අයි එම එෆ් ඉන්දිය ආර්ථික වර්ධන කථාන්තරයට ප්‍රශංසාවට ලක් කරයි

සුගිය වසර පහ අතරට ඉන්දිය ආර්ථික වර්ධන රිද්මය 7 %  න් ඉක්මවා යෑමක් පෙන්නුම් කොට ඇත. මෙවැනි පසුබිමකින් ඉන්දියාව ලෝකයේ අතිශය වේගවත්ව වර්ධන වේගෙන යන ආර්ථිකයක් බවට පත්විමට ඉඩ ගෙනදි ඇත. රටවල් ගණනාවකට මැදිවිමට සිදුවුනු ආර්ථික වර්ධන මන්දගාමිත්වය, ගෝලිය ආයෝජිකයින්ට මැදිවිමට සිදුවුන අවදානම්ශීළි තත්වය, වෙළඳ ආරක්ෂණ වාදය සහ බ්‍රැක්සිට් පසුබිමින් මතුවුනු අනිශ්ථිරතා වැනි සිදුවිම් ගණනාවක් මධ්‍යයේ එම වර්ධන රිද්මය සිදුව ඇත. එය අතිශය පිලිගැනිමට ලක්කොට දිය යුතු කරුණක් ලෙසින් බොහෝ දෙනාගේ පිලිගැනිම වෙති. මෑතදි පලකොට තිබුනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයේ (IMF) වාර්තාවක යටතේ ඉන්දිය ආර්ථික වර්ධන රිද්මයට අතිශය පිළිගැනිමට ලක්කොට දෙමින් 2019-2020 මුල්‍ය වසර අතරතුර එය 7.3% ට වඩා ඉහලින් ඉහල නැංවෙන බව යැයි තවදුරටත් අනාවැකි පළකොට ඇත. ඉන්දියාවට ලැබෙන ආයොජන සංඛ්‍යාවත් සාමාන්‍ය මට්ටමින් ඉහළ නැංවෙන බව එම ප්‍රකාශණයෙන් තවදුරටත් පෙන්නාදි ඇත. ඉන්දියාව පසුගිය වසර කිහිපය අතරතුර ක්‍රියාත්මක කරගෙන ගිය අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ පියවරවල් ගණනාවකින් එම ප්‍රගතිය සිදුකරදිමට ඉන්දියාවට හැකිවුනු බවයැයි IMF ආයතනය තවදුරටත් පැහැදිළි කොට ඇත. එම ප්‍රගතින් මධ්‍යයේ උද්ධමනය පාලනය යටතේ රඳවා තබාගනිමින් මුල්‍ය හිඟයත් ඉලක්කයක් යටතේ රඳවා තබා ගැනිමට හැකි වුවාය.

ඉන්දිය ආර්ථික ප්‍රතිසංස්කරන කාර්‍යන්ට දේශිය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වෙළඳ සහ ආර්ථික විශේෂඥන්ගේත් නොමඳ පැසැසුමට ලක්වි ඇත. 2017 වසර ජුලි 1 දා මධ්‍යම රාත්‍රිය සිට නිල මට්ටමින් ක්‍රියාත්මක කල ජි එස් ටි (GST),  හෙවත් භාණ්ඩ සහ අයබදුකරණයෙන් (Goods and Services Tax) ඉන්දිය ආර්ථික වර්ධන රිද්මයට අතිශය ධනාත්මක බලපෑම්මක් සිදුකෙරුනු යයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානය පෙන්වාදි ඇත. එය හුදු එක රටකට එක වෙළඳ පොලක් යන සිද්ධාන්තය ගොඩ නගා ගැනිමට ආධාරවුනු පමණක් නොව අතිශය විශාළ ප්‍රජාතාන්ත්‍රිය රාමුවක මෙන්ම සහයෝගාත්ම ෆෙඩරල් පාලන රාමුවේහි සිදු කරන ලද අතිශය සාර්ථක අත්හදා බැලිමක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. අනතුරුව ඉන්දියාව විසින් හඳුන්වා දෙන ලද බංකලොත්තු භාවය සහ බැංකු බංකලොත්තු නීති පද්ධතිය යටතේත් වඩාත් පහසුවෙන් ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනයාමට අවශ්ථා ගෙනදි ඇත.

