“සිතේ කතාව”

ආයුබෝවන්; මාගේ දයාබර රටවැසියනි. අද දීපාවලි මහෝත්සවයයි. දිපාවලි උත්සවය වෙනුවෙන් ඔබ සැමට ශුභාශිංෂණය කරමි. අප රටේ සාමාන්‍ය කියමනක් තිබෙනවා:

ශුභම් කරොති කල්යාණම්; ආරෝග්‍ය ධනසම්පදාම්

ශතෘබුද්ධි විනාසාය දිපජොතිර්නමස්තුතේ.

කොපමණ උතුම් කියමනක් ද . මෙම ශ්ලෝකයෙන් කියවෙන්නේ–ආලෝකය යනු සැපයයි; සනිපාරක්ෂාව හා සමෘද්ධිභාවය රැගෙන එනවා. විපරිත බුද්ධිය විනාශ කොට සත්බුද්ධිය ලබා දෙනවා. මෙවන් දිව්‍යාලොකයාට මගේ නමස්කාරය. මෙවන් උත්සව සමයේ මෙයට වඩා උතුම් කියමනක් තව කොයින්ද. ඒ නිසා මෙම ආලෝකය පතුරුවා ශුභවාදි ලෙස අසත් බුද්ධිය විනාශ කර දැමිම සඳහා මෙම උතුම් වු වාක්‍යය අප සිහියේ තබා ගනිමු. මේ දිනවල ලෝකයේ විවිධ රට රාජ්‍යවල දිපාවලි උත්සවය සමරනු ලබනවා. ඒ ඒ රටවල මෙම උත්සවයට හුදෙක් ඉන්දියානු සම්භව්‍යය ඇති අය පමණක් නොව ඒ ඒ රටේ ජනතාව; සංගම් හා විවිධ සාමාජික සංස්ථා මෙම උත්සවයට ඉතා සිත්ගන්නාසුළු අයුරෙන් සහභාගි වෙනවා. හරියට වෙනමම ඉන්දියාවක් බිහි වුවා වාගේ.

මිත්‍රවරුනි; උත්සවමය සංචාරක ව්‍යාපාරයද අපගේම චිත්තාකර්ෂනයට ලත් වි ඇත. උත්සවිය රටක් හැටියට ප්‍රසිද්ධ අපගේ රට උත්සවමය සංචාරක ව්‍යාපාරය කෙරෙහිද විශාල බලාපොරොත්තු තැබිය හැකිය. අපගේ පරමාර්ථය විය යුත්තේ හෝලි හෝ වේවා; පොංගල් හෝ වේවා; ඕනම් හෝ වේවා; බිහු හෝ වේවා විනෝද විය හැකි අයුරින් දේශිය විදේශිය ආකර්ෂනය යොමු කරවා ගත හැකි අයුරින් අප උත්සව සැමරිය යුතුය. අප රටේ විවිධ ප්‍රාන්ත; විවිධ රාජ්‍යවල මෙපමණ උත්සව තිබෙනවා ඒ හැම උත්සවයක්ම විදේශිකයන් සඳහා ඉතා සිත්ගන්නාසුළු බවට පත් වි තිබේ. ඒ නිසා ඉන්දියාවේ උත්සවිය සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට විදේශගතව සිටින ඉන්දියානු ජාතිකයන්ගේද විශාල භුමිකාවක් පවති.

