බොකෝ හරාම් ත්‍රස්තවාදීන් නයිජීරියාවේ ආණ්ඩුකාරවරයාගේ කණ්ඩායමට පහර දෙයි. 4 ක් මරුට

නයිජීරියාවේ, බොකෝ හරාම් ත්‍රස්තවාදීන් විසින් බෝනෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කෂිම් ෂෙට්ටිමාගේ කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර හතරදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වන දික්වා නගරය අසල සැඟවී සිට ප්‍රහාරය එල්ල කල බව කණ්ඩායම සමග ගමන් කරමින් සිටි සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා සාමාජිකයෙක් කියා සිටියේය.

ආණ්ඩුකාර ධුරය හෙබවන ෂෙට්ටිමා ඔහුගේ අනුප්‍රාප්තිකයා වන බබගානා උමරු සමඟ ගමන් කරමින් සිටියේය. දෙදෙනාම ප්‍රහාරයෙන් තුවාල නොලැබූහ.