ආනයන කටයුතු  වඩාත් පහසුව කරගෙන යාමට කෙවල කවුළුවක් හඳුන්වාදිම සහ වඩාත් පහසුවෙන් ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනිම සහ ඊට යෝග්‍ය පසුබිමක් ගොඩනගා ගැනිමට ඉඩ ලබා දිමෙන්ද ඉන්දිය ආර්ථික වර්ධනය ඉදිරියට ගෙනයාමට අතිශයෙන් ආධාරකාරිවි ඇත. භාණ්ඩ මිලදි ගැනිම්, ගෙවිම් සහ මුල්‍ය හුවමාරුව ඩිජිටල්කරණය කිරිම සහ එයින් සිදු කෙරෙන වාසින් ගැනත් මහජනතාව අතර දැනුවත් කිරිමකින්ද වඩාත් වේගවත්ව ගනුදෙනු පවත්වා ගැනිමට මාර්ගය පෑදි ඇත. මෙයින් විවිධාකාර මුල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ වංචා සහ ප්‍රෝඩාවල් පහත දමා ගැනිමටද ඉන්දියාවට හැකිව ඇත. ලෝක බැංකුව (World Bank) සහ ඒ ඩි බි  (ADB)  හෙවත් ආසියානු සංවර්ධන බැංකුව (Asian Development Bank ) (ADB)  වැනි අනිකුත් ජාත්‍යන්තර බැංකු ආයතනත් ඉන්දිය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි ගැන මෙන්ම ඒවායේ ශක්තිමත් පදනම ගැනත් අතිශය ප්‍රශංසා පිරිනමා ඇත. ලෝක බැංකුවේ වඩාත් පහසුවෙන් ව්‍යාපාර කිරිමට අවශ්ථා ගෙනදෙන රටවල් නාම ලයිස්තුවේහි 2016 වසරේ තිබුනු 130 වන ස්ථානයෙන් 2018 වසර ඉන්දිය ස්ථානය 77 වන ස්ථානයේහි රඳවමින් ස්ථාන 55 න් ඉහල නැංවිමක් සිදුකොට ඇත. මේ සෑම ප්‍රගතියක්ම බහුමුහුණවරකින්යුත් සහ මුල්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිලිවල් වල ප්‍රතිඵලම වේ.  

ඉන්දිය එම ආර්ථික වර්ධන රිද්මය නිතැතින් ප්‍රිති ප්‍රමෝදය ගෙනදෙන කරුනක් ලෙසින් ජාකයන්තර මුල්‍ය අරමුදල සංවිධානය පෙන්වාදි ඇත. කෙසේ නමුදු එම වර්ධන රිද්මය බිඬ නොදමමින් ඉදිරියට ගෙනයායුතු බව ප්‍රකාශ කරමින් එම ජාත්‍යන්තර බැංකුව තරම ප්‍රවේශම්ශිළිව කටයුතු කිරිමේ අවශ්‍යතාවයට සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. විශේෂයෙන්ම බැංකු ඇතුළුව වාසි නොලැබෙන ආයතන වසා දෙමිම් රජයේ මහජන බැංකු වැඩි වැඩියෙන් සේවයේහි යොදවා ගැනිම් වැනි කරුනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයේ අවධානය සහ සැළකිලි යොමුවි ඇත. රජයෙන් පිරිනමාගෙන යන සහනදායි දිමනා පාලනය යටතේ ක්‍රියාත්මක කරගෙන යාමේ අවශ්‍යතාවයටද එම ජාත්‍යන්තර බැංකුවේ සැළකිලි යොමවි ඇත.

පිටපත: අයි ආර් එස් (IRS) අධ්‍ය්‍යන ආයතනයේ ජෙෂ්ඨ ආර්ථික විශ්ලේෂක. සත්‍යජිත් මොහන්ති ගෙන්