දයාබර රටවැසියනි පසු ගිය “මන් කී බාත්” වැඩසටහන මගින් මා ප්‍රකාශ කළේ මෙවර දිපාවලී උත්සවය තරමක් වෙනස් ස්වරූපයකින් පවත්වන බවයි. එන්න; අප සැවෝම එකමුතු වි මෙම දිපාවලි උත්සවයේදි කාන්තාවන්ගේ ශක්තිය හා ඔවුන් ලබා සිටින අභිවෘදිධියන් අනුසස්මරණය කරමු; එනම් කාන්තාවන්ට සම්මානය පුද කරමු. මගේ එම ප්‍රකාශණය දුටු විගසම ගණන් කළ නොහැකි තරමට ජනතාවගේන් ප්‍රතිචාර ගලා එන්නට විය. “මගේ මව මගේ ශක්තිය වන්නේ” යයි වොරංගල් සිට කොඩිපකා රමෙස් නැමැත්තා මා වෙත ලියා එවා ඇත. “1990 ගණන්වල මගේ පියා මිය ගියායින් පසුව මගේ මෑණියෝ අප දරැවන් පස් දෙනෙකු හදාමඩා ගැනිමේ කටයුත්ත බාර ගත්තාය. දැන් අප පස් දෙනාම හොඳ රැකියාවල නියුතුව සිටිමු. මගේ මව මා සඳහා සජිවි දේවියෙකි. ඈ මා සඳහා සැම දෙයක්ම වන අතර ඈ භාරතයේ සිරි දෙව්දුව ද වේ.”

“රමෙස් මහත්මයා, ඔබගේ මෑණියන්ට මගේ නමස්කාරය හිමි වේවා.” තවත් කාන්තාවක් ඔන් ලයින් මගින් කතා කරමින් පවසා සිටියේ; “මගේ මව වන මේජර් ඛුෂ්බු කේවර් භාරතයේ සිරි දෙව්දුව වේ, ඈ බස් කොන්දොස්තර් කෙනෙකුගේ දුවක් වුවද හමුදාවට බැඳිමෙන් ඇසැම් රයිපල් හමුදාවේ කාන්තා අංශයේ නායක්ත්වය දැරුවාය.” කවිතා තිවාරි මහත්මිය සඳහා ඇගේ දියණිය සිරි දෙව්දුව මෙන්ම ඇගේ සවියයි. ඇගේ දියණිය දක්ෂ චිත්‍රකාරියකි. ඈ චිත්‍ර ඇඳිමේ තරග විභාගයෙන් ඉතා උසස් ලෙස සමත් වුවාය. ඒ වගේම මේඝා ජෛන් මහත්මිය ලියා එවා ඇත්තේ එක්තරා 92 හැවිරිදි කාන්තාවක් ග්වාලියර් දුම්රියපොලේ සිය ජිවිතය පුරා මගින්ට නොමිලේ බොන ජලය බෙදා දුන් බව සඳහන් කරයි. මෙම වයසක කාන්තාව කෙරෙහි මේඝා මහත්මිය අතිශයින් සතුටට පත් වෙයි. මෙවැනි කොතෙකුත් සිද්ධින් මා වෙත යොමු කරනු ලැබ ඇත. ඔබද මෙම තොරතුර කියවන්න, තම තමන් මෙවැනි වාර්තා බෙදා හරින්න මම භාරතයේ මෙම ආදර්ශමත් සිරි දෙව්දුවරුන්ට ආදරපූර්වකව මගේ සම්මානය පුද කරමි.

දයාබර රටවැසියනි, 17 වන සිය වසේ විසු කවි සාංචි හෝනම්මා, එම සිය වසේ කන්නඩ භාෂාවෙන් කවි ලිව්වාය. එම කවියේ භාවාර්ථය, භාෂාව හැසිරවු ආකාරය ගැන තවමත් මිනිස්සු කතා කරන අතර ඈ එම වකවානුවේ වාසය කළ සිරිදෙව් දුවකි. ඇත්ත වශයෙන්ම 17 වන සිය වසට අයත් වුවද භාෂාව ඉතා සරල අයුරින් හසුරුවා ඇති ආකාරය ඉතා ප්‍රශංසනියයි. කන්නඩ භාෂාවෙන් ලියවුණු මෙම කවි පන්තියේ භාෂාව, භාවය හා ප්‍රකාශ කරන ආකාරය කොපමණ අපුරුද.

පෙන්නිඩා පමුංගොඩනු හිමවන්තනු, පෙන්නිඩා භෘගු පචින්ඩානු, පෙන්නිඩා ජනකරායනු ජසුලීඩනු, පෙන්නිඩා බ්‍රැහු පර්චින්ඩානු, පෙන්නිඩා ජනකරායනු ජසුවලෙන්ඩානු.

