‘සිතේ කථාව’  ( ජවනිකා : 2.1) 25 වනිදා, 2019

(අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ‘මන් කි බාත්’ මාසික ගුවන්විදුලි වැඩසටහන, අගොස්තු 25, 2019)

 

මගේ දයාබර රටවැසියනි, ආයුබොවන් ! එක අතකින් අප රට මේ දිනවල වර්ෂා පතන උත්සවය සමරන අතර අනිත් අතකින් විවිධ උත්සව සහ සැනකෙළි පැවැත්වේ. ලඟ එන දිවාලි උත්සවය දක්වා මෙම තත්වය පවතිනු ඇත. ඇත්ත ප්‍රකාශ කිරිමට නම් අපේ දිවංගතවු මුතුන්මිත්තෝ මෙම කාලයේ වටය සකස් කර තිබෙන්නට ඇති, මේ සමගම ආර්ථිකයේ වටය මෙන්ම සාමාජික ජිවිත වටය සමාජයේ කම්මැලි බවක් නොවන ආකාරයට සකස් කොට තිබෙන්නට ඇති. පසුගිය දිනවලද අප විවිධ උත්සවය සැමරුවේමු. ඊයේ ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ ජන්ම උත්සවය රටපුරා පවත්වනු ලැබිය. වසර දහස් ගණන් ඉපැරැණි වුවද ජනතාව කොතෙක් උන්නදුව සහ උත්සාහයකින් පැවැත්වුයේදි යන්න කෙනෙකුට සිතාගත හැකිද ? වසර දහස් ගණන් පැරැණි වුවද වර්තමාන ජනජිවිතයේ විවිධ ප්‍රශ්ණ විසඳාගෙන ජනයාගේ අපේක්ෂාවන් ඉටුකරගැනිම සඳහා මෙම උත්තමයාගේ ආදර්ශය තවම ගැලපේ. ශ්‍රී ක්‍රිෂ්ණගේ ජිවන කතා තුලින් වර්තමානයේ විවිධ ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගත හැකිය. ඉතාම ශක්ති සම්පන්න පුද්ගලයෙක් වුවද ක්‍රිෂ්ණ දෙවිඳුන් රාස්ලීලාවේ, විටක ගවයන් අතර ගව පාලකයා හැටියටද නිතරම බටලි නලාව පිඹිමෙන්ද තවත් විටක ක්‍රීඩකයන් අතරද දැකගත හැකිය. විශාළ හැකියාවකින් යුක්ත පුරුෂයෙක් වන ක්‍රිෂ්ණ දෙවිඳුන් තමන්ගේ වගකිම මෙන්ම ජනතාවගේ ගෙලවුම් කරුවෙක් හැටියට සමාජයට බලය පවරමින් තම කාලය මිඩංගු කොට ඇත. මිත්‍රත්වය තහවුරු කිරිම සඳහා කුමන විධියේ ගුණයන් පැවතිය යුතුද?  සුධාමා සම්බන්ධ සිද්ධිය අමතක කලහැකි කවුද? එසේම යුද බිමේ මොහුගේ මෙහෙයෙවිම කෙසේ අමතක කල හැකිද? රථාචාර්‍ය වරයෙක් හැටියට වගකිම් බාර ගනිමින් සහසක් වටිනා ඔහුගේ බලය පෙන්නුම්කොට ඇත! සමහර විට හිරවි තිබෙන ගල් කඳු ඔසවමින් තවත් විටක පොලොව වල ආහාර ඇහිඳ ගනිමින් ඔහු ආදර්ශයක් පෙන්නුම්කොට ඇත. ඔහු කරණ සෑම කටයුත්තකම කිසියම් අළුත්බවත් දක්නට ඇත. ඒ නිසාම අද වැනි දවසක ඔබ සමග සාකච්ජා කිරිමට මෝහන්ස් වරුන් වෙත මගේ අවධානය යොමුවි ඇත. එක්කෙනෙක් දූරදර්ශන් චක්‍රධාරි මෝහන් වන අතර අනිත් පුද්ගලයා නුල් කටින චක්‍රධාරි මෝහන් වේ. සුදර්ශන් චක්‍රධාරි මෝහන් යමුනා ගංතිර අතහැරදා ගුජරාට් ප්‍රාන්තයේ ද්වර්කාහි වාසය කල අතර නුල් කතින චක්‍රධාරි මෝහන් ගුජරාටයේ මුහුදු තීරය අත්හැර දමමින් යමුනා තීරයට වාසය කිරිමට පැමිණ ඔහුගේ අවශන් හුස්ම හෙලා ඇත. සුදර්ශන් චක්‍රධාරි මෝහන් වසර දහස් ගණනක පෙර සිය කුශාග්‍ර බුද්ධිය භාවිතා කරමින් එවක යුද්ධ නැවැත්විම වැනි කටයුතු කරමින් ඔහුගේ වගකිම් ඉටුකොට ඇත. නුල් කතින චක්‍රධාරි මෝහන් එම මාර්ගයම අනුගමනය කරමින් මිනිසාගේ වටිනාකම ආරක්ෂා කිරිම සඳහා තම පෞද්ගලිකත්වය කැපකොට නිදහස් අරගලය යොමු කොට සටනක් කොට අද වනතුරු ලෝක ප්‍රශංසාවට පාත්‍රවි ඇත. පරාර්ථකාමි සේවය වටිනාකම දැනුමේ වටිනාකම ජිවිතයේ විවිධ කරදර බාධක මැද පවත්වා ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ පණිවිඩය ජනතාව අතර ව්‍යාප්ත කොට ඇත. ඒ නිසාම තම ක්‍රිෂ්ණ දෙවිඳුන් ජගත්ගුරු ලෙසින්ද හඳුන්වනු ලබයි. “ක්‍රිෂ්ණම් වන්දේ ජගත් ගුරු.”

ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල කෙරෙන උත්සව කටයුතු සූදානම පිලිබඳව අප අද සාකච්ජා කරමු. ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ තිබෙන දේශණයක්ද වේ. දයාබර රට වැසියනි. මම මෙහිදි සඳහන් කලේ මහාත්මා ගාන්ධි තුමන්ගේ 150 වැනි ජන්ම ශත සංවත්සරයයි. 1869 ඔක්ටෝබර් දෙවැනි දින පෝර්බන්දර් වෙරලේ අප කීර්ති මන්දිර් යනුවෙන් හඳුන්වනු ලබන පුංචි ප්‍රදේශයක නව මගක් සළසමින් දැවෙන ප්‍රශ්ණ වලට පිළියම් ලබාදිම සඳහා දරුවෙක් ඉපදුනි. මහාත්මා ගාන්ධි තුමන්ගේ පසුපස ඔහුගේ සේවා රථ කටයුතු සහ සමාජ රට ක්‍රියාකලාපය නිසා සෑම විටම විරුධාවලි නමක් යොදනු ලබයි. ඔහුගේ මුළු ජිවිතය දෙස හැරි බලන විට දකුණු අෆ්‍රිකාවේ කිසිදු බියක් නැතිව වර්ණභේදවාදයට එරෙහිව කල සේවයට ඔබට දැකගත හැකිය. චම්පරන්හි සමාජයේ පහත් සැළකිලිවලට ලක්වි සිටි ගොවින් වෙනුවෙන්ද ඔහු සටන් කලේය. දුප්පතුන්ට සමාජයේ අනවශ්‍යයැයි සැළකෙන කොටස් වලට දුබලයාට සහ සාගින්නෙන් පෙලෙන අයට සේවය කිරිමත් ඔහුගේ පරම සේවය හැටියට ඔහු සැළකුවේය. එවැනි අය මුහුණපාන දුක්විඳින චර්මරෝග වැනි රෝග විනාශ කිරිම සඳහාත් ඔහු තම ජීවිත කැපකලේය. වචන පරිසමාප්තියෙන් පමණක් නොව තමන්ම වැඩකටයුතු කරමින් ජනතාවට ඉගෙනිම සඳහා කටයුතු සළසාදි ඇත. ගාන්ධිතුමා ගතකල නොහැකි සත්‍යයට ගරු කල අතර සේවය කර පෙන්විමෙන් ඒ බව සනාථ කොට ඇත. කොහේදි හෝ කවුරුන් හට වුවද අවශ්‍යවුවද සේවය සඳහා ගාන්ධි තුමන් එතැනට පැණි සිටියේය. සේවය කිරිමේ උදයෝගය කෙසේවුවද සේවය කිරිමෙන් ලැබෙන සන්තෝශය උතුම් බව ඔහු අවධාරණය කොට ඇත. “සේවා පරම ධර්ම” යන හැඟිමෙන් යුතුව කටයුතු කිරිමෙන් සේවාවල අර්ථවත්භාවය මුදුන්පමුණුවාගත හැකිය. ඒ සමගින්ම “ස්වාන්ත සුඛාය” නොහොත් අභ්‍යන්තරික සැපය සේවා කිරිමේ උද්යෝගය තුලින් උපුටා දැක්විය හැකිය. ගාන්ධි තුමන්ගේ ජිවිතය තුලින් අප මේ බව වටහාගත හැක. ගාන්ධි තුමන් මානව සහ මානව ගෞරවයේ වටිනාකම හුවා දක්වමින් ඉන්දියානුවන් අතර පමණක් නොව විදේශ රටවල් වල කටහඬ බවටද පත්වි ඇත. ගාන්ධිතුමන් සඳහා පුද්ගලයා සහ සමාජය මෙන්ම මානව සහ මානව ගෞරවය සෑම දෙයක්ම විය. අෆ්‍රිකාවේ ෆිනික්ස් ගොවිපොළ හෝ ටොල්සටොයි ගොවිපොළ නැතිනම් සබර්මති ආශ්‍රම් හෝ වර්ඩා හෝ වේවා, ජන මෙහෙයුමට ඔහු මුල්තැන දුනනේය. ගාන්ධිතුමන් සමග සම්බන්ධ විවිධ ස්ථාන නැරැඹිමට යාම සඳහා මට ලැබුනු අවශ්ථාව මහ භාග්‍යවත් ආශිර්වාද ලෙස මම සළකමි. ගාන්ධි තුමන් සෑම විටම සාමුහිකව කෙරෙන සේවාව වලට මුල්තැන දුන්නේය. ප්‍රජා මෙහෙයුම් සහ ජන සේවය උසස් ගුණයන් හැටියට අප ජිවිත වලට සම්බන්ධකරගත යුතුය. එය ගාන්ධිතුමන්ට ශ්‍රද්ධාංජලි නොව කාර්‍යාංජලි වශයෙන් කෙරෙන උසස්ම බුහුමන් වනු ඇත. මෙවැනි අවශ්ථාවන් නිරන්තරයෙන් උදාවන අතර අප එයින් ප්‍රයෝජන ගතයුතුය. ගාන්ධි තුමන්ගේ 150 වන ජන්මසංවත්සරය සැමරිම පමණක් අප පිලිගත යුතුද..?  නැත රට වැසියනි…, මේ පිලිබඳව අප අන්තර්ලෝකනය කලයුතු වන අතර සාමුහික දේශන පැවැත්විමකින් සහ නිතර සාකච්ජාද කලයුතුය. සෑම සමාජ වල, සෑම නගරවල, සෑම වයස වල, සෑම ගම්වල ජනාතව, ස්ත්‍රීන් හෝ පුරුෂයන් වේවා අප අපම ප්‍රශ්ණ කරගතයුතුය. පුද්ගලයෙක් වශයෙන් එම උත්සාහයද අළුතින් මට කුමක් එකතු කලහැකිද..? මාගේ පැත්තැන් වටිනා යෝජනා කුමක් එකතු කරම්ද..? සාමුහිකත්වය සඳහා සැමගේම ශක්තිය අවශ්‍ය වන්නේය. ගාන්ධි තුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය සඳහා සාමුහික හැඟීම් අවශ්‍යවන අතර සේවය කිරිමේ උද්යෝගයද වර්ධනය වේවා. අප අපගේ අසල්වාසින්ද අත්වැල් බැඳගෙන එකට ගමන්කිරිම සඳහා යොමුකර නොගන්නේ මන්ද? පාපන්දු ක්‍රීඩක කණ්ඩායමක් සිටි නම් මුළු කණ්ඩායමම අත්වැල් බැඳගනියි. අපි පාපන්දු ක්‍රීඩා කරමු. නමුත් ගාන්ධි තුමන්ගේ සේවය පිලිබඳ උදාර අදහස් වලට එකතු වි ක්‍රීඩා කරමු. කාන්තාවන් වෙනුවෙන් වෙනමම ක්‍රීඩාගාරයක් බිහිකල හැකිය. Club! කෙසේ වුවද කාන්තාවෝද සාමුහිකව පැමිණ විවිධසේවාවන්ටද  නියුක්ත විය යුතුය. අපට නොයෙක් දේවල් කල හැකිය. පරන පොත් එකතු කිරිම, ඒවා දුප්පතුන් අතරට බෙදා දිම, ගැනිමේ ආලෝකය ව්‍යාප්තකිරිම වැනි කටයුතු කලහැකිය. රටේ කෝටි 130 ක ජනතාව තුල කෝටි 130 ක බුද්ධිය තිබිය හැකි අතර කෝටි 130 උත්සාහයන් සඳහා ඒවා යෙදවිය හැකිය. කෙසේ වුවද.. කුමන විධියේ අදහසක් හෝ බුද්ධියක් ප්‍රජා සමගියක අදාල වියයුතු අතර ඒවා අභ්‍යන්තරික ආශර්වාදයක් හැටියට “ ස්වාන්ත සුඛාය ” බවට පත්කර ගතයුතුය.

