ඉන්දියාව තුර්කිය සමගින් ගැඹුරු සබඳතාවක් වර්ධන කරයි

 

ඉන්දියාව සහ තුර්කිය (Turkey) යන රටවල් දෙකේ ජ්‍යෙෂ්ඨ බලධාරින් අතර මෑතදි සිදු කෙරුනු තරමක නිහඬ නමුදු අතිශය තීරණාත්මක හමුවීම් වට දෙකකින් අනතුරුව දෙපාර්ශ්වයේ හවුල්කාරත්වයන්හි අතිශය වැදගත් වර්ධනයක් පෙන්නුම් කොට ඇත. තුර්කිය තම සාම්ප්‍රදායි මිත්‍ර රාජ්‍යක් වන පාකිස්තානය සමගින් මෙන්ම නැගීගෙන එන අළුත් මිත්‍ර රාජ්‍යයක් වන ඉන්දියාව සමගින් පවත්වාගෙන යන සම්බන්ධතාත් ශක්තිමත් කරගැනිමට දැන් අතිශය ප්‍රයත්නයකට නිරතවි සිටියි. ඇන්කරාව (Ankara) තම ජනාධිපති උපදේශක ආචාර්‍ය. ඊබ්‍රහිම් කලින්ව (Dr. Ibrahim Kalin) නවදිල්ලියට පිටත් යෙවිමකින්ම එම අපෙක්ෂා තවදුරටත් විදහා දක්වයි. ත්‍රස්තවාද සහ රැදිකල්වාද මර්දන සහ ආර්ථික හවුල්කාරත්වයට අදාල සහයෝගිතා  ශක්තිමත් කරගැනිමටත් ඉන්දියාව සහ තුර්කිය වැඩිදුරටත් අපේක්ෂා කරති.

දිගු කලක තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ඉන්දියාව අන්තර් දේශසිමා ත්‍රස්තවාදය නැමති උවදුර මැදපවත්වා ගැනිම සම්බන්ධයෙන් තුර්කිය සමගින් සහයෝගයකින් කටයුතු කිරිමට අපේක්ෂා කරයි. ඊබ්‍රහිම් කලින් සහ ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක (National Security Adisor), (NSA), අජිත් දෝවල් අතර සිදුවුනු හමුවේදි ශ්‍රී ලංකාවට මෑතදි මැදිවිමට සිදුවුනු ඒ අතිශය බිහිසුණු ආත්මඝාතක ත්‍රස්තවාද ප්‍රහාර ශ්‍රේණිය ගැනත් සැළකිල්ල දැක්විම සිදුවිය.

දෙදෙනාගේ හමුවේදි දකුණු ආසියාවට සහ බටහිර ආසියාවට අදාළ විෂයන් ඇතුළුව ගෝලිය සහ කලාපිය ප්‍රශ්ණ ගණනාවකටද අදහස් හුවමාරු කරගැනිම සිදුවිය. ඕනෑම ප්‍රකාරයේ මෙන්ම දෘෂ්‍යමාණ ත්‍රස්තවාදය මුලිනුපුටා දෙමිම ගැන මෙන්ම ත්‍රස්තවාද කාර්‍යන්ට වගකිවයුත්තන්ව සහ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන්නාවුන්වත් නීතිය යටත ගැනිම සම්බන්ධයෙන් සෑම රටක්ම සහයෝගයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාවයටත් රටවල් දෙකේ දැඩි සැළකිල්ල යොමුව ඇත. දෙරට අතර පවත්නා ඒ අතිශය සමීප ශිෂ්ඨාචාරාත්මක සහ සංස්කෘතිමය සම්බන්ධතා ගැනත් දෙරටේ බලධාරියෝ අවධානය යොමු කොටදි ඇත.