එනම්; පර්වත රාජයා වන හිමවන්ත තමන්ගේම දියණිය වන පාර්වතී නිසා ද, භෘගු සෘෂිවරයා තමන්ගේ දියණිය වන ලක්ෂ්මි නිසා ද, ජනක රජු තම දියණිය වන සීතාව නිසාද ප්‍රසිද්ධියට පත් වුහ. අපගේ දියණියෝද අපගේ ගෞරවය මෙන්ම අපගේ මහාන් ආත්මයෝ වෙත්, අපගේ සමාජය ශක්තිමත් කරමින් ඔවුන්ගේ පැහැදිලි අනාගතයක් සාදා ගනිති.

මාගේ දයාබර රටවැසියන් 2019 නොවැම්බර් 12 වන දිනය, එනම් මේ දිනය එම දිනය වේ මෙදින ගුරු නානක් තුමාගේ 550 වන ජන්ම සංවත්සරය ලෝකය පුරා සැමරිමට යයි. ගුරු නානක්තුමාගේ උගෙන්විම් ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා ව්‍යාප්ත වි ගොස් තිබේ. විවිධ රටවල අපගේ සීඛ් සහෝදර සහෝදරියෝ වාසය කරන අතර ඔවුන් හැමෝම ගුරුනානක්තුමාගේ ඉගෙන්විම් පිළිපදිති. වෙන්කුවර් සහ ටෙහෙරානිය් පිහිටි ගුර්ද්වාරා හෙවත් සීඛ කෝවිලවලට මා කළ සංචාරය කිසිකලෙක මට අමතක නොවේ. ගුරුනානක් පිළිබඳ කොළ පිටු ගණන් ලියන්නට පුළුවන් වුවද මන් කි බාත් වැඩසටහනතුලින් ප්‍රකාශ  කිරිම පහසු නොවේ. එතුමා සැමවිටම තම සේවය අගය කළේය. ආත්මාර්ථකාමිත්වයෙන් තොරව කරන සේවයන්ට කිසිදු ගෙවිමක් කළ යුතු නොවන බවට ගුරු නානක්තුමා නිතර සඳහන් කළේය. ජාතියේ උස් පහත් භේදයට විරුද්ධව ඔහු කෙළින් නැගි සිටියේය. ගුරු නානක්තුමා තමන්ගේ පණිවිඩය ලෝකයේ දුර ඈත ප්‍රදේශවලට පතුරුවා හැරියේය. රටේ තැනින් තැනට වැඩිවෙයන්ම චාරිකා කළ පුද්ගලයාද මෙතුමා විය. යන යන තැන එතුමා තමන්ගේ විනම්රභාවය, සරල භාවය, හා නිහතමානි භාවයතුලින් ජනතාවගේ සිත් දිනා ගැනිමට සමත් විය. උදාසි යනුවෙන් හැඳින්වෙන යාත්‍රා කිපයකටද ගුරු නානක්තුමා යෙදුණේය. සද්භාවනා සන්දේශය රැගෙන මෙතුමා උතුරු නැගෙනහිර, දකුණු සහ ඊශාන දිග යන ප්‍රාන්ත වලට චාරිකා කරමින් ඒ ඒ ස්ථානවල ජනතාව, මෙන්ම පූජකවරුන් හමු වි නොයෙකුත් විෂයන් පිළිබඳව සාකච්ඡා පැවැත්විය. ඇසෑම් ප්‍රාන්තයේ එවක සිටි ශංකරදෙවතුමාද මෙතුමාගේ දේශනා අසා විස්මිත වු බවට සාමාන්‍ය කතාවක් පවති. මෙතුමා හරිද්වාර් පවිත්‍ර ස්ථානය වෙතද සංචාරය කර ඇත. කාශි හි පිහිටි ගුර්ද්වාරා ගුර්බාග් මන්දිරය වෙත පැමිණ නානක්තුමා එහි කලක් නැවති සිටි බව ද කියවේ. බෞද්ධයන්ට අයත් සිද්ධස්ථාන වන බුද්ධගයාව හා රාජගිරිය වෙතට මෙතුමා සංචාරය කර ඇත. දකුණු ඉන්දියාවෙන් ගුරු නානක්තුමා ලංකාවටත් සංචාරය කළ බව කියවේ. කාර්නාටක් ප්‍රාන්තයට චාරිකා කළ නානක්තුමා එහි පැවැති බොන ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දි ඇත. එම ස්ථානයේ ගුරු නානක් ජිරා නමින් නාන්ක්තුමා වෙනුනේ ඉදි කළ සිද්ධස්ථානයක් ගැන අපට සිහිපත් කර දෙයි. එතුමාගේ උදාසි නම් වැඩසටහනතුලින් එතුමා කාශ්මිරය හා ඒ අවට ප්‍රදේශවලට සංචාරය කළේය. එම ගමනේදි එතුමා තිබ්බත් රට වෙතද චාරිකා කළ අතර තිබ්බත් ජාතිකයෝ එතුමාව ගුරු ලෙස සැලකුවෝය. වර්තමාන උසිබෙකිස්තානය වෙතට ද එතුමා චාරිකා කර ඇති අතර තවමත් එරටේ ජනතාව නානක්තුමාව ගුරු ලෙස සලකති. තමගේ උදාසි වැඩසටහනතුලින් මෙතුමා සව්දි අරාබියාව, ඉරාකය හා අෆ්ගනිස්ථානය යන රටවලටද සංචාරය කර ඇත. ලක්ෂ ගණන් ජනතාව එතුමාගේ ඉගෙන්විම් අනුගමණය කරන අතර අදත් ලොවපුරා එතුමාගේ අනුගාමිකයෝ අධික ලෙස සිටිති. මෑතදි රටවල් 85ක නියෝජිතයෝ අම්‍රිත්සර් වෙත සංචාරය කර තිබුණි. එම දූත පිරිස ස්ර්ණ මන්දිරය නැරඹු අතර ඔවුන් ගුරු නානක්තුමාගේ 550 වන ජන්ම ජයන්තිය වෙනුවෙන් එහි චාරිකා කර තිබුණි. අනතුරුව එම විදේඔිය දූතයෝ තම සාමාජික මාධ්‍ය මගින් අම්‍රිත්සර්හි පිහිටි ස්වර්ණ මන්දිරයේ පින්තුර බෙදා හැරියාහ. තමන්ට එම චාරිකාව තුලින් ලැබුණු අත්දැකිම් ගැන ද ඔවුන් විසින් විසුරුවා හරිනු ලැබිය. ඒ නිසා මගේ එකම යෝජනාව වනුයේ මෙම ආලෝක උත්සවය සමගම ගුරු නානක්තුමාගේ 550 වන ජන්ම සංවත්සරය එකට සැමරිමය. තව සැරයක් මම මගේ හිස නමා ගුරු නානක්තුමාට නමස්කාරය කරමි.