දයාබර රටවැසියනි, මාස කිහිපයකට පෙර මම දන්ඩි වලට සංචාරය කලේමි. දන්ඩිහි සිදුවු ලුනු සත්‍යග්‍රහය නිදහස් අරගලයට විශේෂ උපකාරයක් විය. එහිදි මම මහාත්මා ගාන්ධිගේ නමට කැපකරමින් කෞටුකාගාරයක් විවෘත කරමි. ඒ නිසා ඉදිරි කාල වලදි ගාන්ධි තුමන් සම්බන්ධවු ස්ථාන වලට අනිවාර්‍යයෙන් චාරිකා කරන ලෙසට මම ඔබගෙන් ඉල්ලා සිටිමි. පෝරබන්දර්, සබර්මති ආශ්‍රම්, චම්පරන්, වර්ඩා ආශ්‍රම හෝ ගාන්ධි තුමන් සම්බන්ධ දිල්ලියේ කිනම් හෝ ස්ථානයක සංචාරය කලයුතුය. ඔබ ඒවාට සංචාර කරමින් සමාජ මාධ්‍ය මාර්ගයෙන් ඒවායේ ඡායාරූප වෙන වෙනම අයට යෙවිය හැකිය. එසේම ඔබගේ අදහස් පලකරමින් ඒවයේ පින්තූරු අඳිමින් බෙදාහැරිය හැකිය. සාහිත්‍යාත්මක වචන ලියනවාට වඩා ඔබ හද තුලින් ගලා එන අදහස් සමහර විට වැඩියෙන් වටිනවා ඇත. අදවැනි යුගයක ඔබගේ පෑන මගින් අඳින ගාන්ධි තුමන්ගේ පින්තුර සහ ඔබගේ අදහස් උදහස් වඩාත් ගැලපෙනු ඇත. ඉදිරියේ එන කාලය තුලදි මේ සම්බන්ධව තරඟ සහ ප්‍රදර්ශන පැවැත්විම් වැනි  විවිධ වැඩසටහන් සැළසුම් කර ඇත. මේ පිලිබඳව ඉතා වැදගත් එක දෙයක් ඔබ සමග බෙදා ගැනිමට මම කැමැත්තේමි. ‘වෙනිස් බෛනියල්’ නමින් කලා ප්‍රදර්ශණයක් සංවිධානය කර ඇති අතර එහි විවිධ රටේ ජන නායකයෝද සහභාගිවනු ඇත. මෙවර වෙනිස් බෛනියල්හි ඉන්දිය ප්‍රදර්ශණාගාරයේ ගාන්ධි තුමන්ගේ සිහිවටනයක් සංවිධානය කරමින් ඉතා වැදගත් ප්‍රදර්ශණක් සැළසුම්කර ඇත. ‘හරිපුරා වට සාකච්ජාව’ ඉතා වැදගත් සිද්ධියක් ලෙස දක්වා ඇත. ගුරාටයේ ‘හරිපුරා කොංග්‍රස් සැසිවාරයේදි’ සුභාස් චුන්ද්‍ර බොස් පක්ෂයේ සභාපති වරයා ලෙසින් තෝරාපත්කොටගත් ආකාරය ඉතිහාසයේ සඳහන්වි ඇති අයුරු ඔබට මතක ඇත. මෙම කලා සැසිවාර වල ලස්සන අතිතයක් ඇත. 1937 සහ 1938 හරිපුරා සැසිවාරයට පෙර ගාන්ධි තුමන් ශාන්ති නිකේතනයේ කලාභවන්හි ප්‍රධානාචාර්‍ය න්නදලාල් බෝස්ට ආරාධනා කොට ඇත. කලාව ඉන්දියාවේ ජනජිවිතයේ කලා මාධ්‍ය යෙන් පිළිබිඹු කිරිම  ගාන්ධි තුමන්ගේ විශාළ කැමැත්තක් වු අතර මෙම කලා සැසිවාරයට එයද ප්‍රදර්ශණය කෙරෙනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උදාර හැඳින්විමක් ලබා දෙමින් ව්‍යවස්ථාව සෝභාමත් කල පුද්ගලයා නන්දලාල් බෝස්ය. නන්ද ලාල් බෝස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගම අමරණිය බවට පත්කිරිම සඳහා ගාන්ධි තුමන් තුල පුළුල් ශ්‍රද්ධාවක් සහ කැපවිමක් පැවතුනි. නන්දලාල් බෝස් තුමා ග්‍රාමින ඉන්දියාවේ ජන ජිවිත පිළිබිඹු කරමින් හරිපුරා වෙත සංචාරය කරන සිය කලාව මගින් සුළු දර්ශණයක් නිරුපනය කොට ඇත. වෙනිසියේ පැවැත්වෙන ප්‍රදර්ශණයක මෙ පිලිබඳ පැවැත්වෙන දේශනාව මුල්තැන ගනු ඇත. ගාන්ධි තුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් නැවත වරක් ජනතාවට සුභාසිංසණය කරන මා ඔබ සේවය කිරිම සඳහා අන්න්‍යෝන්‍ය වශයෙන් අධිෂ්ඨානය කරගන්නා ලෙසට ඉල්ලා සිටිමි. රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් හෝ කිසියම් අයෙකු වෙනුවෙන් කෙනෙකුට අනිවාර්‍යයෙන් යමක් කලයුතුය. මෙය හොඳ, සත්‍ය සහ නියමිත වශයෙන් හොඳ වැඩ කිරිමෙන් ගාන්ධි තුමන්ට දක්වන කාර්‍යාංජලියක් වනු ඒකාන්තය. 

