ISRO සංවිධානය නව සාර්ථක කථාන්තරයක් රචනා කරයි

පිටපත: මාධ්‍යවේදී, අභයි

ඉන්දියාව පසුගිය මාසයේ වාර්තාවක් බිඳ ලීය.  2014 වසරේ චන්ද්‍රිකා 37ක් අභ්‍යවකාශ ගත කරමින් රුසියාව තැබූ වාර්තාව එකවිට ම චන්ද්‍රිකා 104ක් කක්ෂගත කරමින් ISRO හෙවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය එකී වාර්තාව බිඳ හෙළිමට සමත් විය. එය ඉන්දියාව ලද විශාල ජය ග්‍රහණයක් වන අතර, ඉන්දීය අභ්‍යවකාශ සමාජයට සහ මුළු ජාතියට ම ආඩම්බරයක් ගෙනදීමට හේතු වී ඇත. එම වැදගත් ජයග්‍රහණයට තම පිළිගැනීම පුදකරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා “අපේ විද්‍යාඥයන්ට ඉන්දියාවේ ආචාරය පිරිනමමු” යයි ප්‍රකාශ කොට ඇත. කි.ග්‍රෑ 10 (පවුම් 20)කින් යුත් නැනෝ චන්ද්‍රිකා රැසක් නිසා එකවිට චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් කක්ෂගත කිරීම  අපහසු දෙයක් ද නොවේ. ඉන්දියාව කක්ෂගත කළ එම චන්ද්‍රිකා රැසෙන් වැඩි ම චන්ද්‍රිකා ප්‍රමාණයක් එක්සත් ජනපදයේ ඒවා වූ අතර, එයින් දෙකක් ඉන්දියාවේ වූ අතර, කසකස්ථාන්, ඊශ්‍රායල්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ එක්සත් අරාබි එමිරේට් යන රටවල්වලත් එක් චන්ද්‍රිකාවක් බැගින් ඊට ඇතුළත් වී තිබුණි. නැනෝ නොවන එකම චන්ද්‍රිකාව වූයේ සිතියම් ගත කිරීම සහ කාල්පනික ISRO සංවිධානයේ නිමැවුමකි. එය පවුම් 1500කට වඩා බර චන්ද්‍රිකාවක් වේ.

සැබවින් ම මෙය අතිශය විශාල වැදගත් කාර්යයකි. එය සාර්ථකව කක්ෂගත කිරීමට ඉන්දීය ඉංජිනේරුවෝ දැඩි ප්‍රයත්නයක නිරත වූහ. වාසනාවකට මෙන් එය කඩා නොවැටුණි. එය අතිශය සාර්ථක මෙහෙවරක් විය. ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තලවල වැජඹීමට ISRO සංවිධානය ලද පළමු අවස්ථාව මෙය නොවේ. වර්ෂ 2014 තම අඟහරු මෙහෙවර නොහොත් රතු ග්‍රහයාට යානයක් පිටත් කොට යවමින් එම සංවිධානයට ජාත්‍යන්තර අවධානය යොමු කරගැනීමට හැකිවුණි. එක්සත් ජනපදය, රුසියාව සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හුරුණු විට මේ අයුරින් ප්‍රයත්නයක නිරත වූ ඉන්දියාව හතර වන රාජ්‍යය වේ. හුදු ඇමරිකානු ඩොලර් මිලියන 73 ක ඉතාමත් අඩු වැයකින් එම සංවිධානයට තම තාක්ෂණ සහ විද්‍යාත්මක මාර්ගමෙහෙයුම් තාක්ෂණය විදහා දැක්වීමට ද හැකි වී ඇත. එක්සත් ජනපදය දෙස බලන විට නාසා ආයතනයට 2013 වසරේ අඟහරු ග්‍රහ මෙහෙවරට ඇමරිකානු ඩොලර් මිලියන 671ක වැයක් දැරීමට සිදු විය.