මගේ දයාබර සහෝදර සහෝදරියන්, ඔක්තොම්බර් 31 වැනිදා කළ යුතු දේ ඔබ සැමට මතක ඇතැයි මම විශ්වාස කරමි. මෙම දිනය ඉන්දියාවේ අයෝමය පුරුෂයා වු දර්දාර් වල්ලබ් භායි පටෙල්ගේ ජන්ම දිනයයි රට එකමුතු කිරිමේ මූලිකයා වු මොහු භාරතයේ මහා නායකයාය. එතුමාගේ ප්‍රතිභාව කොපමණ විශාල ද කියතොත් එතුමා රටේ ජනතාව එකමුතු කළ පමණක් නොව සෑම ජන කොටස් අතර සාමයක් ගොඩ නැගිමට දැරු උත්සාහය සමහර අයගේ දැඩි විවේචනවලට ද එතුමා ලක් විය. ඉතා සුළු දේවල් පවා මොහු විශාල කර බැලිමට තරම් මොහුතුල දක්ෂතාවයක් තිබුණි. ඒ නිසා ඔහු man of detail යනුවෙන් විරුද නාමයක් ලබා ගත්තේය. සංවිධානමය කටයුතු කිරිම පිළිබඳවද මොහු ඉතා දක්ෂයෙකු විය. යෝජනා සකස් කිරිම හා ඒවා සම්මත කරවා ගැනිම සම්බන්ධවද මොහුතුල පෘථුල ප්‍රතිභාවක් තිබුණි. ඔහුගේ ලේඛන, ඔහුගේ භාෂණ හා ඔහු ක්‍රියා කරන ආකඅරය දෙස බලන විට ඔහු කොපමණ සූදානමකින් තම රාජකාරිය කරගෙන ගොස් ඇද්ද බව පැහැදිලි වේ. 1021 දි අහමදාබාද් හිදි පැවැත්විමට නියමිත කොංග්‍රසි මහා සභාවට රටපුරා දහස් ගණනින් නියෝජිතයෝ සහභාගි වන්නට තිබුණි. සම්මේලනයේ සියළුම න්‍යායපත්‍රය සකස් කිරිම ඔහුගේ වගකිම විය. මෙම සම්මේලනය සමගම එතුමා නගරයපුරා බොන ජලය සැපයිමේ කටයුතුද එකට සිදු කළේය. ජලය නිසා කිසිවෙකුට කරදරයක් නොවිය යුතු බවට ඔහු නිශ්චිත කළේය. එපමණක් නොව සම්මේලනයට පැමිණෙන අයගේ සපත්තු සෙරෙප්පු සොරාගත නොහැකි අයුරින් ආරක්ෂා කිරිම පිළිබඳවද මොහු පියවර ගත් බව කියතොත් ඔබ විශ්මයට පත් වනු ඇත. ගොවියන් මුණ ගැසි එතුමා ඛාදි බෑග් නිර්මාණය කිරිම සඳහා ඉල්ලා සිටියේය. නියෝජිතයින් සැමෝටම බෙදා හැරිය හැකි ආකාරයෙන් ගොවියෝ බෑග් නිෂ්පාදන කළහ. එම බෑග් නොහොත් මළුවල තම තමන්ගේ සපත්තු සෙරෙප්පු කබාගෙන සිටියොත් ඒවා නැති විමේ බියද නියෝජිතයන්ගේන් දුරු විය. අනිත් පැත්තෙන් ඛාදි මලු විකිණිම ද වේගවත් විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ කටයුතුවලට සර්දාර් වල්ලභ් භායි පටෙල්ගේ අනුග්‍රහය සදාතනික වශයෙන් අමරණියයි. එතුමා ජාති, වර්ණ භේදයකින් තොරව සැවෝටම සමාන වන අයුරින් සැවෝටම සමාන අධිකාරය ලබා දුන් අතර කිසිදු භේද භින්න භාවයක් ඉතිරි නොකළේය.

