17 වන ලෝක්සභාව සඳහා පැවැත්වු මැතිවරණය නිමාවට පත් වේ

ලොක් සභා (ඉන්දිය පාර්ලිමෙන්තු පහළ මන්ත්‍රන සභාව) මැතිවරණයේ සත් වන අදියරය අතිශය විශාල ඡන්දදාකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් නිමාවට පත්විය.එම වැදගත් කාර්‍යයට සහභාගිවිමට මිලියන 900 ක පමණ ඡන්දදායකයින් පිරිසකගේ නම් ලියාපදිංචි වි තිබුනද එම සංඛ්‍යාවෙන් හුදු 60 % ක පමණ පිරිසක් ඊට සහභාගිව ඇත. ඉන්දියාව එම මැතිවරණයෙන් රටේ අතිශය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඊට දක්වන හවුලකාරත්වයත් නැවත වරක් විදහා දැක්විම සිදුකොට ඇත.

ලෝකයේ විශාලතම ප්‍රජතන්ත්‍රවාද කාර්‍යක් ලෙසට පිලිගන්නා ඊට විශාල ඡන්දදායකයින් පිරිසකගේ සහභාගිත්වයක් දක්නට ලැබුනු අතරට ඉන්දිය මැතිවරණ කොමිසමත් වයෝවෘද්ධිකයින්ට සහ කායිකමය අතින් දුබල පිරිසටත් පහසුකම් ගණනාවක් පිරිනමා ඇත. හුදු අඩි තුනක් උසැති මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ විනිතා ජෛන් මෙනවිය තම ඡන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව තින්ත ගෑවුනු ඇඟිල්ල දිගු කරමින් ඉතාමත් ආඩම්බරයෙන් තම වගකිම් ඉටුකරවු විධිය විදහා දක්වා ඇත. අනතුරුව රකට බැඳි සිටිය සභා සහ ෆරාහ් යන නිඹුල් සහෝදරියන් දෙදෙනාත් බිහාරයේ පැත්නාහි පුද්ගලයින් දෙදෙනෙකු ලෙසින් එකිනෙකාගේ ඡන්දෙ ප්‍රකාශ කොට තිබුනි. විදේශ රටවල් වල ජිවත්වුනු විශාළ ඉන්දියානුවන් පිරිසකුත් ඊට අතිශය උනන්දුවකින් සහභාගි වුවෝය.  විශාළ ඉන්දියානුවන් පිරිසක් හුදු තම ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගුවනින් මව් බිමට පැමිණිය බව වාර්තා මගින් තයවදුරටත් සඳහන් කරයි. මැතිවරණ කොමිසම විදේශ ගත ඉන්දියාවනුවන්ටත් ඊට අවශ්ථා ලබාදි ඇත. දෛනික වැටුපෙන් ජිවත්වුනු කම්කරුවන් පවා දිනක් නිවාඩු රැගෙන එම වැදගත් කාර්‍යයට සහාභාගි වි ඇත. සමරුන්ට ගමට යාමට එය අගනා අවශ්ථාවක් ලෙසින් යොදවා ගැනිම සිදු කොට ඇත. විධිමත් සැළසුම සහ ඡන්ද දායකයින්ට මනා දැනුමක් ලබා දිමකින් එතරම් විශාළ ඡන්දදායකයින් පිරිසකගේ සහභාගිත්වයක් දක්නට ලැබුනි. මෙම ලොක් සභා මැතිවරණට අළුතින් ලියාපදිංචි වුනු මිලියන 85 ක පමණ ඡන්දදායකයින් පිරිසක් එක්වුනු බව මැතිවරණ කොමිසම පෙන්වාදි ඇත.

මෙම මැවරණ කාර්‍යයේ අවශාන අදියරය යටතේ පසුගිය ඉරු දින ප්‍රාන්ත රාජ්‍ය අටකට අයත් ලොක් සභා ආසන 59 ක ඡන්ද ප්‍රකාශ කිරිම සිදු කෙරුනි. ලොක් සභා ආසන 542 ක දැන් ඡන්ද ප්‍රකාශ කොට අවශන්වි ඇත. මැතිවරණ කොමිසම සිදුවුනු මැතිවරණමය අක්‍රමිකතා හේතුවෙන් විශේෂයෙන්ම දකුණු ඉන්දිය තමිල්නාදු ප්‍රාන්තයේ ප්‍රකාශ කිරිමේ කාර්‍යයන් අවලංගු කොට දමා තිබුනු සිද්ධින්ද දක්නට ලැබුනි. ඉංග්‍රිසි සමභව්‍ය ප්‍රභූන් දෙදෙනෙකුට ඉන්දිය ජනාධිපති වරයා අතින් නියෝජනය විමත් සමගින් ලොක් සභා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 545 ක් ලෙසින් තවදුරටත් ශක්තිමත් වි ගියේය.

