ජවාද් ජෆ්‍රිගේ නවදිල්ලි සංචාරය

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාද් ජෆ්‍රිගේ (Javad Zarif) නවදිල්ලි සංචාරය එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින අර්බුදය නොසිතු විරු විධියෙන් උස්සන්නවේගෙන එන මොහොතක සිදුවිය. ඉරාන විදේශ පිලිවෙත් වල ඉන්දියාවට ලබා දි තිබෙන තැන එයින් තවදුරටත් විදහා දැක්විමක් සිදුවිය. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරිය හමුවි සාක්ච්ජා පවත්වමින් ඉරාන විදේශ අමාත්‍ය වරයා දෙරටේ අන්න්‍යෝන්‍ය අවශ්‍යතාවයන්ට අදාල මෙන්ම ද්විපාර්ශ්වික ප්‍රශ්ණ ගැනත් සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. නායකයින් දෙදෙනාට එම හමුවෙන් ඇෆ්ගනිස්තානය ඇතුළුව කලාපිය ප්‍රශ්ණ ගණනාවක් ගැන අදහස් හුවමාරු කරගැනිමකටත් අවශ්ථාව ගෙනදුනි.

ඉන්දියාව සහ ඉරානය සහස්‍ර වර්ෂ ගණනවක සිට ශිෂ්ඨාචාරාත්මක අතිශය සමිප සම්බන්ධතාවයක් පවත්වාගෙන පැමිණිය අතරට මෑතදි සිට බලශක්ති සහ සම්බන්ධන ක්ෂේත්‍රයේ හවුල්කාරත්වය යටතේ එය තවදුරටත් ශක්තිමත් වි ගියේය. ඉන්දියාවට තෙල් සපයන රටවල් අතරින් ඉරානය දිගු කලක සිට ඉදිරියෙන් වැජෙඹෙන අතරට ඉන්දිය බලශක්ති සුරක්ෂා ක්ෂේත්‍රයෙත් ඇයට අතිශය ඉහල තැනක් පිරිනැමි ඇත. එක්සත් ජනපදයේ දැඩි සම්බාධ වලට ඉරානයට දැනුනුත් මැදිවිමට සිදුවි තිබියදි මෙන්ම ඉරානයෙන් තෙල් මිලදි ගන්නා රටවල් වලට ලබාදුන් සහ කොන්දේශි කාල සිමාව ඉවත් කොට දෙමිමට වොෂින්ටනය තීරණ රැගෙන තිබියදිත් ඒවා නොතකමින් ඉන්දියාව නොකඩවාම ඉරානයෙන් තෙල් ආනයන කිරිම සිදුකරගෙන යයි. න්‍යෂ්ටික ගනුදෙනුවට පෙර මෙන්ම න්‍යෂ්ටික ගනුදෙනුවේ අවශාන භාගයේදිත් ගෙවිම් සම්බන්ධයෙන් විශාළ ප්‍රශ්ණ මතුකරත්දිත් එක්සත් ජනපදයේ සම්බාධ නොතකමින් ඉන්දියාව ඒ අයුරින් ඉරාන බොර තෙල් මිලදි ගැනිම සිදුකොට ඇත. එම වකවානුවේදි ඉන්දියාව ටෙහෙරානයට තම දැඩි සහයෙගෙය ලබාදි තිබුනු අතරට එය ගැන ඉරානයට දැනුනත් හොඳ මතයක් ඇත. ජරිෆ් මහතාගේ නවදිල්ලි සංචාරයෙන් එය මනාව විදහා දැක්වේ.