පළමුවන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් සර්දාර් වල්ලබ්භායි පටෙල් මහතා පරිපාලනය එක්සත් කිරිමේ ඉතා වැඩගත් මෙන්ම ඓතිහාසික ක්‍රියාවක් සිදු කර ඇත. මොහුගේ තවත් වැදගත් සිදුවිම වුයේ මොහු සැම කටයුත්තක් කෙරෙහිම නිතර සොයා බැලිමයි. එක පැත්තකින් මොහුගේ දෘෂ්ටිය හයිදෙරබාද්, ජුන්නගර් වෙත ද තවත් විටෙක දකුණු ඉන්දියාවේ ලක්ෂද්විපය දෙස ද යොමු වන්නට විය. ඇත්ත වශයෙන්ම අප සර්දාර් පටෙල්ගේ ප්‍රතිභාවන් ගැන කතා කරන විට තවත් පැත්තක ඔහු රට එක්සත් කිරිම සඳහා දැරු උත්සාහයන් ගැන කතා කෙරේ. ලක්ෂද්විප වැනි කුඩා දූපතක වුවද ඔහු තමන්ගේ වැදගත් භුමිකාවක් ඉටු කර ඇත. මොහුගේ මෙම උදාර සේවාවන් ජනතව අදත් සිහිපත් කරයි. ලක්ෂද්විපය යනු කුඩා ද්විප සමුහයක් එකතුවක් බව ඔබ දන්නේහිය. මෙම දිවයින් සමුහය ඉන්දියාවේ ඉතා සුන්දර ප්‍රදේශයකි. භාරතය නිදහස ලැබිමත් සමගම අපගේ අසල්වාසි රටක් එම දිවයින් සමුහය යටත් කර ගැනිම සඳහා තම කොඩිය සමගින් නැවක් පිටත් කර යවා තිබුණි. එතුමා වහාම ආර්කොට් මුදලියාර් රාමාස්වාමි, ආර්කොට් රාමාස්වාමි මුදලියාර් යන සහෝරයන් සමග එම දිවයින් වෙතට ගොස් ඉන්දියාවේ ධජය නංවාලිය. අනතුරුව ලක්ෂද්විපයේ දියුණු කටයුතු සඳහා මුදලියාර් සහෝදරයින්ට පැවරුවේය. අද එම ලක්ෂද්වීපය ඉන්දියාවේ දියුණුව සඳහා විශාල මෙහෙවක් සිදු කරයි. ඔබද මෙම ලස්සණ දිවයින් වලට සංචාරය කිරිමට යනු ඇතැයි මම බලාපොරොත්තුවෙනවා.

