ඉන්දු – වියේට්නාම් සබඳතා ඉහළ නැංවිගෙන යයි

උප ජනාධිපති එම්. වෙන්කයියා නයිදු මහතා දැන් වියේට්නාමයේහි දින සතරක නිල චාරිකාවකට නිරත වි සිටියි. අතිශය ප්‍රළුල්වු ඉන්දු – වියේට්නාම් උපායමය හවුල්කාරත්වය තවදුරටත් ශක්තිමත් කරගරනිම එම චාරිකාවේ ඉලක්කය වේ. ඉන්දු – වියේට්නාම් හවුල්කාරත්වය දැන් අතිශය තීරණාත්මක සමයකට පිවිසි තිබෙන බව කාගෙත් හැඟිම වේ. වියේට්නාමයේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නායකයින්ව හමුවිම් හැරුනු විට නයිදු මහතා, වියේට්නාමයේ ජීවත්වන ඉන්දිය ප්‍රජාව හමුවි දෙරටේ සම්බන්ධතා ඉහල නංවා ගැනිමට ඔවුන් අතින් සිදුකෙරෙන වැදගත් කාර්‍යභාරයට අතිශය පිලිගැනිම පිරිනමා ඇත. ඉන්දිය උප ජනාධිපති වරයා වියේට්නාමයේ උපජනාධිපති ඩං ථි න්ගොග් (Dang Thi Ngoc Thinh),  වියේට්නාමයේ අග්‍රාමාත්‍ය න්ගුයෙන් ඡුවාන් ෆුක් (Nguyen Xuan Phuc) සහ වියේට්නාම් ජාතික මන්ත්‍රන සභාවේ සභාපතිනි න්ගුයෙන් ථි කිම් න්ගාන් (Nguyen Thi Kim Ngan) මහත්මියවද මුනගැසී සාකච්ජා පැවත්විය. නයිදු මහතාට, වියේට්නාමයේ හා නාම් පලාතේ (Ha Nam Province), තාම් චුක් මහ සෑය (Tam Chuc Pagoda) අභියස එක්සත් ජාතින්ගේ සංවිධානය අනුග්‍රහයෙන් පවත්න ලද 16 වන “එ.ජා.සං. වෙසක් දින උත්සවයේ” (16th United Nations Day of ‘Vesak’ Celebration) ස්මාරඹක දෙසුම පිරිනැමිමටද අවශ්ථාව ලබා ගත්තේය. “ගෝලිය නායකත්වය සම්බන්ධ බෞද්ධ ආකල්පය සහ තිරසාර සාමාජිය වගකිම් බෙදාහදා ගැනිම්” (Buddhist Approach to Global Leadership and Shared Responsibilities for Sustainable Societies) යන්නැන් මෙවර එම වෙසක් දින උත්සවයේ තේමාව ලෙසට යොදවාගෙන ඇත.

නිරන්තරව සිදුකෙරුනු දෙරටේ නායකයින්ගේ යාම් ඒම් සහ ගනුදෙනු මගින් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සෑහෙන්න ඉහල නැංවි ගොස් 2016 වසර සිදුවනු අග්‍රාමාත්‍ය වරයාගේ වියේට්නාම් චාරිකාවෙන් එම සමීප සම්බන්ධතා පුළුල්වු උපායමය හවුල්කාරත්වයක් ලෙසින් පරිවර්තන වි යාම සිදුවිය. 2018 ජනවාරි මස සිදුවුනු වියේට්නාම් අග්‍රාමාත්‍ය වරයාගේ සහ 2018 මාර්තු මස සිදුවුනු  වියේට්නාම් ජනාධිපති වරයාගේ ඉන්දිය චාරිකාවද ඇතුළුව සිදුකෙරුනු අතිශය ඉහල මට්ටමේ සංචාර සහ ගනුදෙනු වලින් අනතුරුව උප ජනාධිපති නයිදුගේ එම චාරිකාවද සිදුවිය. එම ගනුදෙනු මගින් ආරක්ෂක සහ සුරක්ෂා ක්ෂේත්‍රයේ සම්බන්ධතා පුළුල් කරගැනිම, නව ආර්ථික සහ වානිජ සමබන්ධතා ගොඩනගා ගැනිම් සහ දෙරටේ මහ ජනතාව අතර කරගෙන යන ගනුදෙනු ශක්තිමත්වි යාම් වැනි අංශද ඇතුලත් කරගෙන ඉන්දු – වියේට්නාම් සම්බන්ධතා තවදුරටත් ශත්තිමත් කරගැනිමට සෑහෙන්නන ආධාරකාරි වි ඇත. ඉන්දු – පැසිෆික් කලාපයේ (Indo-Pacific region) සාමය, සුරක්ෂාව සහ ආරක්ෂාව ප්‍රවර්දන කරගැනිම දෙරටේම පොදු අපේක්ෂාව වේ.