1979 වසර ගණන් යුගයේ සිදුවුනු ඉස්ලාමිය විප්ලවයෙන් අනතුරුව දශක සකරක පුරාම ඉරානය සහ එක්සත් ජනපදය යන රටවල් දෙකේ සම්බන්ධතා සෑහෙන්න පහත වැටුනු අතර එම යුගය අතරතුර ඉන්දිය එක්සත් ජනපද උපායමය හවුල්කාරත්ව සහයෝගිතා අනිත් අතට නොකඩවාම ඉහළ නැංවිමක් සිදුව ඇත. එක්සත් ජනපදයෙන් අවි ආයුධ මිලදි ගන්නා රටවල් අතරින් ඉන්දිය ස්ථානය මෑත වසර ගණනාවක සිට උඩින්ම වැජඹිමටද අවශ්ථාව ගෙනදි ඇත. ඉන්දිය සහ එක්සත් ජනපද සම්බන්ධතා බහුමුහුණවරකින් යුත් එකක් ලෙසින් පරිවර්තනවි ගිය අතර ඉන්දිය ව්‍යාපාරිකාරියන්ටත් එක්සත් ජනපදයේහි තම අවශ්‍යතා පවත්වාගෙන යාමට අවශ්ථා ලබාගැනිම හැකිවි ඇත. එම සන්දර්භය යටතේ ඉන්දිය විදේශ පිලිවෙතේහි එක්සත් ජනපදයට මෙන්ම ඉරානයටත් අතිශය වැදගත් තැනක් පිරිනැමි ඇත. මෙවැනි පසුබිමක එක්සත් ජනපදයෙ සහ ඉරානය අතරට මතුව ඇති ප්‍රශ්ණයේහි මැදිහත්වි නවදිල්ලියට විශාළ කාර්‍යභාරයක් ඉටු කිරිමට හැකියාව ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්සක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් පහ සහ ජර්මනිය මෙන්ම ඉරානයද ඇතුලත් 5+1 කණ්ඩායමේ (All the 5 permanent UNSC members plus Germany) ඒකාබද්ධ පුළුල්වු ක්‍රියාකාරි සැළස්මට (Joint Comprehensive Plan of Action), (JCPoA), ඉන්දියාව සම්බන්ධවි නොතිබුනද නවදිල්ලියේ එම කණ්ඩායම විසින් ගිවිසගත් න්‍යෂ්ටික ගිවිසුමට සෑහෙන්න පිළි ගැනිම ලක්කොටදි ඇත. ඉන්දියාව ඉරන න්‍යෂ්ටික අවුල එම ගිවිසුමින් විසඳා ගැනිමට හැකිවිමක් ගැන අපෙක්ෂා කලාය. එක්සත් ජනපදය එම ගිවිසුමින් ඒකපාර්ශ්විකව ඉවත්වි ගියද ඉරානය එම ගිවසුම උල්ලංගණය නොකරමින් නියමාකාරව ක්‍රියාත්මක කරගෙන ගිය බව ඉන්දියාවේ හැඟීම වේ. කෙසේ නමුදු එක්සත් ජනපදයේ අනවශ්‍ය දැඩි පිලිවෙත් සහ පසුබිමේහි ගැලපෙන විධියෙන් ඉරානයත් දැන් තරමකින් දඩබ්බර පිලිවෙත් ක්‍රයාත්මක කරගෙන යාම අරඹා ඇත.   

එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුමින් ඒකපාර්ශ්විකව ඉවත්ව යාම සහ ඉරනාය පර්සියන් ගල්ෆ් අවට තම හමුදාව ස්ථානගත කිරිම් වැනි පසුබිමකින් කලාපයේ පසුබිමේහි දැන් අනවශ්‍ය නොසන්සුන්තාවයක් මතුවිම සිදුව ඇත. දෙරටේ කිසියම් අනවශ්‍ය ක්‍රියාමාර්ගයකින් වුවද විශාළ හානි සිදුවිම වැලැක්විය නොහැක. එවැනි පසුබිමකින් කලාපයට පමණක් නොව ඊට ඔබ්බටද විශාළ බලපැම් සිදුවිම වැලැක්විය නොහැක. ගල්ෆ් කලාපය ඉන්දිය පුළුල්වු අසල්වැසි කලාපයක් වන හෙයින් ඉන්දියාවට දෙරටේ ප්‍රශ්ණය කිසිසෙත්ම සිදුනොවිය යුතු දැයකි.

මෙවැනි නොසන්සුන්තා පසුබිමකින් මිදිම සහ ඉන්දියාව ඉරානයෙන් සිදුකරගෙන යන තෙල් ආනයනයට බාධා මගහරවා ගැනිම ඉරාන විදේශ කටයතු අමාත්‍ය වරයාගේ නවදිල්ලි චාරිකාවේ ඉලක්කය විය හැකිය. ඉන්දියාව අනිත් අතට ඉරානය සහ එක්සත් ජනපදය යන රටවල් දෙකේම අතිශය වැදගත් සමීප මිත්‍ර රටක් වන හෙයින් ජවද් ජරිෆ් මහතාගේ සංචාරය එම නොසන්සුන්තා පහත දමා ගැනිමට නවදිල්ලියේ මැදිහත්විම ගැන ගවේශණය කිරිමට විය හැකි බව යම් යම් අයගේ හැඟීම් වේ.

පිටපත: ඉරාන උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය.අශිෆ් ශුජා ගෙන්