ඉන්දිය මවගේ ප්‍රභෝදමත් දරු දෙරියනි…, ඔබට මතක ඇති පසුගිය වසර කිහිපයකට පෙර එනම් ඔක්ටෝබර් මස 2 දා සිට සති කහිපයක් තුල පවිත්‍රතාවය උසස්ම සේවයක් ලෙස සලකයි. ‘ස්වසච්ජතාහි සේවා’ යන දේශව්‍යාප්ත ව්‍යාපාරයක් අප දියත් කලෙමු. මෙවර එම ව්‍යාපාරය සැප්‍රතැම්බර් 11 දා සිට ආරඹ වේ. එම කාලය තුල ඔබ සියළුම දෙනා නිවසින් පිටට පැමිණ මහත්මා ගාන්ධි තුමන්ට දක්වන කාර්‍යාංජලි ගෞරවයක් හැටියට දහදිය හෙලා ශ්‍රමදාන කටයුතු වල යෙදෙන්නේමු. පාසැල් හෝ වේවා අසල්වාසින්ගේ යන එන මග හෝ වේවා හරස් මග හෝ වේවා කුනුකසල, අපවිත්‍ර දේ පිටකරන නල හෝ වේවා, කොලේජි හෝ වේවා, මහජනයා ගෙවසෙන තැන්වල පිරිසිදු තාවය සහතික කරමින් අප දෙවැන්ත ව්‍යාපාරයක් දියත් කරන්නේමු. මෙවර අපගේ අවධාරණය ප්‍ලාස්ටික් මලු වෙත යොමුවි පවති. අගෝස්තු 15 දා රතු බලකොටුවේ සිට ඔබ අමතා මා පැවසුවේ රටේ කෝටි 125 ක් ජනතාව විශාල උන්නදුවකින් යුතුව මෙම පවිත්‍රතා ව්‍යාපාරයට යෙදි සිටි බවයි. විවෘත වැසිකිලි නිදහසින් භාවිතා කිරිම වෙනුවෙන් මොව්හු අප්‍රතිහත ලෙස සිය ශ්‍රමය ලබාදි තිබුනි. ඒ හා සමානව ප්ලාස්ටික් භාවිතය අහෝසිකර දෙමිම සඳහා අප අත්වැල් බැඳගෙන කටයුතු කලේමු.  මෙම ව්‍යාපාරයට සමාජයේ විවිධ තරාතිරමේ ජනතාවගේ සිත් ආකර්ශණය කොට තිබුනි. මාගේ ව්‍යාපාරික සහෝදර සහෝදරියන් තම තමන්ගේ වෙළඳ ආයතන වල සාප්පුවට පැමිණිමට පෙර වෙනමම මළුවක් රැගෙන එන ලෙසට සඳහන් කරමි. දැන්විම් පුවරු අලවා තිබුනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතිරි කතිරිම සහ පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් විශාළ අනුදානයක් කලහැකිවනු ඇත. මෙවර ඔක්ටෝබර් 2 දින බාපුජිගේ 150 වන ජන්ම සංවත්සරය සමරන අවශ්ථාවේදි අප නිදහස් විවෘත වැසිකිලි පමණක් නොව රටපුරා ප්ලාස්ටික් මළු භාවිතා අහෝසිකර ඇති බවට ශ්‍රද්ධාංජලියක් පිරිනමමු. මෙම වර්ෂයේ ගාන්ධි ජයන්ති උත්සවය පවත්වන අවශ්ථාවේදි අප දෑත එක්කරගෙන මා නුඹගෙන් ඉල්ලා සිටින්නේ සෑම සමාජයකටම සෑම ග්‍රාම වැසියන්ටම සහ කුඩා සහ මහ නගර සෑම තැනකම ප්ලාස්ටික් මුක්ත භාරත මාතාවක් බහිකලයුතු බවටයි. දෙවන ඔක්ටෝබර් දිනය අප විශේෂ දිනයක් හැටියට සමරමු. මහත්මා ගාන්ධි තුමන්ගේ ජන්ම සංවත්සරය ශ්‍රමදාන උත්සවයක් හැටියට සැමරිම සඳහා රටේ සැම ජන කොටස් තම ශ්‍රමය පුදකලයුතු බවට ඉල්ලා සිටිමි. එසේම දිස්ත්‍රික්ක පරිපාලකයින්, ග්‍රාම පඤ්චයාත්, රජයේ සහ රජයේ නොවන සංවිධාන සහ රටේ සෑම පුරවැසියෙක්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරිම සහ රැස්කොට තිබිම ගැන ප්‍රමාණවත් පියවර සහතික කරන ලෙසට ඉල්ලා සිටිමි. ඒ හා සමානව භාවිතා කරනු ලැබු ප්ලාස්ටික් ද්‍රව්‍ය ඉවත්කිරිම පිලිබඳව මාර්ග සකසමින් ශක්‍රියාත්මක ලෙස සහභාගිවන ලෙසට මම ඒ ඒ අයතන වලින් ඉල්ලා සිටිමි. ඒවා යලි උද්පාදනය කිරිම සහ ඉන්ධන වලට හැරවිමද කලහැක. මේ ආකාරයෙන් දීපාවලි උත්සවය පැමිණිමට පෙර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරිම සම්පුර්ණ කලහැකි බවට සහතික කරමු. මේ සඳහා අවශ්‍යවන එකම දැය ඔබගේ අධිෂ්ඨානයයි. මේ පිලිබඳව අපෙක්ෂාවන් කෙරෙහි අප අන් අයගේ උපදෙස් ගැන බළාපොරොත්තු නොවියයුතු අතර ගාන්ධි තුමන්ගේ අපේක්ෂාවන් පිලිබඳ උපදේශයම ප්‍රමාණවත් ලෙසින් සලකමු. 

මාගේ දයාබර රටවැසියනි, අපේ සංස්කෘත සුභාසිතයේ සඳහන් ආදර්ශපුර්ව සෑම ස්ලෝකයක්ම දැනුමේ මුතු ඇටය වේ. එම ස්ලෝක වලින් අපගේ ජිවිතයේ එදිනෙදා අවශ්‍යතා සඳහා ආදර්ශයක් ලබාගත හැකිය. මේ දිනවල මමද මෙය ගැන සිත්යොමු කරන්නට අවශ්ථා යොදා නොමැති නමුදු පුර්වයේ මම නිතරම කියෙව්වෙමි. අද මම නැවතත් ඉතා වැදගත් සංස්කෘත සුභාසිතයක් පවසන්නට යමි. මෙම ස්ලෝක පේලිය වසර සියගණනකට පෙර ලියා තිබුනු නමුදු අදත් ඒවායේ වැදගත්කම විශාල ලෙසින් අදාල වේ. උත්කෘස්ත සංස්කෘත පාඨයක් මම දැන් පාථය කරමි.

