කාලොචිත සමයක සිදුකෙරෙන ඉන්දු-එක්සත් ජනපද සංවාද

ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් විසඳුම් සොයා දිමට දෙරටටම නොහැකිවි තිබෙන සමයක ඉන්දු-එක්සත් ජනපද නව වන ආරක්ෂක සහ උපායමය සංවාදය (security and strategic dialogue) පවත්වා ඇත. ඉරානයට සහ එක්සත් ජනපදයට එරෙහිව එක්සත් ජනපදය ගෙනයන සම්බාධ සහ ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට ලබාදි තිබෙන සහන ඉදිරියට ගෙනයාම, GSP හෙවත් ජෙනරලයිස් සිස්ටම් ප්‍රිෆරෙන්සස් (Generalized System of Preferences) ලයිස්තුවෙන් ඉනදියාව ඉවත් කිරිමට එ.ජ. රැගත් තීරණය, වෙනිසුවේලාවෙන් තෙල් මිළදි නොගෙනිමට ඉන්දියාවට බලපෑම් සිදු කිරිම, නොකඩවාම සිදුවේගෙන යන වෙළඳ පරස්පරතා සහ H1B visa පද්ධතියට අදාල ප්‍රශ්ණත් දෙරට අතර පවතින අතිශය සංවේදිය විෂයන් බවට පත්ව ඇත.

මෑතදි සිදුවුනු ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජය ගෝඛ්ලේ මහතාගේ වොෂින්ටන් ඩි සි සංචාරය අතරතුර ඔහු එම විෂයන් සම්බන්ධයෙන් එ.ජ. ආයුධ පරිපාලන සහ ජාත්‍යන්තර සුරක්ෂා (Disarmament and International Security Division) කටයුතු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් අන්ඩ්‍රෙයා ටොම්සන් සමගින්  ද්විපාර්ශ්වික සුරක්ෂා සහ උපායමය සංවාදය යටතේ සැළකිල්ල යොමුකොටදිම සිදු කොට ඇත.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරායුධ සහ ජාත්‍යන්තර සුරක්ෂා ඒකකයේ අතිරේක ලේකම්, ඉන්ද්‍ර මනි ප්නඩේගේ එක්සත් ජනපද චාරිකාව මධ්‍යයේ, එ.ජ. ආයුධ පරිපාලන, විමසුම් සහ යටහත් විම කටයුතු සහාය රාජ්‍ය ලේකම් ආචාර්‍ය. ඊලිම් ඩි.එස්. පොබලෙටේ අතර සිදු කෙරුනු තුන්වන ඉන්දු එ.ජ. ඉන්දු අභ්‍යාවකාශ කටයුතු සංවාදයෙන්ද (US-India Space Dialogue) දෙපාර්ශ්වය අතර පවතින එම වැදගත් විෂයන් ගැන සැළකිල්ල දැක්විම සිදු කොට ඇත.

අතිශය සුහද සහ මිත්‍රශිළිභාවය යටතේ සිදු කෙරුනු 9 වන එම ඉන්දු – එ.ජ. සංවාදයෙන් න්‍යෂ්ටික ව්‍යාප්තිකරණ මැදපවත්වා ගැනිම, එවැනි න්‍ය්ෂ්ටික අවි ආයුධ ත්‍රස්තවාදින් යටතට පත් නොවිම, ඉන්දියාවේ එ.ජ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාගාර  ගොඩනගාගෙන ඉන්දු-එ.ජ. සිවිල් න්‍යස්ටික සහයෝගිතා සහයෝගිතා ශක්තිමත් කරගැනිම සහ න්‍යෂ්ටික සැපයුම් කණ්ඩායමේ (Nuclear suppliers’ Group), (NSG), සාමාජිකත්වය දිනාගැනිමේ කාර්‍යයට නොකඩවාම එක්සත් ජනපදයේ සහයෝගය දිනා ගැනිම වැනි වැදගත් විෂයන් ගණනාවකට දෙරටම සැළකිල්ල දැක්විම සිදු කොට ඇත. අභ්‍යාවකාශ ක්ෂේත්‍රයෙන් එල්ලවිය හැකි තර්ජන සහ අභ්‍යාවකාශය සම්බන්ධව ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගිතා ගවේෂණ කිරිම වැනි විෂයන් වලටත් එම සාකච්ජා මගින් සැළකිල්ල දැක්විම සිදු කොට ඇත.

ජම්මු සහ කාහ්මිරයේ, පුල්වාමාහි CRPF ආරක්ෂක බලකායේ වාහන පේලියකට පාකිස්තානය සිට ක්‍රියාත්මක වේගෙන එන JeM හෙවත් ජයිස්-එ-මොහම්මඩ් (Jaish-e-Mohammad) ත්‍රස්තවාදි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් අතින් එල්ලවුනු මාරාන්තික ප්‍රහාර සිද්ධිය මධ්‍යයේ එම සංවාදය සිදුවිය. එම ප්‍රහාර සිද්ධියට විවෘතව හෙළා දක්වමින් ට්‍රම්ප් පරිපාලනය, තම රටේ භූමි වල ක්‍රියාත්මක වේගෙන යන ත්‍රස්තවාදි කඳවුරු වලට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසින් අනතුරු අඟවමින් එක්සත් ජනපදය විසින් සපයාදුන් F-16 ප්‍රහාරක යානා නීති විරෝධි ලෙසින් ඉන්දියාවට එරෙහිව යොදවා ගැනිම ගැනත් තම දැඩි නොසෑහිම පළකොට ඇත.

