ඉරානය: මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විප්ලවවාදී ආරක්ෂකයින් 27 දෙනෙක් මරුට

දකුණු ඉරානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ සාමාජිකයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමිනි ප්‍රහාරයෙන් 13 දෙනෙකු තුවාල ලැබීය.

බෝම්බකරු පාකිස්ථානය සමඟ මායිම අසල පිහිටි සිස්ටාන් – බලුවිස්තාන් පළාතේ හමුදා පිරිස් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක් ඉලක්ක කර ඇත.

හමුදා භටයින් මායිම් මුර සංචාරයේ සිට ආපසු පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව ආරක්ෂකයින් ප්‍රකාශ කර තිබේ.

සුන්නි මුස්ලිම් සටන්කාමී කණ්ඩායමේ ‘ජායිෂ් අල්-ඇඩ්ල්’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාරගෙන තිබේ.