එක්සත් ජනපදය තලිබානුන් සමගින් පවත්වාගෙන යන සාකච්ජා ගැන නැවත සළකා බැලිය යුතුයි

සෑම වර්ගයේ ත්‍රස්තවාදයක්ම මුළිනුපුටා දෙමිමේ සිය පිලිවෙතින් එක්සත් ජනපදය දැන් මුළුමණින්ම පිටට පැන ගොස් ඇත. එක්සත් ජනපදය එයින් නොනැවති පසුගිය වසර ජූලි මස සිට තලිබානුන් සමගින් සංවාදයකටත් මුලපුරා ඇත. එම සාකච්ජාවේ සයවන වටය කටාරයේ ඩෝහාහි පසුගිය සතියේ පැවැත්වනු අතර දැනුනුත් එය ක්‍රියාත්මක වේගෙන යයි. එම සාකච්ජාවෙන් මේ දක්වා කිසිදු වැදගත් ප්‍රතිඵලයක්වත් නෙලා ගැනිමට හැකිවි නොමැත. එම සාකච්ජාව මෙහෙයවාගෙන යන එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත, ජල්මෙයි ඛලිල්ජාද්ගේ ප්‍රකාශණයන්ට අනුව, ඇමරිකානු භටයින්ව ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කොට ගැනිම, ත්‍රස්තවාදයට එරෙහි සහතිකය, දේශපාලන විසඳුමකට සහ සදාතණික සාමයක් මුලපුරා ගැනිමකට වු තලිබාන් සහ ඇෆ්ගන් රජය අතර ගනුදෙනුවක් පවත්වගෙන යාම ගැන සහතික කරගැනිම වැනි විෂයන්ට සැළකිල්ල දැක්වු බවය.

නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ට්වින් ටවර්ස් ගොඩනැගිල්ලට  වසර දහ සතකට පෙර 2001 වසර සැප්තැම්බර් මස, එල්ලවුනු ඒ බිහිසුණු ත්‍රස්තවාද ප්‍රහාරයත් සමගින් එක්සත් ජනපදය සෘජුව ඇෆ්ගනිස්තානයට කඩා වැදිම සිදුවිය. ඇමරිකාව එම සිද්ධියත් සමගින් ත්‍රස්තවාදයට එරෙහිව සැබැවම යුද්ධයක් ප්‍රකාශ කොට ඇත. ඇමරිකානු භූමියට ප්‍රහාර එල්ල කල එම සැළසුමේ පිටුපසින් සිටිය අල් කයේඩා ත්‍රස්තවාද සංවිධානය සහ එම සංවිධානයේ නායක ඔසමා බින් ලාඩෙන්ට දඬුවම් දිමට එම යුද්ධයත් සමගින් තවදුරටත් ප්‍රතිඥා දි ඇත. අල්-කයේඩාවට සහ එම සංවිධානයේ නායකයින්ට හෙවන ලබාදෙන මෙන්ම අනිකුත් ත්‍රස්තවාද ජාලා වර්ධනවිම නවතා දෙමිමටත් තලිබානුන්ව ඇෆ්ගනිස්තානයෙන් මුළුමණින්ම අතුගා දෙමිමටද ඇමරිකාව තවදුරටත් ප්‍රතිඥා දි ඇත.

වොෂින්ටනය එතැන් පටන් සෑම වර්ගයේ ත්‍රස්තවාදයක්ම අතුගා දෙමිමේ තම අපෙක්ෂාව සහ සැළසුම විටින්විට තහුවරු කොට ඇත. කෙසේ නමුදු මෑතදි සිට තම එම ප්‍රතිඥාවල් වලින් පිට පැනගෙන යන ඇමරිකාව, “හොඳ ත්‍රස්තවාදින්” (good terrorists) යැයි සම්මත කණ්ඩායමකුත් සිටින බව පෙන්වාදිම ආරඹ කොට ඇත. මෙයින් ත්‍රස්තවාදින් ත්‍රස්තවාදින් කොටසක්ම යන සන්දර්භය සහ හොඳ හෝ නරක ත්‍රස්තවාදින් කොටසක් නොමැති බවත් යන සංකල්පයේහි සංඝට්ටනයක් මතුව ඇත. ත්‍රස්තවාදය මුළුමණින්ම අවශන් කොට දෙමිමේ ප්‍රයත්න සහ සැළසුම් වලටද එයින් විශාල බාධා එල්ලව ඇත. ආචාර විද්‍යාත්මක ක්ෂේත්‍රයෙන්ද එය පටහැනිය. ත්‍රස්තවාද මර්දන සැළසුම් දුර්වලවි යාමකට එයින් මාර්ග පෑදුනේය. ඊට අමතරව එයින් සිදුවුයේ මුලධර්මවාදය ව්‍යාපත්වි යාම සහ වැඩි වැඩියෙන් ත්‍රස්තවාද ප්‍රහාර එල්ලවිම මුලපිරිමය.