කෙසේ නමුදු, එම සංවාදය අතරතුර එ.ජ. විසින් සපයාදුන් F-16 ප්‍රහාරක යානා පාකිස්තානය නීති විරෝධි ලෙසින් ඉන්දියාවට එරෙහිව යොදවා තිබිමේ සිද්ධිය ගාවා තිබුනද නැද්ද යන්න ගැන මෙන්ම ඉන්දිය විදේශ කටයුතු ලේකම් වරයා එම කාරණය සාකච්ජා වලට ඇතුලත් කරගෙන තිබුනද යන්න ගැන අපහැදිලිය. එම සාකච්ජාවෙන් අනතුරුව පිරි නැමු ප්‍රකාශන මගිනුත් එම විෂයට ඒ තරම්ම සැළකිල්ල දැක්විමක් සිදුව නොමැත. කෙසේ නමුදු, ට්‍රම්ප් පරිපාලන තම ආර්ථික සහයෝග නොමග විධියෙන් යොදවා ගැනිම ගැන මෑතදි සිට පාකිස්තානයට නොකඩවාම දැඩි ක්‍රියාමාර්ග ගැනිම ආරඹකර ඇත.

කෙසේ නමුදු, එක්සත් ජනපදයේ එම පියවරවල් මගිනුත් ත්‍රස්තවාදින්ට සහයෝගය දැක්විමේ පිලිවෙත් අත්හැර දෙමිමට පාකිස්තාය සූදානම් වන බවක් දක්නට නොමැත. මෑතදි පුල්වාමාහි සිදුවුනු ත්‍රස්තවාද ප්‍රහාර, ඇෆ්ගනිස්තානයට නොකඩවාම මැදිවිමට සිදුවන ත්‍රස්තවාද ප්‍රහාර මෙන්ම දකුනු ආසියාවේ එක්සත් ජනපද සහ ඉන්දිය අවශ්‍යතා වලට එල්ලවන තර්ජන මගිනුත් පසුබිම ගැන නිවරදි චිත්‍රයක් පිරිනමයි.

දකුණු ආසියා ත්‍රස්තවාද මර්දන කාර්‍යන්ට චිනය සහයෝගය නොදැක්විම විශාල ප්‍රශ්ණයක් ලෙසින් ඉන්දියාව පෙන්වා දෙයි. තම ෂින්ජියං කලාපයේ ප්‍රශ්ණ ගැන සළකා බලමින් පෙයිජිං පරිපාලනය, එ.ජා.සං. ආරක්ෂක මණ්ඩලය අනුග්‍රහයෙන් මසුද් අජාර්ව “ත්‍රස්තවාදියෙකු ලෙසින් හංවඩු ගැසිමේ” (UN designated terrorist) ප්‍රයත්නයටද සහයෝගය දැක්විමකින් වැළකි සිටි.

ඉන්දු – එ.ජ. වෙළඳ ප්‍රශ්ණයත් විසඳා ගතයුතු ඉතාමත්ම වැදගත් කාරණයක් වේ. දෙරටේ ආරක්ෂක සහ සුරක්ෂා සහයෝගිතා නාමයෙන් දෙරටේ වෙළඳ පරත්රත් සුහදව විසඳා ගතයුතු වේ.

වානේ සහ එළුමිනියම් එරෙහිව තිරුබදු ඉහළ නැංවිම, H1B visa සම්බන්ධයෙන් අනවශ්‍ය තහංචි පැනවිම, බුද්ධිමය දේපොල් අයිතිවාසිකම් ප්‍රශ්ණයට ඉන්දියාවට බලපැම් සිදුකිරිම, GSP හෙවත් ජෙනරලයිස් සිස්ටම් ප්‍රිෆරෙන්සස් (Generalized System of Preferences) ලයිස්තුවෙන් ඉනදියාව ඉවත් කිරිමට බලපෑම් සිදුකිරිම වැනි විෂයන්ද නිතැතින් විසඳුම් සොයාගතයුතු ප්‍රශ්ණ වෙති. කෙසේ නමුදු, එම ප්‍රශ්ණ මගින් අමෙරිකානු US $ බිලියන 5 ක් පමන වටිනා ඉන්දිය අපනයන තොගයකට බලපෑම් එල්ලව ඇත.

මේ සෑම ප්‍රශ්නයකටම කාලෝචිත විසඳුම් සොයා දිමට පරිණත සංවදවල් අතිශයෙන් අතයවශ්‍ය වේ. ඉන්දු – එ.ජ. ආරක්ෂක සහ උපායමය සංවාදයත් සමගින් ආර්ථික සහ සුරක්ෂා ක්ෂේත්‍රයේ  සංවාදයත් සිදුවිමට නියමිතය. එය දැන් සමකාලින ගෝලිය රටාවේහි අතිශය වැදගත් සංකේතාත්මක දැයක් බවටද පත්ව ඇත.

පිටපත: JNU විශ්ව විද්‍යාලයේ, මහාචාර්‍ය උප කුලපති සහ අමෙරිකානු කටයුතු අධ්‍යයන මධ්‍යෂ්ථානයේ සභාපති, මහචාර්‍ය. චින්තමනි මහපත්‍ර ගෙන්