උතුරු කොරියානු අවි අත්හදා බැලිම්:වොෂින්ටනයට දෙන සඥවක් ද ?

ප්‍රජාතන්ත්‍රවාදි මහජන කොරියානු ජනරජයේ (Democratic People’s Republic of Korea) (උතුරු කොරියාව), KCNA හෙවත් උතුරු කොරියානු නිල ප්‍රවෘත්ති ඒජන්සිය North (Korean News Agency) උතුරු කොරියාව පසුගිය සතියේ ගයිඩඩ් අවි (guided weapon) පද්ධතියක් අත්හදා බැලු යැයි ප්‍රකාශ කොට ඇත. කෙසේ නමුදු අත්හදා බලන ලද එම අවි වර්ගය අන්තර් මහද්විප බැලිස්ටික් මිසයිල් පද්ධතියක් නොවන නමුදු අතිශය නවින අවි පද්ධතියක් ලෙසින්  KCNA නිල පුවත් සේවාව පෙන්වාදි ඇත. එය නිතැතින් ඇමරිකාව දක්වා ලඟා විය හැකි දීර්ග පරාසිය අවි වර්ගයක් නොවන බව වැඩිදුරටත් හැඟවේ.

එම නවින අවි පද්ධතිය අත්හදා බලමින්ම උතුරු කොරියානු න්‍යෂ්ටික අවි සම්බන්ධ සාකච්ජාවේහි එක්සත් ජනපදයේ නියෝජිතයා වන මයික් පොම්පියෝව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ධුරයෙන් ඉවත් කොට දමන ලෙසින් උතුරු කොරියාව එක්සත් ජනපදයට තවදුරටත් බලකර සිටි. මෙවැනි උපායමය ක්‍රමවේදවල් යටතේ මෙම ගනුදෙනුවේහි එක්සත් ජනපදයට වඩා තම ඒකාධිකාරත්වය තහවුරු කරගැනිමට උතුරු කොරියාවට සෑහෙන දුරට හැකිවුවාය.

ධවළ මන්දිරය ඊට තරමක මෘදු සහ ප්‍රවේශම්දායි ප්‍රතිචාරයක් පිරිනමමින් දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සංවාදාත්මක පියවරවල් කිසිසේත් අතර මැද ඇනහිටුමකට මැදි නොකරවමින් ඉදිරියට ගෙනයාමේ ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාව විදහා දැක්විම සිදුකොට ඇත.

වියේට්නාමයේ අගනගර හැනොයිහි 2019 වසර පෙබරවාරි මස පවත්වන ලද දෙවන කිම්-ට්‍රම්ප් ශිඛර හමුවේ අසාර්ථකය සමගින් උතුරු කොරියානු එම අවි අත්හදා බැලු සිද්ධිය ගැන වාර්තාව පලවිය. බොහෝ දෙනා එම හමුව ගැන අතිශය බළාපොරොත්තුවක් තැබු නමුදු අවාශනාවන්ත ලෙසින් එය අසාර්ථක වි ගියේය. එම අවි අත්හදා බැලිමේ සිද්ධිය එක විධියකින් තම දුන් ප්‍රතිඥාවන්හි ඇලි ගැලි සංවාදවල් ඇනනොහිටුවිමකට උතුරු කොරියානු නායකයා ජනාධිපති ට්‍රම්ප්ට එල්ල කරන ලද අනතුරු හැඟවිමේ වෙඩි ප්‍රහාරයක් ලෙසටද දක්නට ලැබේ. කිම් මහතා උතුරු කොරියානු නියෝජිතයින්ගේ මණ්ඩලයේහි අප්‍රේල් මස පිරිනමන ලද ඇමතුමකිනුත් 2019 වසර දෙපාර්ශ්වයේ ගනුදෙනුව සඳහා ලබාදි තිබුනු අවශන් කාලසිමාව ලෙසින්ද හුවා දැක්විම සිදු කොට ඇත.