විදේශගත ඉන්දිය සම්භව්‍ය ජනතාව සමගින් සමිප සම්බන්ධකම් පවත්වා ගැනිමට ඉන්දියාවට තම විදේශ පිලිවෙත් අතිශය වැදගත් මාධ්‍යයක් ලෙසට යොදවා ගැනිම සිදු කොට ඇත. ඉන්දිය උප ජනාධිපති වරයා හැනොයි නගරයේ ඉන්දිය සමාජය මෙන්ම ඉන්දිය හිතෛයිසියවන්ද අමතමින් ඉන්දිය සමාජය සමගින් සමිපව කටයතු කරගෙන යාමට ඉන්දිය රජය දක්වන සැළකිල්ල ගැන පැහැදිළි කිරිම සිදුකොට ඇත.

වියේට්නාම් උප ජනාධිපති ඩං ථි න්ගොක් ථින් සමගින් පවත්වන ලද අතිශය පුළුල්වු ඉහල මට්ටමේ සාකච්ජාවෙන් නයිදු මහතා, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගිතා ඉහල නංවා ගැනිමේ අවශ්‍යතාවයට සැළකිල්ල දැක්විම සිදු කොට ඇත. ජාත්‍යන්තර ස්වෛරියත්වය සහ ජාත්‍යන්තර න්‍යාමයන් යටතේ ඉන්දු – පැසිෆික් කලාපිය සාමය සහ සමෘද්ධිය ගොඩනගා ගැනිමේ අවශ්‍යතාවයටද සෑහෙන්න සැළකිල්ල දක්වා ඇත. ඔහු අන්න්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ කලාපිය සහ ජාත්‍යන්තර ප්‍රශ්ණ සම්බන්ධයෙන්  පොදු ආකල්ප දරමින් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට හැකිවිම ගැනත් අතිශය අගය කිරිම සිදු කොට ඇත.

ඉන්දිය නැගෙනහිර ප්‍රතිපත්ති පනතේ (Act East Policy) වියේට්නාමය අතිශය වැදගත් කුළුණක් වේ. ඉන්දියාව ආසියාන් (ASEAN) කවය සමගින් පවත්වාගෙන යන ගනුදෙනු වලත් වියේට්නාමයට අතිශය ප්‍රමුඛත්වය පිරිනමා ඇත. දකුණු චින සාගර ප්‍රශ්ණ සම්බන්ධයෙනුත් දෙරටම පොදු පිලිවෙත් සහ න්‍යාමයන් අනුගමනය කරගෙන යයි. ඉන්දිය සාගරය (Indian Ocean), බටහිරින් මෙන්ම මධ්‍ය පැසිෆික් සාගරය (Western and Central Pacific Ocean) සහ දකුණු චින සාගරයද (South China Sea) ඇතුලත් ඉන්දු – පැසිෆික් කලාපය (Indo-Pacific) අතිශය වැදගත් ජෛව – භූගෝලිය කලාපයකි (bio-geographic region). එක්සත් ජනපදය එම අර්බුදකාරි සාගර කලාපය අවට “ස්වාධින නව්කා ගමනාගමන අයිතිය” (freedom of navigation) විදහා දැක්වුනු මෙහෙයුම් ගණනාවක් දියත් කොට ඇත. පෙයිජිං පරිපාලනයත් තම භෞමිය ස්වෛරියතා හුවා දක්වමින් ඇමෙරිකානු පිලිවෙත් වලට දැඩි විරෝධතා දැක්විම සිදුකොට ඇත. මුළු දකුණු චින සාගර කලාපයම තමන්ට අයිති සාගර කලාපයක් ලෙසට චීනය දැඩි ලෙසින් ප්‍රකාශ කොට ඇත. බෘනෙයි (Brunei), මැලේසියාව (Malaysia), ද පිලිපින් (the Philippines), වියේට්නාමය (Vietnam) සහ තයිවාන් (Taiwan) යන රටවල් රැසත් එම සාගර කලාපය ඔවුනොවුන්ගේ විශේෂ ආර්ථික කලාප (Exclusive Economic Zones), (EEZs), ඇතුලත් සාගර ප්‍රදේශ ලෙසින් පෙන්වා දෙමින් අයිතිවාසිකම් හුවා දැක්විම සිදුකරති. දකුණු චීන සාගරය මෙවැනි පසුබිමකින් දැන් අර්බුදකාරි සාගර කලාපයක් ලෙසට හැරිගොස් ඇත.