මා දයාබර රටවැසියනි, 2018 ඔක්තොම්බර් 31 වැනි දින statue of unity නමින් සර්දාර් වල්ලබ් භායි පටෙල්ගේ දැවැන්ත ප්‍රතිමාවක් විවෘත කරන ලදි. මෙය ලෝකයේ උසම ප්‍රතිමාවකි. ඇමරිකාවේ statue of Liberty එකට වඩා මෙය දෙගුණයක් උස්ය. මෙවැනි උසතම ප්‍රතිමා ඉන්දියාවේ ගෞරවයයි. සෑම භාරක වැසියෙකුගේම හිස මේ ආකාරයෙන් උස් විය යුතුය. වසරකට ලක්ෂයකට අධික පිරිසක් මෙම statue of unity ප්‍රතිමාව නැරඹිමට පැමිණෙති. මෙයින් අදහස් වන්නේ දිනකට දහසකට අධික පිරිසක් මෙම ප්‍රතිමාව නැරඹිමට පැමිණෙන බවයි. Cactus garden, butterfly garden, jungle safari, children nutrition park, සහ එකතා nursery යන මේවා එහිදි දක්නට ලැබෙන අතර එහි සොබාව වැඩි කරලිමත් සමගම බොහෝ දෙනෙකුට රැකියා එයින් ලබා ගැනිමට හැකි වි ඇත. මෙම ස්ථානය වෙත සංචාරයේ යෙදෙන සංචාරකයින්ට නැවති සිටිම සඳහා home stay පහසුකම් මෙහි තිබේ. එවැනි පහසුකම් ඇති නිවහන්වල සෙුවය කරන අයට විශේෂ පුහුණුවක් ලබා දෙනු ලැබේ. අවට යවිසය කරන උදවිය දැන් dragon fruit නම් පළතුර වගා කරමින් විශාල ආදායමක් ද උපයා ගනිති.

මිත්‍රවරුනි, මෙම statue of unity ප්‍රතිමාව සංචාරක ව්‍යාපාරය වර්ධනය කර ගැනිම ඳහා ද ඉවහල් විය හැකිය. වසරක තරම් සුළු කාලයක් තුල  සංචාරක ව්‍යාපාර අතින් ලෝක ප්‍රසිද්ධියට පත් විමට ඉහත සඳහන් කළ කරුණු සාක්ෂි දරයි. දේශ විදේශ රටවලින් එම ස්ථානය නැරඹිම සඳහා සංචාරකයෝ පැමිණෙති. ප්‍රවාහන, මාර්ග දර්ශකයෝ. මෙන්ම පරිසරයට ගැලපෙන වාසස්ථාන එක පිට එක වශයෙන් එහි දියුණු වෙමින් පවති. විශාල ආදායමක් ද එහි ගලා එන අතර සංචාරකයින්ගේ සැම පහසුකමක්ම එහි දැන් වර්ධනය වෙමින් පවති. Time සංගරාව මගින් සංචාරක තිප්පොලවල් 100ක් අතර statue of unity ප්‍රතිමාවට මුල් තැන ලැබි ඇත. ඒ නිසා මම නැවතත් ඔබගේන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් වරකට මෙවැනි ස්ථාන 15කටවත් චාරිකා කරන ලෙසට.