“පෘථවියං ත්‍රීණි රත්නාණි ජල මන්නම් සුභාසිතම්

මූධෙයි පාෂාණඛණ්ඩේශු රත්න සඤා ප්‍රදියතෙයි”

ජලය, ධාන්‍ය වර්ග සහ සුභාසිත යන මේ තුන පෘථවිය මත පවතින මැණික් වර්ග වෙති. මෝධ පුද්ගලයා පාෂාණ වල ලැබෙන මැණික පමණක් මැණික ලෙස සිතයි. අපගේ සංස්කෘතිය ආහාර පිලිබඳව ගෞරවය විශේෂයෙන් නිරූපනය කර ඇත. අප ආහාර පිලබඳ දැනුම විද්‍යාවට පරිවර්තන කර ඇත. සමබර සහ පෝෂ්‍යදායි ආහාර අප සැමටම අවශ්‍ය මෙන්ම වැඩියෙන්ම අවශ්‍යවන්නේ අපගේ අනාගත සමාජය ගොඩනගන කාන්තාවන් සහ නව උපත් දරු දැරියන්ටය. ‘පෝෂණ අභියාන්’ ව්‍යාපාරය යටතේ පෝෂ්‍යදායි ආහාර සුලබ කිරිම සඳහා නවි විද්‍යාත්මක පද්ධතියක් සකසාගෙන යන අතර එය රටපුරා ව්‍යාපාරයක් හැටියට දියත් කර ඇත්තෙමු. ජනතාව නවිනතම සහ ඉතා උද්යෝගයෙන් යුතුව මන්දපෝෂණයට එරහිව සිත්ගන්නසුළු සටනක යෙදි සිටියි.

වරක් ඉතා වැදගත් කරුණක් මගේ සිතට ආවේය. එනම් “ මුත්ථිබර් ධාන්‍ය හෙවත් මුෂ්තිම ධාන්‍ය යන මුලිකත්වයක් රැගෙන ” එය විශාල ව්‍යාපාරයක් හැටියට නාසික්හිදි දියක් කලේමු. මෙම නව යෝජනා ක්‍රමය යටතේ අස්වැන්න නෙලන කාලය තුල අංගනවාදි කම්කරුවෝ ජනතාවගෙන් මුෂ්ථියක් පමණ ධාන්‍ය එකතු කලහ. මෙම ධාන්‍ය ළමුන් සහ කාන්තාවන්ට උණු උණු කෑම ලබාදිම සඳහා යොදගනු ලැබිය. මේ අනුව මුෂ්තිමය ධාන්‍යයකින් සහයෝගය දක්වන පුද්ගලයා සිවිල් සමාජයේ කම්කරුවන්ගේ අවධානය තවත් උස්සන්න බවට පත්කර ඇත. මෙම පියවරවල් තුලින් එම පුද්ගලයා තමන්ම කැපවි මෙම ව්‍යාපාරයේ සොල්දාදුවෙකු බවට අපි පත්වි සිටිමු. ‘ අන්නප්‍රසන්න සංස්කාර් ‘ වැඩසටහන යටතේ පලමු වරට රටපුරා තැනින් තැන ගොස් බඩු විකුණන පවුල් වලට විශාළ සහායක් ලබාදි ඇත. මෙම චාරිත්‍රය බඩු වකුණන් හෝ බර ආහාර ප්‍රථම වරට අනුභව කිරිමට අවශ්ථා ලැබි ඇති අතර, කැඳ වැනි ආහාර අතහැර දමා ඇත. 

2010 වසරදි, ගුජරාට් ප්‍රාන්තයේදි මෙම ‘අන්න ප්‍රසන්නසංස්කර්’ වැඩසටහන යටතේ කුඩා ළමුන්ට අතිරේක ආහාර සපයනු ලැබු අතර මේවා තුලින් ජනතාවට අවදිවිමක් ව්‍යාප්ත කිරිම සඳහා මුලිකත්වය රැගෙන ඇත. රටේ කොතැනකදි හෝ සිදුකල හැකි මෙය විශාළතම මුලිකත්වයකි. රටේ විවිධ ප්‍රාන්ත වල ජනතාව යම් යම් දිනවල පමණක් මෙම ආහාර ව්‍යාපාරය පවත්වති. උපන් දින උත්සවයකදි, වෙනත් ආගමික උත්සවයකදි හෝ කිසියම් අනුෂ්මරණිය උත්සවයක් පවත්වන අවශ්ථා වලදි ඒ ඒ පවුල් රස බොජුන් සකස්කරගෙන අංගනවාදි වල නැතිනම් පාසැල් වලට ගොස් කුඩා දරුවන් පෝෂණය කිරිම සඳහා ආහාර බෙදා හරිති. මෙසේ කිරිමෙන් ඔවුන් සතුට බෙදාගන්නා පමණක් නොව ඊට ප්‍රතඵලයක් වශයෙන් අර්ථවත් පුළුල් සතුටක් ඔවුන් ලබා ගනිති. මෙවැනි සේවය කිරිමෙන් සෑහිමකට පත්විමක් ජනතාවට ලැබෙන අතර ආශ්චාර්‍යජනක ලෙස ජනතාව ඊට කැපවිද ඇත. 

මිත්‍ර වරුනි, මන්දපෝෂණයට විරුද්ධව කාර්‍යක්ෂම ලෙස සටන් කිරිමට යොදාගත හැකි නොයෙක් මාර්ග අප සතුව ඇත. අද ප්‍රවේශම්විමක් මඳවිම නිසා දුප්පත් සහ තරමක ධනවත් පවුල්ද මන්දපෝෂණයෙන් පෙළි සිටියි. ලඟ එන සැප්තැම්බර් මාසය රටපුරා ‘පෝෂණ් අභියාන්’ ලෙසින් සමරමු. මිට ඔබ අනිවාර්‍යෙන් සහභාගි විය යුතුය. ඒ පිළිබඳ තොරතුරු ලබාගෙන ‘පෝෂණ් අභියාන්’ නව මුලිකත්වය ගෙන ඔබගේ සහයෝගය දැක්විය යුතුය. මන්දපෝෂණයෙන් ජනතාව මුදවා ගැනිමට හැකිවුහොත් එයින් අදහස් වන්නේ…අප මුළු රටම මන්දපෝෂණ චක්‍රයෙන් මුදවා ගැනිමට හැකිවනු ඇති බවයි. 