ආචාර්‍ය. කලින් තම ඉන්දිය චාරිකාව මධ්‍යයේ ජ්‍යෙෂ්ඨ ඉන්දිය ඉස්ලාමිය විද්වතුන්ව සහ බුද්ධිමතුන් පිරිසව බැහැ දැකිමේ අවශ්ථාව ලෙසටද යොදවා ගත්තේය. නවදිල්ලිය සහ ඇන්කරාව වඩාත් සහයෝගයකින් මූලධර්මවාදය මුලිනුපුටා දෙමිමේ කාර්‍යයේහි නිරතවිමට අපෙක්ෂා කරමින් සිටියදි එම හමුව සිදුව ඇත. ඔහු එම හමුවෙන් ඉන්දිය සංස්කෘතිය සහ බහු ජනවාර්ගිකමය මෝසයික් (mosaic) සහ ඉස්ලාමිය සම්ප්‍රදායවල් (Islamic tradition) ගැන දැනුමක් ලබා ගැනිමට තවදුරටත් උත්සාහයකට නිරත විය.

ආචාර්‍ය.කලින්ගේ ඉන්දිය චාරිකාවෙන් හරියටම දිනකින් අනතුරුව තුර්කියේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සෙදාත් ඔනාල්ගේ (Sedat Onal) තුන්දින ඉන්දිය චාරිකාව සිදුවිය. ඉන්දිය විදේශ කටයුත අමාත්‍යාංශයේ ලේකම් (බටහිර) ගිතේෂ් එ ෂර්මා හමුවි සාකච්ජා පවත්වමින් ඔහු වෙළඳ සහ ආයෝජන වසින් ගරන මෙන්ම සම්බන්ධතා ඉහල නංවා ගැනිම් ඇතුළුව අනිකුත් විෂයන් ගණනාවක් ගැන පුළුල් විධියෙන් සාකච්ජා පැවැත්විම සිදුකොට ඇත. දෙපාර්ශවයේ කලාපිය වර්තමාන ප්‍රශ්ණ ගැන මෙන්ම විවිධාකාර බහුබාර්ශ්වික ප්‍රශ්ණ ගැනත් දෙදෙනාගේ සාකච්ජාවෙන් විමසුමට ලක්කොටදිම සිදුව ඇත.

ඇන්කරාව සාම්ප්‍රදචායිව ඉස්ලාමාබාදයට සහයෝගය දක්වන හෙයින් පාකිස්තානයෙන් එල්ලවන අභියෝග මර්දන කරගැනිමේ කාර්‍යන්ට තුර්කියෙන් ලැබෙන සහයෝග ඉන්දියාවට අතිශයෙන් වැදගත් වේ. මේ අතර තුර්කියේ ජනාධිපති රිසෙප් ටයියිප් එර්ධොගන්ගේ දකුණු ආසියා පිලිවෙත් දැස බලන විට එහි කලාපයට විශාල සැළකිල්ල ලක්කොටදි ඇත.

2017 වසරදි සිදුවුනු එර්ධොගන් (Mr. Erdogan) මහතාගේ ඉන්දිය චාරිකාවෙන් දෙපාර්ශ්වයේ සම්බන්ධතා ඉහල නංවා ගැනිමට ඉන්දියාව සහ තුර්කිය දක්වන සැළකිල්ල විදහා දැක්වුනු අතරට ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා සමගින් ඉතාමත් සුහද සම්බන්ධතාවයක් ගොඩනගා ගැනිමටත් ඔහුට අවශ්ථා ලැබුනි. වසර කිහිපයකට ඉහතදි ඔහුට එරෙහිව එල්ලවුනු දේශපාලනමය කුමන්ත්‍රණමය අවශ්ථාවේදිත් ඉන්දියාව ඊට එරෙහිව නැගි සිටිය අතර ලෝකයේ විශාළතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් ලෙසින් නවදිල්ලිය විවෘතව ඔහුට සහයෝගය දක්වමින් වගකිම ඉටුකොට තිබුනාය. එර්ධොගන් මහතා අතිශය කෘතඥතාපුර්වකව එම සිද්ධිය සිහිපත් කොට ඇත.