මිත්‍රවරුනා, ඔබ හොඳට දන්නවා 2014 දි ඔකතොම්බර් 31 වන දිනය රටේ සමගි දිනයක් හැටියට අප සමරා ඇත. තම ජිවිත පුද කොට හෝ රටේ සමගිය හා අඛණ්ඩතාව ආරක්ෂා කිරිමට අප පොරොන්දු වුයේමු. ඒ නිසා ඔක්තොම්බර් 31 වන දිනය run for unity හෙවත් සමගිය වෙනුවෙන් ධාවනයේ යෙදිම සඳහා කටයුතු සංවිධානය කර ඇත. මේ රට සමගිය, ඒ නිසා සැවෝම එකමුතු වි run for unity වැඩසටහනට සහභාගි වන්න. මෙම වැඩසටහනට පසු ගිය වසරේ රටේ විවිධ ප්‍රදේශ, විවිධ ප්‍රාන්ත, විවිධ මහා නගර හා සුළු නගරවල තරුණ, වයසක, පිරිමින්., කාන්තාවන්, ආභාධිතයන්, ළමයින් මෙම ධාවන තරගයට සහභාගි වු ආකාරය අප දැක ඇත්තේමු. Run for unity වැඩසටහන ඉතා සිත්ගන්නාසුළු මෙන්ම ඉතා වැඩගත් වැඩසටහනකි. සෞඛ්‍යසම්පන්න බව, සම/ිය හා අන්‍යෝන්‍ය හමුව මෙම ධාවන තරගයෙන් සිදු වන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මෙම run for unity වැඩසටහනට සහභාගි විම සඳහා runforunity.gov.in යනුවෙන් portal launch එකක් වැබ් අඩවියේ විවෘත කර ඇත. මෙම ධාවන තරගයට ඔබ සැවෝම අනිවාර්යයෙන් සහභාගි වනු ඇති බවට මා උදක්ම බලාපොරොත්තු වෙමි.

මිත්‍රවරුනි, මට මතකයි වර්ෂ 2010දි ඉලාහාබාද් ඉඑල උසාවිය රාම් ජනම්භුමය ගැන තින්දුවක් නිකුත් කළ බව. එවක රටේ තත්වය කෙලෙස පැවතුනේදැයි මඳක් සිහිපත් කර බලන්න. කොපමණ සෙනගක් එළියට බැස්සා ද, තම තමන්ගේ එක් එක් අවශ්‍යතා උදෙස පොර කැ මිනිස්සුන් මහපාරේ දකුනට ලැබුණි. සෑම කණ්ඩායමක්ම තම තමන්ගේ අයිතිවාසිකම් කියාපාන්නට වුහ. දින පහක්, දින 10යක්, වශයෙන් දින ගණනාවක් මෙම තත්වය එලෙසින්ම පැවැති අතර අනතුරුව සැමෝටම පිළිගත හැකි තවත් තින්දුවක් නිකුත් විය. එම තීන්දුව මත රජය සිවිල් සමාජයේ සාමාජිකයන්, පූජකයන් ඇතුළු සෑම සම්ප්‍රදායට අයත් ප්‍රජාවට සංයමායන් යුතුව ක්‍රියා කරන ලෙසට ඉල්ලා සිටියේය. එම දිනය සිහි කරන මාහට විශාල සතුටක් දැනේ. අධිකරණයේ එම තීන්දුවට සෑමකෙනෙක්ම ගරු කළ අතර එම ප්‍රශ්නය රැගෙන තව දුරටත් කෑ කෝ නොගසන්නට උසාවිය ආඥාවක් නිකුත් කළේය. මෙයින් මට විශාල ශක්තියක් ලැබුණි.  රටේ සමගිය සඳහා එය එක් විශාල උදාහරණයක් ද විය.