ඉන්දු – වියේට්නාම් සබඳතා බහු පැතිකඩ විදහා දක්වමින් සෑහෙන වේගයෙන් ශක්තිමත්වි ඇත. ආරක්ෂාව සහ සුරක්ෂාව (defence and security), පරමාණු බලශක්ති (atomic energy) සහ අභ්‍යාවකාස, විද්‍යාව සහ තාක්ෂණ (space, science and technology), තෙල් සහ ගෑස් (oil සහ gas), ප්‍රතිශක්තිකරණ බලශක්ති, (renewable energy), යටිතල පහසුකම් සංවර්ධන (infrastructure development), කෘෂිකර්මාන්තය (agriculture) සහ ඊට අදාල අනිකුත් මුලපිරුම්  වැනි ක්ෂේත්‍රයෙන් ගෙනය යන සහයෝගිතා නොසිතු විරු විධියෙන් ශක්තිමත්ව ඇත.

ඉන්දු – වියේට්නාම් ද්විපාර්ශ්වික වෙළඳාම් දැන් ඇමරිකානු $ බිලියන 14 ක් ලෙසින් ඉහල නැංවිගොස් ඇත. වසර තුනකට ඉහතදි සිට එය ඇමරිකානු $ බිලියන 7.8 ක් ලෙසින් ඉහල නැංවිම සිදුවි තිබුනු බව නිරික්ෂකයින් පෙන්වා දෙති. 2020 වසර වන විටදි ඇමරිකානු $ බිලියන 15 න් එය ඉහල නංවා ගැනිම ඉන්දියාව සහ වියේට්නාම් යන රටවල් දෙකේ ඉලක්කය වේ. පසුගිය වසරේ වර්ධනය දැස බලන විට එය ඒ තරම්ම දුෂ්කර ඉලක්කයකුත් නොවේ.

ගමනා ගමන සම්බන්ධතා දෙරට අතර යුගයක සිට විශාල ප්‍රශ්ණයක් ලෙසින් පැවතුනි. නවදිල්ලිය සහ හැනොයි අතරට දැනුනුත් සෘජු ගුවන් සේවා පහමසුකමක් නොමැත. සෘජු ගුවන් ගමන් පවත්වාගෙන යාමකින් ගෙනදිය හැකි වානිජමය වාසියද ප්‍රශ්ණයකි. ඉන්දිය ගුවන් සේවාවක් ප්‍රශ්ණයට විකල්පයක් ලෙසට 2019 වසර සිට නවදිල්ලි- හැනොයි හරහා සෘජු ගුවන් සේවාවක් පවත්වාගෙන යාමට ඉදිරිපත්වි සිටියි. එම සැළසුම ක්‍රියාත්මක වුවහොත් දෙපාර්ශ්වයේ වෙළඳාම් හැරුනු විට සංචාරක ව්‍යාපාර අංශයේ අභිවෘද්ධියද නිතැතින් වර්ධනවිගෙන යාමක් ගැන බළාපොරොත්තු පළකරයි.

පිටපත: ඉන්දිය පාර්ලිමේන්තු ලොක් සභාවේ පර්යේෂණ සාමාජික, මහාචාර්‍ය. රාජාරාම් පන්දා ගෙන්