ඉන්දියාව පාකිස්තානයෙන් එල්ලවන අන්තර් දේශසිමා ත්‍රස්තවාදයට මෙන්ම ත්‍රස්තවාදය රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින් යොදවාගෙන යාමේ පිලිවෙත් වලට එරෙහිව නැගි සිටිමට බටහිර ආසියාවේ අතිශය වැදගත් සව්දි අරාබියාව, ඉරානය සහ තුර්කිය යන රටවල් තුනේ සහයෝගය ලබාගනියි.  

සංචාරක ව්‍යාපාරය, නවීන නගර නිර්මාණ (smart cities), ගොඩනැගිලි ඉඳි කිරිම්, යටිතල පහසුකම් ගොඩනැගිම් සහ පුවත් තාක්ෂණ (IT) වැනි අංශ වලට අදාල ආයෝජන වාසින් ගැනත් දෙරටේ සැළකිල්ල යොමු විය. 2017 වසරදි සිදුවුනු තුර්කි ජනාධිපති වරයාගේ ඉන්දිය චාරිකාව සමගින් ඉහල නැංවිගිය දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම් අද එය අමෙරිකානු   බිලියන 8.6 න් ඉහල නැංවිමක් සිදුව ඇත. 2020 වන විටදිම අමෙරිකානු $ බිලියන 10 න් එය ඉහල නංවා ගැනිම දෙරටේම ඉලක්කය වේ. තුර්කියේ වේගවයෙවන් එහා මෙහා යන පාරිභෝගික භාණ්ඩ (Turkish Fast Moving Consumer Goods), (FMCG) දැන් ක්‍රමිකව ඉන්දිය වෙළඳ පොළට පිවිසිම ආරඹවි ඇත.

ඉන්දු – තුර්කි වෙළඳ කටයුතු පසුගිය දශක භාගය අතරට විශාල වර්ධනයක් සිදුව ඇත. ඉන්දියාව මධ්‍යම වර්ගයට අයත් තෙල් සහ ඉන්ධන, මිනිස් නිෂ්පාදන ෆයිබර් ද්‍රව්‍ය සහ ෆයිබර් ආහාර, රථවාහන අමාතර කොටස්, කාබනික ආහාර තුර්කියට අපනයනය කරන ප්‍රධානතම භාණ්ඩ වර්ගවේ. තුර්කිය පොපි බිජ, යන්ත්‍ර සූත්‍ර, යකඩ, වානේ, රසායනය, ස්වර්ණාභරණ සඳහා යොදවා ගන්නා මුතු සහ ඉතාමත් වටිනා සහ සාමාන්‍ය වටිනා ගල් වර්ග මෙන්ම මර්බල් ඉන්දියාවට අපනයන කරයි.
ඉන්දියාව සහ තුර්කිය යන රටවල් දෙක ඓතිහාසික සමීප සම්බන්ධතා පවත්වත්වගෙන පැමිණිය රටවල් දෙකක් වෙති. 1481-82 යන වසර ගණන් වල සිට ගොඩනගා ගත් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා  ඔට්ටෝමන් සුල්ටාන් යුගය තෙක් දිව යයි. 1920 ගණන් යුගයේදි මතුවුනු තුර්කි ස්වාධින යුද වලදි මෙන්ම තුර්කි ජනරජය (Turkish Republic) නිර්මාණ කාර්‍යන් වලදිත් ඉන්දියාව ඇන්කරාවට සහයෝගය දැක්විම සිදුකොට ඇත. මහාත්මා ගාන්ධි තුමනුත් ප්‍රථම ලෝක සංග්‍රාමය අග තුර්කියට එල්ලවුනු අසාධාරණ පිලිවෙත් වලට තම දැඩි නොසෑහිම පලකොට තිබුනු සාධකද දක්නට ලැබේ.  

පිටපත: රාජ්‍යතාන්ත්‍රික කටයුතු වාර්තාකාර, දිපන්ජන් රොයි චව්ධුරි ගෙන්