එක්සත් ජනපදය – ඉන්දියාව සහ ඉරානය සඳහා පිරිනැමු සම්බාධ සහන

ඉරානයෙන් තෙල් ආනයනය කරන රටවල් සඳහා පිරි නමා කිබුනු සහන පිලිවෙත ගැන මෙම සතියේ මුල ප්‍රකාශයක් පිරිනැමු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ එක්සත් ජනපදය ඉදිරියේදි එම සහන කාලසිමාව දීර්ග නොකරන බව යැයි තවදුරටත් සඳහන් කොට ඇත. එම සහන කාල සීමාව දිර්ග නොකිරිමකින් වැඩියෙන්ම ඉන්දියාව සහ චිනය යන රටවල් දෙකත් සමගින් එක්සත් ජනපදයේ මිත්‍ර රටවල් තුන වන ජපානය, දකුණු කොරියාව සහ තුර්කියට වැඩියෙන්ම බලපෑම් එල්ලකෙරෙනු ඇත. එම සහනයෙන් වාසි දිනාගන්නා ඉතාලිය, ග්‍රීසිය සහ තයිවාන් යන අනිත් රටවල් තුනත් එම රටවල් තුන විසින් ආනයන කරන තෙල් තොගය දැන් ශූන්‍යය දක්වා පහත හෙලා ඇත.

ට්‍රම්ප් පරිපාලනය ඉරාන න්‍ය්ෂ්ටික ගනුදෙනුවෙන් තම සාමාජිකත්වය ඉවත්කොට ගැනිමත් සමගින් ඉරානයව රාජ්‍යතාන්ත්‍රිකව සහ ආර්ථික මට්ටමින් කොන්කොට දෙමිමට ප්‍රයත්නයක නිරතවිය. කෙසේ නමුදු, ට්‍රම්ප් පරිපාලනය 2018 නොවැම්බර් මස සිට ඉන්දියාව ඇතුළුව තවත් රටවල් ගණනාවකට ඉරානයෙන් තෙල් ආනයන කිරිමට දින 180 න් යුත් සහන කාලසිමාවක් ලබාදි ඇත. එම කාල සිමාව මෙයි මස 2 දා වන විට අවශන්විමට නියමිතය. එක්සත් ජනපදයේ එම තීරණය අපෙක්ෂා කොට නොතිබුනු දැයක්ද නොවේ. එම විෂය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය, නවදිල්ලිය ට්‍රම් පරිපාලනය සමගින් එම ප්‍රශ්ණය ගැන ගනුදෙනු පවත්වාගෙන යන බව යැයි පෙන්වාදි ඇත. එම සහන කාල සිමාව දීර්ග කරගැනිමට මෙන්ම ඉරානයෙන් නොකඩවාම තෙල් ආනයන කරගැනිම ගැනත් ඉන්දියාව දැවැන්ත ප්‍රයත්නයක නිරතවි සිටියි. මෙවැනි පසුබිමක මධ්‍යයේ  වෙනත් රටවල් වලින් ආනයන කරගෙන යන බොර තෙල් අඛණ්ඩව ආනයන කරගැනිමට පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් කටයතු අමාත්‍යාංශය රටවල් ගණනාවක සමගින් සාකච්ජා කරගෙන යයි. යම් විධියකින් ඉන්ධන ප්‍රශ්ණයක් මතුවුවහොත් පිරිපහදුව සඳහා තෙල් පිරිපහදුගාර වල ගොඩගසාගෙන තිබෙන බොර තෙල් දේශිය අවශ්‍යතා සඳහා යොදවා ගත හැකි බව ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සංස්ථාව (Indian Oil Corporation), (IOC) ප්‍රකාශ කොට ඇත.

පසුබිමේහි තම ප්‍රතිචාර දෙන OPEC හෙවත් තෙල් අපනයන කරන රටවල් කණ්ඩායමට (Organization of Petroleum Exporting Countries), අයත් සව්දි අරාබියාව සහ එක්සත් අරාබි එමිරේටට ඇතුළුව අනිත් තෙල් අපනයන කරන රටවල් තෙල් හිඟයකට මැදිවුවහොත් තම නොමඳ සහයෝගය ලබාදිමකට ඉන්දියාවට සහතික කොට ඇත. මෙවැනි ප්‍රතිඥා මද්‍ය යේදිත් ජාත්‍යන්තර තෙල් මිල නොකඩවාම ඉහල නැංවි යාම සිදුව ඇත. මාස සයක සිට එය ඒ විධියෙන් ඉහල නැංවිගෙන ගොස් ඇත. තෙල් මිල ඉහල නැංවි යාමකින් ඉන්දිය මුල්‍යයට මේනම ජංගම ගිනුම් ශේෂයටද අතිශයෙන් බලපැම් ගෙනදිය හැකි වන අතරට එයින් උද්ධමනය ඉහල නැංවි ගොස් පාරිභෝගිකයින්ට විශාළ බරක් දැරිමටද සිදුවනු ඇත. ඉන්දියාව ඉරානයෙන් පමණක් නොව බටහිර ආසියාවේ අනිත් රටවල් ගණනාකින් තෙල් ආනයන කරගෙන යයි. වාර්ෂික කොන්ත්‍රාත්තු යටතේ තෙල් ආනයනය කරන හෙයින් අනිත් රටවල් වලට වඩා ඉන්දියාවට විශාළ බරක් දැරිමට සිදුවේ.