මෙවර මැතිවරණයේ තවත් එක් වැදගත් සිද්ධියක් නම් වයස අවුරුදු 102 හැවිරිදි ඉන්දිය වයෝවෘද්ධතම පුදග්ලයාත් තම ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණිම වේ. හිමාචල්ප්‍රදේශ් ප්‍රාන්තයේ කින්නවුරයේ ශ්‍යාම් සරන් නෙගි නැමති එම ඡන්දදායකයා, ඉන්දියාවේ ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කල පුද්ගලයාද වේ. ඔහු 1951 වසර ප්‍රථම වරට තම ඡන්දය ප්‍රකාශ කොට තිබුනු බව දැක්වේ. සත්වන අදියරය යටතේ හිමාචල්ප්‍රදේශ් හැරුනු විට බිහාර්, බටහිර බැංගාල්, පන්ජාබ්, මධ්‍ය ප්‍රදේශ්, උත්තර් ප්‍රදේශ්, ජර්ඛන්ද් යන ප්‍රාන්ත රාජ්‍යන් වල සහ මධ්‍ය රජයේ බල ප්‍රදේශ ගණනාවකද ඡන්ද ප්‍රකාශ කිරිම සිදුව ඇත. අග්‍රාමාතය නරෙන්ද්‍ර මෝදි මහතා ඇතුළුව 918 ක් පමණ අපේක්ෂකයින් පිරිසක් ඊට තරඟ වදි සිටියෝය. ලොක්සභා මැතිවරණයේ අවශාන අදියරයට මිලියන 10 ක පමණ පිරිසකට තම ඡන්ද ප්‍රකාශ කිරිමට අවශ්ථාව පිරිනැමුනු නමුදු හුදු 64 % ක ඡන්දදායකයින් පිරිසක් ඊට සහභාගි විය.  

මෙවර ලෝක් සභා මැතිවරණයට සහභාගිවුනු පිරිසගේ සංඛ්‍යාව ඉහල නැංවියාමේ කාරණයට නිතැතින්ම මැතිවරණ කොමිසමට ගෞරවය හිමිවිය යුතුම වේ. ලිංගමය අතින් වෙනස්කම් ඇති පිරිසටද තම ඡන්ද ප්‍රකාශ කිරිමට මෙවර අවශ්ථාව පිරි නැමුනි. 2009 වසර පුරුෂ සහ කාන්තා ඡන්දදායකයින්ගේ පිරිසගේ සහභාගිත්වයේහි විශාල පරතරයත් පැවතුනද 2014 වසර එම පරතරයේහි 1.4 % න් පහත වැටිමක් සිදුවිය.  මෙවර එය 0.4% න් පහත වැටිමක් සිදුව ඇත. ප්‍රන්ත රාජ්‍යයන් ගණනාවක කාන්තා ඡන්දදායකයින්ගේ සහභාගිත්වය නොකඩවාම ඉහළ නැංවි යාම දක්නට ලැබුනි.

මධ්‍ය රජයේ සහ ප්‍රාන්ත රාජ්‍යයන් රැසේ විවිධාකාර දෙපාර්තමේන්තු වලට අයත් බලධාරින්ගේ නොමඳ සහයොගයෙන් මෙම ලෝක් සභා මැතිවරණය හුදු දින 38 න් අංගසම්පුර්ණ කරගැනිමට හැකිවිය. නිදහස් සහ සාධාරණ විධියෙන් මැතිවරණය පවත්වා ගැනිමට ඉන්දිය ආරක්ෂක අංශයේ ආර්ධ හමුදා බලකායෙන් ලැබුනු සහයෝගය අතිශයෙන් ප්‍රසංසා පිරිනැමිය යුතු දැයකි. ඔවුන්ගේ දැඩි කැපවිම් මගින් එය අතිශයෙන් සාර්ථක විධියෙන් නිම කරගැනිමට මැතිවරණ කොමිසමට හැකිවිය. මැතිවරණ කොමිසමට සිදුවිමට තිබුනු අක්‍රමිකතා ගණනාවක් මගමරවා ගැනිමට හැකිවිය. මැතිවරණ බලධාරින්ට කෝටි 3,400 ක් පමණ නීති විරෝධි මුදල් තොගයක් අත් අඩංගුවට ගැනිමට හැකි විය.

සමස්තයක් ලෙසින් ගත් කල මෙවර 17 වන ලෝක් සභා මැකිවරණ කාර්‍යට 60 % ක ඡන්දදායකයින්ගේ සහභාගිත්වයක් පෙන්නුම් කොට තිබුනු බව දත්තා මගින් දැක්වේ. එය අතිශය විශාළ සංඛ්‍යාවක් වු අතරට ඉන්දිය ප්‍රජාතන්ත්‍රවාදි අගයන් විදහා දැක්විම වැඩිදුරටත් සිදුව ඇත.

ලෝක් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගණන් කිරමේ කාර්‍ය මෙයි මස 23 දා සිදු කෙරේ. බලය නිතැතින්ම ඉන්දිය ඡන්දදායකයින් අතේ තිබෙන බවත් යන සැබෑ යථාර්තය මෙවර මෙම 2019 ලොක් සභා මැතිවරණයෙන් තවදුරටත් තහවුරු කොට ඇත.

පිටපත: New Indian Express පුවත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකාර, මන්ෂ් ආනන්ද් ගෙන්