……..ශ්‍රිෂ්ථිවිද්‍යාගේ ඇමතුම……

ශ්‍රිෂ්ථි මහත්මිය, ඔබගේ ඇමතුමට බොහොම ස්තූතියි, ඔබ වගේම හරියානා ප්‍රාන්තයේ සොහ්නා සිට කේ.කේ. පන්ඩේ නැමැත්තෙකු සහ සුරත් සිට අයිශර්ව්‍ය සර්මා නැමැත්තියෙකු මා ඇමතූ අතර DISCOVERY රූපවාහිනි සේවය මගින් නිර්මාණය කරගෙන යන MAN VERSES WILD වැඩසටහන ගැන ඔවුන් දෙනගැනිමේ ආශාව පළකොට තිබුනි. මෙවර මගේ ‘මන්කි බාත්’ වැඩසටහනේ ප්‍රශ්න රාසියක් ගලා ඒවි කියා මමද කල්පනා කල අතර ඒ සිතූ ආකාරයටම සියළු දේ සිදුව ඇත. පසුගිය සති කිහිපය තුල මා යන තැන් තැන් වල නොයෙකුත් මිනිසුන් මූණ ගැසි MAN VERSES WILD වැඩසටහන ගැන සඳහන් කලේමු!  මෙම එකම ජවනිකාව තුලින් ලොව වටා තරුණයින් සමග සම්බන්ධවිමක් මා අදහස් නොකල සේම මෙවැනි වැඩසටහන් තුලින් තරුණයින්ගේ සිත් දිනාගත හැකි බවට මා කිසිදාක නොසිතුවේමි. එසේම විවිධත්ව කෙරෙහි රටේ තරුණයෝ මෙන්ම ලොව වටා සිටින තරුණයෝ තම අවධානය යොමු කරන බවටද මම කිසිදාක නොසිතුවෙමි. 

ලොව වටා වාසය කරන තරුණ ජනතාවගේ සිත් දිනා ගැනිම සඳහා මට මෙවැනි අවශ්ථාවක් ලැබේ යැයිද මම කිසිකලක නොසිතුවෙමි. සිදුවන්නේ කුමක් දයි, බලාගනු මෙනවි? පසුගිය සතියේ මම භූතානයට ගියේමි. අග්‍රාමාත්‍ය වරයෙකු ලෙසින් සංචාර කිරිමට මට අවශ්ථාව ලැබුනු අතර එහි ගෞරවය ‘ජාත්‍යන්තර යෝග දිවසට’ හිමිවු වුවාමෙන්ම දැන් ලෝකයේ කුමන රටකට ගියෝත් මම යෝග කිරිම සඳහා ව්‍යායමයට යෙදෙමි. සමහර අය යෝග පිලිබඳව මගින් ප්‍රශ්ණ කරන අතර විනාඩි හතක පමණ ප්‍රශ්ණ වලට උත්තර දිමේ සැසිවාරයක් කැඳවිමට මට සිදුවි තිබුනි.

යෝග ව්‍යායම් පිලිබඳ මාගේ අත් දැකිම් ගැන ප්‍රශ්ණ සහ සාකච්ජා නොකරන ලෝකයේ පුරා කිසිම රාජ්‍යනායකයෙක් නැති තරම්ය. නමුත් මේ දිනවල මම සාකච්ජාවේ අළුත් කලාපයකට පිවිසි සිටිමි. කොහේ හරි…කවුරු හෝ…මා මුණ ගැසෙන අය මේ දිනවල මා සමග සාකච්ජා කරනුයේ වනසත්ව පරිසරය…, පරිසරය, ව්‍යාඝ්‍රයා, ආසියානු සිංහයා සහ පරිණාමය ගැනයි. ඒ අය ස්වභාව ධර්මයා ගැන උනන්දු දැක්විම ගැන මම විශ්මිත වෙමි. 

DISCOVERY රූපවාහිනි සේවය මෙම වැඩසටහන ඒ ඒ රටවල කථාකරන භාෂා 165 න් විසුරුවා හැරිමට සැළසුම් කර ඇත. අද ලෝකය පුරා පරිසර, ගෝලිය උණුසුම සහ දේශගුණික පරිවර්තනය වැනි ප්‍රශ්ණ ගැන ලෝක අවධානය යොමුවි පවතින බැවින් DISCOVERY රූපවාහිනි සේවය මගින් විසුරුවා හරින මෙම වැඩසටහන තුලින් ස්වභාව ධර්මයා කෙරෙහි ඉන්දියාව දක්වන කාරුණික, පාරම්පරික කැපවිමේ ඉන්දියාවේ පණිවිඩය විසුරුවා හැරිමට හැකිවනු ඇත. 

ඉන්දියාවේ පිරිසිදු පරිසරය සහ දේශගුණික සාධාරණත්වය ගැන රැගෙන තිබෙන පියවරයන් දෙනගැනිමට ජනතාව උත්සුක වනබවට මම විශ්වාස කරමි. නමුත් සිත්ගන්නාසුළු දැය නම් අකමැත්තැන් වුවද බොහෝ දෙනෙකු අසන එකම ප්‍රශ්ණය නම් “ මෝදි මහතාණනි, Bear Grylls ට හින්දි නොතේරේ…එසේ නම් මූලික හමුවේදි ඔබ ඔහු සමග කථා කලේ කෙසේද ? එම වැඩසටහන නිෂ්පාදනය කලද ? එම වැඩසටහන සඳහා රූපගත කිරිම්…කි සැරයක් සහ කේසේ සිදුවුයේද..? ” මොවුන් ඉතා කුතුහලෙන් අසන ප්‍රශ්ණයයි ඒ.

දැන්…එය අමුතු දෙයක් නොවේ…බොහෝ මිනිස්සු මෙම ප්‍රශ්ණය සම්බන්ධව ඔවුන්ගේ සිත්වල කුතහලයක් තබා සිටිති. ඒ නිසා මම මෙහි රහස හෙළිදරව් කිරිමට යමි.  ඇත්ත වශයෙන්ම එක් අතකින් බලන විට එහි කිසිදු රහසක් නැත. එහි සත්‍යතාවය නම් Bear Grylls සමග සංවාද පවත්වන අවශ්ථා වලදි නවින තාක්ෂණය පුළුල් ලෙස යොදා ගැනිමයි. මම කථාකරන සෑම දෙයක්ම ඉංග්‍රිසියට පරිවර්තනයවේගෙන යන අතර Bear Grylls එහි අනුවාදයට සවන්දිම සඳහා CORDLESS සූක්ෂම යන්ත්‍රයක් කණෙ සවිකර සිටියි. ඉතින් මම හින්දි බසින් කියන දේ ඔහුට ඉංග්‍රිසි බසින් ඇසෙන අතර මෙම විශ්මිත සූක්ෂම තාක්ෂණය නිසා අප දෙදෙනා අතර සංවාද පැවැත්විම පහසු වි ඇත. 