එක්සත් ජනපදය පසුගිය වසර සිට තලිබානුන් සමගින් සාකච්ජා ආරඹ කලදා සිට ඇෆ්ගනිස්තානයේ ස්ථානගත කොට ඇති අතිශය ශක්තිමත් දහතර දහසකට වඩා තම භටයින්ව ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කොට ගැනිමට තිරණය කලාය. එම තීරණයට ලෝකයා අතර පමණක් නොව ඇමරිකාව තුලින්ද විශාළ විධියෙන් විවේචන මතුවිය.  එක්සත් ජනපද ආරක්ෂක කටයුතු ලේකම්, ජිම් මැටිස් තම නිලයෙන් ඉවත්ව යාමට පවා එයින් තුදු දුන්නේය. ඇමරිකානු භටයින්ව ඇෆ්ගනිස්තානයෙන් ඉවත්කොට ගැනිම ක්‍රමිකව වියයුතු වන අතරට ඇෆ්ගන් භූමියෙන් ත්‍රස්තවාදය මුළුමණින්ම ඉවත් කොට දමන තෙක් වොෂින්ටනය ඇෆ්ගනිස්තානයේහි තම භටයින්ව රඳවා තැබිම ගැනද සළකා බලනවානම් වඩාත් යෝග්‍යය.

ඔසමා බින් ලාඩෙන්ට 2011 වසර තෙක් සැඟවි සිටිමට හැකිවුවද, ඇෆ්ගනිස්තානය තලිබානුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනිමේ මෙහෙයුම සෑහෙන දුරට සාර්ථක කරගැනිමට එක්සත් ජනපදයට හැකිවුවාය. කෙසේ නමුදු එක්සත් ජනපදය ක්ෂණිකව තම අවධානය ඉරාකය දැසට මාරු කිරිම සහ අනතුරුව 2003 වසරේදි ඉරාක යුද්ධයක් මතුවිම ඊට ප්‍රතිඵලයක් ලෙසින් අයි එස්  (IS) සහ ඔවුන්ගේම කලිෆ්වරයාගේ (Caliphate) බල ප්‍රදේශයක් බිහිවිම සිදුවිය.

ඇෆ්ගනිස්තානය දැස බලන විට ප්‍රදේශ විශාල ප්‍රමාණයක් දැනුනුත් තලිබානුන්ගේ අණසක යටතේ රඳා ඇත. තලිබානුන්ව ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන සාමාජිය ධාරාවට ඇතුල් කරගන්නාතෙක් යුද්ධයට මැදිවි සිටින එරටින් ඇමරිකන් බලකාය ඉවත් කොට ගැනිමත් ඒ තරම්ම උචිත නොවේ. ඇෆ්ගනිස්තානයට අසල්වැසිම රට වන පාකිස්තානයේ  තම රාජ්‍ය පිලිවෙත් වල ත්‍රස්තවාදය ආයුධයක් ලෙසට යොදවාගෙන යන අවශ්ථාවක මෙන්ම කාබුල් පරිපාලනයේ ස්ථාවරත්වයට නොඉවසමින් සිටින මොහොතක එවැන්නක් සිදුවිම කිසිසේත්ම නොගැලපේ. තම අභිමතාර්ථ සපුරා ගැනිමට නොනැවති ප්‍රයත්න දරාගෙන යන පාකිස්තානයේ එවැනි පිලිවෙත් මගින් සිදුවන්නේ මුළු කලාපයම නොකඩවාම අස්ථාවරත්වයකට ඇද වැටිම වේ. මසුද් අජර්ගේ නමත් ගෝලිය ත්‍රස්තවාද නම් ලයිස්තුවේහි ඇතුලත් කර ගැනිමට හැකිවි තිබියදි මෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට අගනා අවශ්ථාව ලැබි තිබියදිත් තම පුරුද්ද අත්හැර දෙමිමට ඉස්ලාමාබාදය සූදානම්විමක් දක්නට නොමැත.

වොෂින්ටනය මෙවැනි පසුබිමක කලයුත්තේ තම වර්තමාන පිලිවෙත් වලින් ඉවත්වි තමන් මිට පෙර දුන් මුළු ලෝකයේම ත්‍රස්තවාදය තුරන්කොට දෙමිමේ ප්‍රතිඥා ඒ විධියෙන්ම ඉටු කිරිමට ප්‍රයත්න දරනාවානම් වඩාත් ගැලපේ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේත් ත්‍රස්තවාද මර්දන යාන්ත්‍රනය ශක්තිමක් කරමින් ඉදිරියට ගෙන යා හැකි එකම බලවේගයත් වොෂින්ටනමය වේ. ඉන්දියාව විසින් එම ජාත්‍යන්තර ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුදු යුගයක සිට ඇනහිටි තිබෙන ‘පුළුල්වු ජාත්‍යන්තර ත්‍රස්තවාද මර්දන සම්මුතිය’ (Comprehensive Convention on International Terrorism), (CCIT), සම්මත කරගැනිමේ කාලය එළඹි ඇත. එම සම්මුතිය යටතේ භෞගෝලිය-දේශපාලනමය හෝ වෙනත් හේතුන් යටතේ ත්‍රස්තවාදයට එරෙහිව දැඩික්‍රියාමාර්ග ගැනිම් මගහැර සිටිම බැහැර කරයි.  

පිටපත:දේශපාලන කටයුතු විග්‍රාහක, ජෙ.එල්.කොවුල් ජලාලි ගෙන්