ප්‍රජාතන්ත්‍රවාදයේ උත්සවය ඉන්දියාවේ ආරඹ වෙයි

ඉන්දියාව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාද කාර්‍යයක දැන් නිරත වි සිටියි. මිලියනයකට වඩා ඡන්දදායකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ ඇරැඹුනු එම දැවැන්ත මහ මැතිවරණය, එම කාර්‍යෙයේ ‘මව’ ලෙසින්ද පිලිගනියි. මුළු රටපුරාම ප්‍රාන්ත රාජ්‍යයන් 18 සහ මධ්‍ය රජයේ බල ප්‍රදේශ 2 ට අයත් ලොක් සභා ඡන්ද කොට්ඨාශ 91 ක එම අදියරය යටතේ ඊයේ ඡන්ද ප්‍රකාශ කිරිම සිදු විය. සිදුවුනු සාමාන්‍ය අනවශ්‍ය සිදුවිම් ගණනාවක ගැන හැරුනු විට සමස්තයක ලෙසින් ගත් කල එම මැතිවරණ කාර්‍යය සාමකාමිව පැවැත්වුනි.  ලොක් සභා මැතිවරණයේ එම ප්‍රථම අදියරයෙන් 1,279 ක් පමණ ඡන්ද අපෙක්ෂකයින්ගේ ඉරනම ගැන නිර්ණය විමක්ද සිදු කෙරේ.

ඉන්දියාවේ එම දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාද කාර්‍යයේ ප්‍රථම අදියරයෙන් ඡන්ද ප්‍රකාශ කිරිමට වරම ලද සමස්ත ඉන්දිය මුළු මිලියන 900 ක පමන ඡන්දදායකයින්ගෙන් මිලියන 140 ක් පමන පිරිසක් ඊයේ තම ඡන්ද ප්‍රකාශ කොට තිබුනි. මිලියන 900 ක් යන්න එක්සත් ජනපදයේ මුළු ජනගහණයෙන් තුන් ගණයක්ද වේ. මෙම දැවැන්ත කාර්‍යය මධ්‍යයේදිම අන්ද්‍ර ප්‍රදේශ්, අරුනාචල් ප්‍රදේශ්, සිකිම් සහ ඔඩිසා යන ප්‍රාන්ත රාජ්‍ය රැසේ ප්‍රාන්ත සභා නියෝජිතයින්ව තෝරා පත් කොට ගැනිමේ කාර්‍යයද සිදුවිය. බටහිර බැංගාලයේහි පාලක තෘණමුල් කොංග්‍රස් (Trinamool Congres),s (TMC) පක්ෂය සහ භාරතිය ජනතා පක්ෂය (Bharatiya Janata Party), (BJP) කරට කර තරඟයක නිරිතවි සිටිය බව වාර්තා වන වාර්තා 81 % ක ඡන්දදායකයින් පිරිසකගේ සහභාගිත්වයක් දැක්වුනු බව වැඩිදුරටත් දැක්වේ.

ලොක්සභා (Lok Sabha) අසුන් 543 ට නියෝජිතයින් තෝරාපත්කොට ගැනිම සඳහා මෙම මැතිවරණය තව අදියර ගණනාවක යටතේ පැවැත්විමට නියමිතය. එය අප්‍රේල් 18, අප්‍රේල් 23, අප්‍රේල් 29, මෙයි 6, මෙයි 12 සහ මෙයි 19 දා යන දිනයන්හි පැවැත්විමට නියමිතය. ඡන්ද ගණන් කිරිම මෙයි 23 දා සිදු කෙරේ. මෙම මැතිවරණ කාර්‍යයේ ප්‍රථම අදියරය යටතේ මැතිවරණ පැවැත්වු ආසන 91  තත්වය යටතේ මැතිරණය යන දිසාවද නිර්ණය විය හැකි බව නිරික්ෂකයින්ගේ අදහස වෙති. දශක සතක තිස්සේ එය ඒ විධියෙන්ම පැවතිගෙන පැමිණි තිබුනු බව ඔවුන්ගේ අදහස වෙති. ඊයේ පැවැත්වුනු මැතිවරණ කාර්‍යන්හි පාලක පක්ෂයේ මෙන්ම විපක්ෂයෙත් ඉදිරිපෙලේ අපේක්ෂකයින් විශාළ සංඛ්‍යාවක් තරඟ වදි සිටිය බව දක්නට ලැබුනි.

