.
අනිත් අතට චීනයට අරුනාචල් ප්‍රදේශය සමබන්ධයෙන් කල හැකි දැයක් නොමැත. එම ප්‍රදේශයට සංචාර කරන පිරිසව නොසතුටට පත්කිරිම හුදු එරටේ ඉල්ක්කයද වේ. චිනය එම ප්‍රදේශයේ වැසියන්ට විසා දීමත් බැහැර කරයි. එම ප්‍රාන්තයේ පුර්ව ප්‍රාන්ත අමාත්‍ය වරයෙකුට චිනයට සංචාර කිරිමට අවශ්‍ය වුවද එම කාර්‍යයද සිදු නොවුනි.
කෙසේ නමුදු, චීනය අරුනාචල් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට ස්ටැපල්ඩ් විසා (stapled visas) නිකුත් කරයි. 2009 වසරේ නිවේදනයකින් පැහැදිළි කිරිමක් සිදුකල ඉන්දිය රජය ස්ටැපල්ඩ් විසා සහිත ඉන්දිය විදේශ ගමන් බලපත් රටින් පිටවිමට වලංගු නොවන බව යයි තවදුරටත් අවධාරණය කොට ඇත.
චිනය අරුනාචල් ප්‍රදේශයේ වැසියන්ට ස්ටැපල්ඩ් විසා පිරිනැමිමෙන් විවිධාකාර දුෂ්කරතා සහ බළාපොරොත්තු සුන්කර ගැනිම වැනි පසුබිම් වලට මැදිවිමටද සිදුව ඇත. කරාටේ ක්‍රීඩකයින් පිරිසක් 2011 වසර චිනයේ පැවැත්විමට තිබුනු තරඟයකට සහභාගිවිමට තිබුනු නමුදු දිල්ලි ගුවන් තොටුපොලේදි ඔවුන්ට රටින් පිටවිමට ඉඩදි නොලැබිමකින් අගනා අවශ්ථාවක් මගහැරුනි. 2012 වසරේදිත් බර ඉසිලිමේ තරඟයකට සහභාගි විමට තිබුනු අරුනාචල් ප්‍රදේශයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් පිරිසකට එවැනි හා සමාන බාධකවල් වලට මැදිවිමට සිදුවි ඇත.
2014 වසර ලෝක් සභා මැතිවරණ ව්‍යාපාරයකට සහභාගිවිම සඳහා මෝදි මහතා අරුනාචල් ප්‍රදේශයේ පසිගාත් ප්‍රදේශයට කල චාරිකාවටද වක්‍රාකාරව ඊට විවේචන එල්ල කරමින් චිනය තම කලාපයේ අසල් වැසියන් අතරේ සුරක්ෂාවට සහ සාමයටද තර්ජන එල්ලකෙරෙන “ව්‍යාප්තකරණ ආකල්ප” හුවා දැක්විමේ ප්‍රයත්නයන්හි නිරත විමක් විදහා දක්වා ඇත. ඔහු 2014 වසරේදි බලයට පත්වු විගස වුවද, “එක චින” (one China) පිළිවෙතටම කැපවිම් දක්වමින් චිනය සමගින් ක්‍රියාශිළි ඉහල මට්ටමේ ගණුදෙනු පවත්වාගෙන යාම සිදු කොට ඇත. ඒ අතරම දේශසිමා ප්‍රදේශ අවට නැවත ජනාවාස පිහිටුවිම, නවින ගුවන් තොටුපොළවල් ඉඳිකිරිම සහ ගුවන්යානා ගොඩ බැස්විමේ පහසුකම් වල තත්වය ඉහලනැංවිම් වැනි ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු නොකඩවාම ක්‍රියාත්මක කරගෙන ගියේය.අරුනාචල් ප්‍රදේශයට දැන් නවින ගුවන් හමුදා කඳවුරු තුනක් ඇත.
අරුනාචල් ප්‍රදේශයට ප්‍රතිවිරුද්ධ දිසාවේහි පිහිටා ඇති ටිබෙට් නියිංකි (Tibetan Nyingqi) ප්‍රාන්තයේහි හමුදා සැපයුම් කාර්‍යන් ඉහල නංවාගෙන යන මධ්‍යයේ මේ සෑම වර්ධනයක්ම සිදුව ඇත. පාලක BJP පක්ෂය ප්‍රධානත්වයෙන් යුත් NDA සන්ධාන රජය චිනය සමගින් දේශසිමා ප්‍රශ්ණ සාමාකාමිව විසඳා ගනිමින දේශසිමා කලාපය සන්සුන්ව තබා ගැනිමට නිරන්තරව ප්‍රයත්නයකට නිරතවි සිටි.
මෝදි මහතා සහ ජනාධිපති ෂි ජින්පිංග් අතර 2018 වසර අප්‍රේල් මස වුහාන්හි (Wuhan) අතිශය සාර්ථක ශිඛර හමුවක් පවත්වා ගැනිමට හැකිව තිබියදි පෙයිජිං පරිපාලනය අරුනාචල් ප්‍රදේශ් ප්‍රශ්ණය ඇද ගැනිම නවදිල්ලියට අනුව කිසිසේත්ම යුක්ති සහගත දැයක් නොවුනු බවය. තම ස්වෛරියතාවය රැක ගැනිමට ඉන්දියාව සෑම දැයකටම සූදානම්ය. දෙරට අතරේ මතභේදාත්මක කලාපයක් ලෙසින් හඳුන්වා දියහැකි අක්ෂයි-චීන් (Aksai Chin) ප්‍රදේශය අවට චීනය සිදුකරගෙන යන හමුදා පහසුකම් ඉඳිකිරිම් කටයුතුද අතිශයෙන් සැළකිල්ලට ලක්කොටදිය යුතුවේ. සාමකාමි සහ සන්සුන් ඉන්දිය – චින දේශසිමා ප්‍රදේශයක් පවත්වා ගෙන යෑමේ තම නායකයින් දුන් කැපවිම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගැනිමට චීනය සහතික විය යුතුය.