මෙම වැඩසටහන විසුරුවා හැරිම සමගම මිනසුන් විශාල පිරිසක් JIM CORBEDD ජාතික උද්‍යානය පිලිබඳව සාකච්ජා කිරිමට ආරඹකර ඇත. ඔබද, ස්වාභාවික මෙන්ම වන සත්ව ජිවිතයට අදාල ස්ථාන වලට අනිවාර්‍යෙයන් සංචාර කලයුතුය. පෙර මා සඳහන් කල පරිදි ඔබ ඊසානදිග ප්‍රාන්ත වලට සංචාර කලයුතු බවට යළි අවධාරණය කරමි. ඉතා ප්‍රභෝදමත් ස්වභාවධර්මයක් එහි පවතින අතර අනිවාර්‍යෙන් ඔබ විශ්මයට පත්කරනු ඇත ! ඔබගේ ක්ෂිතිජයද පුළුල්වනු ඇත. රතු බලකොටුවේ සිට අගෝස්තු 15 දා මා පැවැත්වු කථාව තුලින් ඔබ අනිවාර්‍යෙන්ම වසර තුනක ඇතුලට ප්‍රදේශ 15 ටද ඉන්දියාවේ ස්ථාන 15 ටද සංචාරය කරමු. ඔබගේ සංචාරක ව්‍යාපාරය තහවුරු කරගන්නා ලෙසට මා ඉල්ලා සිටියේමි ! දැකිමෙන් නිරික්ෂණය කරන්න. තම පවුල සමග සුළු කාලයක් ඒ වෙනුවෙන් ගතකරන්න. 

අප රට විවිධත්වයෙන් පරිපුර්ණ වගේම එමම විවිධත්ව ගුරුවරයෙකු හැටියට ඔබට විශාල දැනුම සම්භාරයක් ලබාදෙනු ඇත. ඔබගේ ජිවිතයද පරිපුර්ණ බවට පත්වනු ඇත. ඔබගේ චින්තනයද පුළුල්වනු ඇත. මට විශ්වාසය. ඉන්දියාව තුල එවැනි ස්ථාන වලට සංචාර කිරිමෙන් ඔබගේ උත්සාහය, ශක්තිය, ආශාව සහ අපෙක්ෂාවන් වර්ධනය වන අතරම ඔබ නිතැතින්ම එම ස්ථාන වලට යළ පැමිණිමට බළාපොරොත්තුවෙන් පසුවන අතරම ඔබගේ මුළු පවුල තුලද එවැනිම අදහස් බිහිවනු ඇත. 

මා දයාබර රටවැසියවනි, ඉන්දියාවේ පරිසර සංරක්ෂණ පිළිබඳ අවධාරණය ඉතා ස්වාභාවිකයි. පසුගිය මස රටේ ව්‍යාඝ්‍රයින්ගේ සංඛ්‍යාලේඛණය නිකුත් කිරිමට වාසනාව මට හිමිවි තිබුනි. ඉන්දියාවේ ව්‍යාඝ්‍රෙයෝ කොපමණ සිටිද බව ඔබ දන්නේහිද ? ඉන්දියාවේ ව්‍යාඝ්‍රයින්ගේ සංඛ්‍යාව දෙදහස් නවසිය හැට හත්දෙනෙකි (2967). 

වසර කිහිපයකට පෙර වර්තමාන තත්වයට වඩා ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව අඩක් පමණ විම නිසා අපට විශාළ දුෂ්කරතාවයන්ට මුහුණපාන්නට සිදුවිය. 2010 රුසියාවේ St.Petersberg හිදි ව්‍යාඝ්‍ර සමුළුවක් පවත්වනු ලැබිය. මෙම සමුළුවේදි ලෝකයේ ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව පහත වැටිම පිළිබඳව අවධාරණය කල යෝජනාවක් සම්මත කරගනු ලැබිය. වර්ෂ 2022 වනවිට ව්‍යාඝ්‍රයන්ගේ සංඛ්‍යාව දෙගුණ බවට පත්කිරිමට යෝජනා සම්මත කරගැනිමට හැකිවිය. නමුත් ඉන්දියාවේ අප එම යෝජනාව හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරමින් අපගේ යෝජනා ක්‍රමය සම්පුර්ණ කිරිමට හැකි වුයේමු. 2019 තුලදිම අප ව්‍යාඝ්‍රයන්ගේ සංඛයාව දෙගුණ බවට පත්කලේමු. ව්‍යාග්‍රයන්ගේ සංඛ්‍යාව පමණක් නොව ව්‍යාඝ්‍රයන්ගේ සංඛයාව දෙගුණ බවට පත්කිරිමට පමණක් නොව සුරක්ෂිත ප්‍රදේශ සහ ප්‍රජාසංරක්ෂණ වර්ධනය කිරිමට හැකිවුයේමු. 

ව්‍යාඝ්‍රයන් පිළිබඳව සංඛයා ලේඛණය නිකුත් කරන අවශ්ථා වලදි ගුජරාටයේ ගීර් අභයභුමියේ ආසියානු සිංහයන් පිළිබඳවද මට සිහිපත් විය. මම ගුජරාට් ප්‍රාන්තයේ මහා ඇමතිධුරයේහි සිටි අවශ්තාවේදි ගිරි අභයභූමියේ සංහයන්ගේ සංඛ්‍යාව පහත වැටෙන අයුරු දුටුයෙමි. ඔවුන්ගේ සංඛ්‍යාව පහත වැටෙමින් පැවතුනි. ඒ නිසා අප ගීර් අභය භූමිය තුල විවිධ පියවරයන් දියත් කලේමු. වර්ෂ 2017 දි එහි කාන්තා ආරක්ෂකයින් පත්කිරිමට තීරණය කලේමු. එහි සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරිම සඳහා අධෝව්‍යුහ වර්ධනය කිරිමට පියවර ගත්තේමු.  අප ස්වභාව ධර්මයා සහ වනසත්ව ජිවිත ගැන කථා කරන විට සංරක්ෂනය ගැන පමණක් කථා කරමු. නමුත් දැන් අප සංරක්ෂනය ඉක්මවා කරුණාව ගැන චින්තනය කලයුතු වේ. මෙම විෂයන් පිළිබඳව අපගේ ධර්ම ග්‍රන්ථයේ, විශාල උපදෙස් මාලාවක් අපට ලබාදි ඇත. සියවස් ගණනාවකට පෙර අපගේ ධර්ම ග්‍රන්ථයේ මේ අයුරින් සඳහන් කොට ඇත. 