මගේ රටවැසියනි, ඔක්තොම්බර් 31 වැනි දින අපගේ හිටපු අගමැති ශ්‍රි මති ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය කරනු ලැබුවාය. එය රටට විශාල පහරක් විය. මම අද එතුමියටද ශ්‍රද්ධාංජලි පුද කරමි.

මගේ රටවැසියනි, අද ගෙයක් ගෙයක් පාසා, ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා පෙරදිග සිට අපරදිග, උතුරේ සිට දකුණේ එකම කතාන්දරයක් අසන්නට ලැබෙනවා, එනම් පවිත්‍රතාවයි. සෑම පුද්ගලයෙක්: සැම පුරවැසියෙක්, සෑම ගමක් පිරිසිදුව වෙනුවෙන් කැප වි ක්‍රියා කිරිම මට විශාල සතුටක් වන අතර කෝටි 125ක ජනතාව මෙම ක්‍රියාවට සහභාගි වි ඇත. මඳක් කල්පනා කර බලන්න, රටේ උච්චතම යුද පිටියක් වන සිමා ප්‍රදේශේ දේශගුණය සෘණ 50-60 දක්වා පහත පවතින වාතාශ්‍රයක් පවා නොමැති ස්ථානයේ සිට අපගේ සේනාව දහසක් බාධක මධ්‍යෙයයේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය ජිවිත කැප කර සිටින ආකාරය. ඔවුන්ට සහයෝග දැක්විම රටේ ජනතාවගේ පරම යුතුකම වන අතර මම එම නිර්භිත සේනාවට මගේ ගෞරවය සැමදා කළ කරමින් සිටිමි.මගේ කෘතඥතාවය කළ කරමි. හිම පතනය වන එම ප්‍රදේශයේ ටොන් 130ක කුණු කසල ඉවත් කිරිම ලෙහේසි පහසු නොවේ. එහි කොටි වර්ගයේ සතුන් සහ කහ පාට වලස්සුන් ද සිටිති. එහි නුබ්‍රා සහ සියොක් නමින් නදි දෙකක් ගලා බසින අතර ඒවායේ ජලය හිම කෑළි තරමටම ශිතලය.

දයාබර රට වැසදියනි, උත්සව යනු අපගේ සිත් සතන් ප්‍රබෝධමත් කරන එක් අවස්ථාවක්. විශේෂයෙන් දිවාලි උක්සව දිනයේ අලුත් අලුත් දේවල් මිළදි ගෙනිම සෑම පවුලක්ම යුහුසුළුව කරන්නට ඇති. දේශිය නිෂ්පාදන පමණක් මිළදි ගන්නා ලෙසට මා වරක් ඔබට කියා ඇත, ඒ බව යළි සිහිපත් කිරිමට කැමැත්තේමි. තම තම ගමේදිම ඒවා මිළදි ගන්නට හැකි නම් නගරවලට පැමිණිය යුතු නැත. දේශිය නිෂ්පාදන මිළදි ගන්නා තරමට ගාන්ධි 150 ජයන්තිය සැමරිමක් ද වන අතර අප මහාත්මා ගාන්ධිතුමාට දක්වන ගෞරවය ද වන්නේය. මහාත්මා ගාන්ධිතුමාට ගෞරවය දක්වන සමහර අය රතිඤ්ඤා පත්තු කරමින් පරිසරය දූෂනය කරනවා. මෙසේ කිරිමෙන් නොදැනුවත්ව ගිනි ගැනිමක් ද සිදු වේ. මගේ එකම ඉල්ලිම වන්නේ තමන් විනෝද විමත් සමගම ප්‍රවේශම් ද වන්න කියාය. අවසාන වශයෙන් මම ඔබ සැමෝටම නැවතත් මගේ ශුභාෂිංසනය පිරිනමමි.

ආයුබෝවන්!