චීනයෙන් අනතුරුව විශාළ විධියෙන් වැඩියෙන්ම ඉරානයෙන් තෙල් ආනයන කරන දෙවන රට ඉන්දියාව වේ. එම විදේශ රටවල් වලින් ආනයන කරන මුළු තෙල් ප්‍රමාණයෙන් 11 % ක් වේ. ඉරාක සහ සව්දි අරාබියාව යන රටවල් දෙකින් අනතුරුව ඉන්දියාවට විශාළ විධියෙන් තෙල් සපයන තුන්වන රට ඉරානය වේ. ඉන්දියාව එම රටවල් සමගින් ඉන්දිය මුදලින් ඉන්දිය බැංකු මාධ්‍යයෙන් ගනුදෙනු පවත්වාගෙන යයි. ඉරානය ඖසධ සහ ආහාර ඇතුළුව වෙනත් අත්‍යවශය අවශ්‍යතා මිලදි ගැනිම සඳහා එම මුදල් යොදවා ගනියි.

අපහැදිලි ඇමරිකානු පිලිවෙත් මගින් ඉන්දියාවට විශාළ විධියෙන් බලපෑම් එල්ලවි ඇත. පසුබිමින් බොරතෙල් යටතේ රඳා ඇති ඉන්දිය තෙල් පිරිපහදුගාර වලටද එයින් විශාළ හානි සිදුව ඇත.

ඉන්දියාව යම් විධියකින් එම සම්බාධ උල්ලංගණය කලහොත් ඊට විපාක වශයෙන් තවත් උප සම්භාධ ගණනාවකට මැදිවිමට සිදුවනු ඇත. ඉන්දිය සමාගම් වලටද එයින් අනිසි විධියෙන් බලපෑම් එල්ලවිය හැකිය. මේ නිසාම ඉරාන සමාගම් ඉරානය සමගින් ගනුදෙනු පැවැත්විම මුළුමණින් බැහැර කොට ඇත.

ඉන්දිය සහ ඉරාන සමබන්ධතාවය අනිත් අතට බලශක්ති සැපයුටම සිමාවි නොමැත. පාකිස්තානයේ බාධා කිරිම නිසා ඉන්දියාවට මධ්‍ය ආසියා ගණනාවකට ප්‍රවේශ විම මුළුමනින්ම මගහැරිගොස් ඇත. එහෙත් ඉරානයට පින්සිදු වන්නට තම ඉලක්ක සපුරා ගැනිමට ඉන්දියාවට අවශ්ථාව ගෙනදි ඇත. ඡබාහාර් වරාය උදාහරණයක් වන අතරට සම්බාධයෙන් ඊට කිසිදු බලපෑම්ක් සිදුනොකෙරෙන නමදු එයින් තම අවශ්‍යතා ගණනාවක් සපුරා ගැනිමට ඉන්දියාවට හැකිවි ඇත. ඉරානයට එය ඒ තරම්ම වැදගත් නොවන නමදු ඉන්දියාවට එය අතිශය වැදගත්වේ. එක්සත් ජනපදයේ ඒකපාක්ෂික සම්බාධයට චීනය දැනටමත් තම දැඩි නොසෑහිම පලකිරිම ආරඹකර ඇත. තුර්කියත් එම තීරණය බැහැර කොට ඇත. පාකිස්තානයේ ත්‍රස්තවාද කාර්‍යන්ට එරෙහිව ඉන්දියාව ගෙනයන පියවරවල් වලට එක්සත් ජනපදය තම නොමඳ සහයෝගය දැක්විම හේතුවෙන් ඉන්දියාව මෙම ප්‍රශ්ණයට තරමක මධ්‍යෂ්ථ පිලිවෙතක් අනුගමනය කරගෙන තම අවශ්‍යතා සපුරා ගැනිම අපෙක්ෂා කරයි.

ඉන්දියාව සහ ඉරානය අතරත් යම් යම් විෂයන් යටතේ පරස්පරතා තිබෙන නමුදු රටව්ල දෙක සමගින් අඛණ්ඩව සමිප සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉන්දියාව ප්‍රයත්න දරයි.

පිටපත: ඇමරිකාවේ උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.ස්තුති බැනර්ජි ගෙන්