2018 වසර සිංගප්පුරුවේහි  ජනාධිපති ට්‍රම්ප් සහ කිම් ජොං-අන් අතර සිදු වුනු ප්‍රථම ශිඛර හමුවෙන් ප්‍රකාශයට පත් කොට තිබුනු ජූනි 12 ප්‍රකාශණයට යටතේ, “කොරියානු අර්ධද්විපයේහි සදාකාලික සාමය සහ ස්ථාවර රෙජිමයක් උදෙසා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව ඒකාබද්ධව ප්‍රයත්නයන්හි නිරතවිමකට සහතික වෙමින්” ඊට හිලව්වක් ලෙසින් “ප්‍රජාතන්ත්‍රවාදි මහජන කොරියානු ජනරජය (DPRK) කොරියානු අර්ධද්විපය අංගසම්පුර්ණයෙන් න්‍යෂ්ටික මුක්ත කලාපයකට හරවා ගැනිමේ” ප්‍රතිඥාව පලකොට ඇත. කෙසේන නමුදු, සම්බාධ ඉවෝකොට දෙමිමට වොෂින්ටනය මැලිවිම, උතුරු කොරියානු සුරක්ෂාවට ගැන සහතිකයක් දිමට මැලිවිම මෙන්ම දකුණු කොරියාව සමගින් පවත්වාගෙන යන හමුදා අභ්‍යාස පහත දෙමිමට නොකැමැතිවිම් වැනි සිද්ධින් දැස බලමින් උතුරු කොරියානු රාජ්‍ය නායකයා ඇමරිකානු පිලිවෙත් ගැන තම දැඩි නෙසෑහිම ප්‍රදර්ශන කිරිම ආරඹ කොට ඇත.

මේ අතර එක්සත් ජනපද – උතුරු කොරියානු සංවදවල්හි න්‍යෂ්ටික ගනුදෙනුව ප්‍රධාන අංගයද වේ. මේ නිසාම මෙම ගනුදෙනුවේහි න්‍යෂ්ටික අවි මුක්තය ප්‍රධාන කොන්දේශිය ලෙසින් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කොට ඇත.

උතුරු කොරියාව 2017 වසර නොවැම්බර් මස සිදු කොට තිබුනු  Hwasong-15 අන්තර් මහද්විප බැලිස්ටික් මිසයිල්ස් අත්හදා බැලිමේ සිද්ධිය අනතුරුව තම එවැනි අත්හදා බැලිමේ කටයුතු මුළුමණින්ම අත්හිටුවා දමා ඇත. අනතුරුව 2018 වසර අප්‍රේල් මස ප්‍රකාශයක් නිකුත් කරමින් කිම් ජොං-අන් අන්තර් මහද්විප බැලිස්ටික් මිසයිල්ස් අත්හදා බැලිමේ කාර්‍යන් මුළුමන්නම අත්හිටවු බව යැයි වැඩිදුටත් සහතික කොට ඇත. එවැන් අවි වර්ග තමන්ට කිසිසේත්ම අත්‍යවශ්‍ය නොවන බව උතුරු කොරියානුන්ට ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. උතුරු කොරියාව එතැන් පටන් එවැනි අවි අත්හදා බැලිම් කාර්‍යන් සිදුකොට නොමැත.

ට්‍රම්ප් – කිම් ශිඛර හමුව ගැන විශාළ ජනමාධ්‍ය ප්‍රචාරයක් සිදුවු නමුදු එයින් සිදුවුනු වැදගත් යමක් පලවි නොමැත. මේ දැන් සිදුවුනු අත් හදා බැලිම් එක විධියකින් වොෂිනටනයට සිදුකරන බලපැම්මක් සෙටද දක්නට ලැබේ. එසේ නැත්නම් ආර්ථික සම්බාධ අත්හිටුවා දමන ලෙසින් කරන බලකිරිමක් ලෙසටද දක්නට ලැබේ. මයික් පොම්පියෝ වෙනුවට ජනාධිපති ට්‍රම්ප් සමගින් සෘජුව ගනුදෙනු පවත්වා ගැනිමේ උතුරු කොරියානු අපෙක්ෂා එයින් තවදුරටත් විදහා දැක්වේ.

හැනොයි ශිඛර හමුව අනපෙක්ෂිත විධියෙන් අතරමැද බිඬ වැටුනද එය කසිසේත්ම කිම් ජොං-අන් සහ තම අතර සිදුවුනු අවශන් හමුව ලෙසින් ජනාධිපති ට්‍රම්ප් හඟවා නොමැත. දෙදෙනා අතර ඉදිරියේදි හමුවිම් පැවතිය හැකි බව ඔහු විටින් විට හඟවා ඇත. කෙසේ නමුදු එවැනි හමුවක් සිදුවිමට පෙර උතුරු කොරියාවෙන් යම් කිසි වැදගත් යමක් අපෙක්ෂා කරයි. උතුරු කාරියානු නායක කිම් දැන් රුසියාවට චාරිකාවකට නිරතවිමට සූදානම්වි සිටි. එයත් අනාගතයේදි උත්ර් කොරියන්- ඇමරිකන් සාකච්ජාවන්හි නිතැතින් බලපෑම් සිදු කෙරේ. ස්ථාවර සහ සාමකාමි කොරියානු අර්ධද්විපය නවදිල්ලිය නිරන්තර අපේක්ෂාව වේ.

පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. රහුල් මිශ්‍ර ගෙන්