“ නිර්වනේ  වද්‍යතේ ව්‍යාඝ්‍රෝ,  නිර්ව්‍යාග්‍රම් සිද්‍යතේ  වනම්…

තස්මාද් ව්‍යාඝ්‍රෝ වනං රක්ෂේත්, වනං ව්‍යාඝ්‍රං න පාලයෙත් ”

එනම්…“වනය නොමැති නම් ව්‍යාඝ්‍ර යෝ මිනිස් වාසස්ථාන වලට ප්‍රවිෂ්ථවි මරණයට ලක්වෙන්වා හා සමානව ව්‍යාඝ්‍රයෝ නොසිටිනම් මිනිසා වනාන්තර විනාශ කරනවා.” ඇත්තවශයෙන්ම ව්‍යාඝ්‍රයා වනාන්තර ආරක්ෂා කරන මිසක වනාන්තරය ව්‍ය්‍රඝයා ආරක්ෂා නොකරයි. අපගේ මුතුන් මිත්තෝ ඉතා ගැලපෙන ආකාරයෙන් මෙම සත්‍යතාවය අපට පැහැදිළි කර දි ඇත. ඒ නිසා අපට වෘක්ෂලතා හෝ වනාන්තරය පමණකත් නොව වන සතුන් නිදැල්ලේ වාසය කරමින් වර්ධනය වියහැකි පරිසරයක්ද ගොඩනැගිය යුතුය. 

මාගේ දයාබර රට වැසියනි, 1893 සැප්තැම්බර් 11 දා ස්වාමි විවේකානන්ද පැවැත්වු ඓතිහාසික දේශණය අමතක කලහැක්කේ කාහටද ? මුළු ලෝකයම මානව වර්ගයාගේ විඥාණය සැළවු ඉන්දියාව් මේ තරුණ පූජකයා ඉන්දියාවේ පැහැපත් හැඳිනිම ලොවට ලබාදුන්නේය. ලොව පුරා ඉන්දියාව පිළිබඳව තිබුනු වැරදි සහගත අදහස් සහ විවිධාකාරයෙන් වැරදි ලෙස ඉන්දියාව ගැන පෙන්නු දර්ශණය 1893 සැප්කැම්බර් 11 දා  ස්වාමි විවේකාන්ද් වැනි පුද්ගලයෙකු විසින් හරිගස්සා පෙන්නුවේය. එබැවින් ඉන්දියාව පිළිබඳව ස්වාමි විවේකාන්නද් දුතු ආකාරය සහ ඉන්දියාවේ සවිය ගැන ස්වාමි විවේකානන්ද් කල අවබෝධය අපද අනුගමනය කරමු. අප සැම දෙයක්ම අප තුල සතුව ඇත. එබැවින් විශ්වාසයකින් යුතුව ඉදිරියට ගමන් කරමු. 

මාගේ දයාබර රට වැසියනි, අගෝසුතු 29 දිනය ජාතික ක්‍රිඩා දිනය ලෙසට සමරනු ලබන බවට ඔබ දන්නේහිය. මෙම අවශ්ථාවේදි අප රටපුරා FIT INDIA MOVEMENT ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කරමු. අප ඉබලසම්පන්න වන තරමට රටද බලසම්පන්න කිරිමට පුළුවන් වෙමු. ළමයින්, වැඩහිටියන්, තරුණයන් සහ කාන්තාවන්ටද සහභාගිවිය හැකි මෙම ව්‍යාපාරය ඉතා සිත්ගන්නාසුළු එක්ක වනු ඇත. අද මම මේ ගැන වැඩි විස්තර හෙළි නොකරමි. අගොස්තු 29 දිනය එනතුරු බළා සිටින්න ! FIT INDIA MOVEMENTව්‍යාපාරය ගැන කරුණු මා අගොස්තු 29 දා වැඩි තොරතුරු හෙලිදරව් කිරිමට යන අතර ඔබ සෞඛ්‍යසම්පන්නව සිටියයුතු බැවින් මෙම ව්‍යාපාරයට ඔබ සම්බන්ධ කරගැනිම ගැන මම අමතක නොකරමි! සෞඛ්‍යසම්පන්න ඉන්දියාවක් ගොඩනැගිම සඳහා සෞඛ්‍යසම්පන්න බවක් ගැන ඔබට දැනුමක් ලබාදිම මට අවශ්‍ය වන අතර රට එක්සත්වි රටේ යම් යම් ඉලක්කයන් දිනා ගැනිම සඳහා කටයුතු කරමු. 

මාගේ දයාබර රටවැසියනි.,  අගෝස්තු 29 දා පැවැත්වෙන FIT INDIA MOVEMENTව්‍යාපාරය, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ‘පෝෂණ අභියාන්’ ව්‍යාපාරය, සැපතැම්බර් 11 දා සිට ඔක්ටෝබර් 2 දා දක්වා පැවැත්වෙන ‘ස්වච්ජ්තා අභියාන්’ යන ව්‍යාපාර වල ඔබගේ සහභාගිත්වය ගැන මම බළාපොරොත්තුවෙන් සිටිමි.  නැවතත් ඔක්ටෝබර් 2 දින රටෙන් ප්ලාස්ටික් භාවිතය තුරන්කර දෙමිම සඳහා සම්පුර්ණ ලෙස කැපවි ක්‍රියාකරන්නේමු. අප සැමෝම එකතුවි තම නිවසින් හෝ පිටතින් ප්ලාස්ටික් භාවිතය අහෝසි කර දෙමිම සඳහා අපගේ ශක්තිය යොදවන්නේමු. සමාජ මාධ්‍යවල මෙම ව්‍යාපරයන් පිලිබඳව නානා කථා නැගෙනු ඇති බව මම දනිමි. නව උත්සාහයකින්, නව අධිෂ්ඨානයකින් සහ නවිකරණය කරනලද සවියකින් ඉදිරියට යාමට අත්වැල් බැඳගන්න.

මාගේ දයාබර රටවැසියනි…, අදට නියමිත…’ මන් කි බාත් ‘ වැඩසටහන එපමණයි. මා නැවත ඔබ හමුවන්නේමු. ඔබගේ අදහස් උදහස් ගැන මම බළාපොරොත්තුවෙන් සිටින්නේමු. අපගේ නිදහස් සටන්කාමින් මෙන්ම ගාන්ධි තුමන්ගේ සිහිනය වන ‘ස්වාන්ත සුඛය’ සැබෑ කරගැනිම සඳහා එන්න. අප අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන්කරමු…සේවා සපයමින් අපගේ අභ්‍යන්තරික ආශිර්වාදයේ විනෝදය වින්දනය කිරිම සඳහා අප ඉදිරියට ගමන් කරමු…

ඔබට බොහොම ස්තූතියි…!

නමස්කාර්…ආයුබොවන්….!