මෙය ඉන්දිය පාර්ලිමේන්තු පහල මන්ත්‍රන සභාව (Lower House of Parliament) හෙවත් 17 වන ලොක් සභාවට නියෝජිතයින්ව තෝරාපත්කොට ගැනිමේ කාර්‍යද වේ. ඉන්දිය පළමුවන මහ මැතිවරණය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදි ජනරජයක් බවට පත්වි හරියටම වසර පහකින් අනතුරුව 1952 වසරදි පැවැත්විය. ඉන්දිය විශාළ උපමහද්විපයක් වන හෙයින් මෙන්ම මැතිවරණ කටයුතු සාධාරණ සහ නිදහස් විධියෙන් පවත්වා ගත යුතු හෙයින් අදියරයෙන් අදියරයට පැවැත්විමට සිදුව ඇත.

අග්‍රාමාත්‍ය මෙන්ම බි.ජෙ.පි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික මෙන්ම නායකයෙක්ද වන නරේන්ද්‍ර මෝදි මහතා, විපක්ෂයේ ප්‍රධානියා මෙන්ම කොංග්‍රස් පක්ෂයේ සභාපති රහුල් ගාන්ධි ඇතුළුව දේශපාලන කණ්ඩායම් රැසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ අවශාන මොහොතේදිත් ඡන්දදායකයින්ව ආකර්ශණ කරගැනිමේ කාර්‍යන්හි නොකඩවාම නිරතවි සිටිති. මෙවර මැතිවරණයේත් පසුගිය දශකයක සිට ක්‍රියාත්මක කරගෙන පැමිණිය NOTA විකල්පය හෙවත් ඡන්ද ප්‍රකාශ කිරිමේ යන්ත්‍රයේ ඉහත දැක්වෙන අපේක්ෂකයින් සහ පක්ෂ (None of The Above) වලට මගේ ඡන්දය නොදෙමි යන වරම භාවිතා කිරිමේ බොත්තම භාවිතා කිරිමට මෙවරත් ඉඩ ලබාදිම වේ.

මැතිවරණ නිරික්ෂකයින්ට සහ විශේෂඥන්ට අනුව, මෙම ලෝක් සභා මැතිවරණය තවත් විධියකින් සමාජ ජාලා යුද්ධයකට පෙරළිගොස් තිබෙන බවය. යටගිය මැතිවරණ සමයන්ට වඩා ඡන්දදායකයෝ මෙන්ම දේශපාලන පක්ෂ කණ්ඩායමුත් එකනෙකාගේ අදහස් උදහස් සහ මතිමතාන්තර බෙදා හදා ගැනිමට WhatsApp, Facebook, Twitter, TikTok සහ Instagram වැනි සමාජ ජාලා වැඩි වැඩියෙන් යොදවා ගැනිම සිදු කොට ඇත. මේ නිසාම ඉන්දිය මැතිවරණ කොමිසම මැතිවරණ සම්බන්ධයෙන් සමාජ ජාලය යොදවා ගැනිම සම්බන්ධව මාර්ගෝපදේශක මාලාවක් ප්‍රකාශයට පත් කොට ඇත.  

මිලඟ රජය ගොඩනගා ගතහැකි වන්නේ කුමන පක්ෂයට හෝ දේශපාලන සන්ධානයට යන්න ගැන නිර්ණය මෙයි 23 දා නිකුත් කෙරෙන මැතිවරණ ප්‍රතිඵලයත් සමගින් දැකගත හැකිය. ඡන්ද ප්‍රකාශ කිරිම හැරුනු විට මෙම මැතිවරණ කාර්‍යයෙන් ජාතික සුරක්ෂාව, රැකියා, ගොවියන්ගේ දුක් ගැනිවිලි සහ දුප්පතුන්ගේ සුබසාදනය වැනි අතිශය වැදගත් විෂයන් ගණනාවකට සැළකිලි යොමුකිරිමද සිදු වේ.

පිටපත: දේශපාලන කටයුතු අංශයේ විග්‍රහක,සුනිල් ගටාඩේ ගෙන්