මේ දිනවල ISRO සංවිධානය උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත් ව ඇත. ඉන්දීය රජය ඊට දක්වන මූල්‍ය අනුග්‍රහය වසරින් වසර ඉහළ නංවා ඇත. එම සංවිධානය මේ වන විට සඳට යානයක් ගොඩ බැස්වීමට සහ අඟහරු ග්‍රහයට තවත් චන්ද්‍රිකා මෙහෙවරක් පිටත් කොට යැවීමේ සැලසුමක නිරත වී සිටි. ඊට අමතර ව එම සංවිධානය උණුසුම් සහ වළාකුළු සහිත පසුබිම ගවේෂණය කිරීමට සිකුරු ග්‍රහයාටත් චන්ද්‍රිකාවක් පිටත් කොට යැවීමට සැලසුම් කරයි. මේ සෑම මෙහෙවරක් මධ්‍යෙය් ISRO සංවිධානය චන්ද්‍රිකා 104ක් කක්ෂගත කිරීමට ආධාර කළ තම පී.එස්.එල්.වී. රොකට් යානාව වැඩි දුරටත් ශක්තිමත් කරගැනීමට අනාගතයේ දී අත්හදා බැලීම් රැසක් සිදු කර ගැනීමට අපේක්ෂා කරයි. 2008 දී ISRO සංවිධානය හුදු පී.එස්.එල්.වී. රොකට් දෙකක් පමණක් ප්‍රක්ෂේපණය කොට තිබූ අතර, 2016 දී 6ක් සිදු කරගැනීමට හැකි වී ඇත. 2020 දී එවැනි රොකට් 12ක සිට 18ක් වත් පෘථිවිය වටා භ්‍රමණය කරවමින් ඒවා පණිවිඩ සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට ප්‍රක්ෂේපණය කිරීමට එම සංවිධානය සැලසුම්ක්‍රියාත්මක කරමින් සිටියි.

එක්සත් ජනපදයේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ ඉලක්කවලට වඩා වෙනස් ප්‍රාථමික යුගයේ ISRO සංවිධානය මානවීය අභ්‍යවකාශ ගවේශණ කාර්යයන්ට ප්‍රමුඛ ස්ථානය පිරිනැමීම සිදු කොට ඇත. විශේෂයෙන් ම ස්වාභාවික ඛේදවාචක, පාංශු ඛාදනය වැනි අහේනි නිසා භෝග සහ වෙනත් ස්වාභාවික සම්පත්වලට සිදු වන හානි මැඬ පවත්වා ගැනීම, සිතියම් කරණය, සමීක්ෂණය වැනි කාර්යයන් සඳහා ISRO සංවිධානය තම චන්ද්‍රිකා හැකියා සංවර්ධනය කිරීම සිදු කොට ඇත. පණිවිඩ සම්බන්ධතාවයේ සිට ටෙලිමෙඩිසින් සහ ග්‍රාමීය පණිවිඩ සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට ද තම චන්ද්‍රිකා භාවිත කොට ඇත.

ISRO සංවිධානයේ නිර්මාතෘවරයා වන වික්‍රම් සරභායි වරක් මේ අයුරින් සඳහන්කොට ඇත. “ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට අභ්‍යවකාශ අවශ්‍ය වේ. ධනවත් රටවල් සමගින් හෝ සඳ ගවේෂණය කිරීම හෝ එසේ නැත්නම් මිනිස් සහිත අභ්‍යවකාශ යැවීමකට හෝ අප තරඟ නො කරන්නෙමු.”  යනුවෙන් ප්‍රකාශ කරමින් “නමුදු එම කාර්යයට අප වගකීමකින් යුත් රටවල් එසේ නැත්නම් සමාජයක් ලෙසට ඊට කැපවී කටයුතු කළහොත් තාක්ෂණික අතින් ඉහළ කිසිඳු රටවල්වලට දෙවන නොවන බව”  වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

තම රොකට් ශක්තිය ඉහළ නංවා ගැනීමට ද ISRO සංවිධානය දැන් කටයුතු කරමින් සිටියි. ග්‍රහ තාරකාවල ගුරුත්වාකර්ෂණයෙන් මිඳීමකට සහ සඳ සහ අඟහරු යන ග්‍රහතාරකාවලට තම යානා පිටත් කොට යැවීමට එම සංවිධානය දැන් තම පී.එස්.එල්.වී. රොකට්වල ශක්තිය ඉහළ නංවාගෙන යයි. මේ වන විට සාර්ථක අයුරින් සංවර්ධනය කරගත් තම ක්‍රායෝජනික් ඇන්ජිමෙන් මේ හැම ප්‍රශ්නයකට ම විසඳුම් සැපයෙනු ඇත. චන්ද්‍රිකා 104ක් අභ්‍යවකාශයට පිටත්කොට යවමින් ISRO සංවිධානයට තම නවතම ක්‍රායෝජනික් ඇන්ජිම සාර්ථක ලෙසට අත්හදා බැලීම ද සාර්ථක වී ඇත.

සූර්ය ග්‍රහ මණ්ඩලය ගවේෂණය කිරීමට තම ක්‍රායෝජනික් ඇන්ජිමෙන් ඉන්දියාවට විශාල ආධාරයක් ගෙන දී ඇතිවා පමණක් නොව එයින් තම චන්ද්‍රිකා වැඩසටහන්වලට ද සෑහෙන ප්‍රයෝජනයක් උදාවෙනු ඇත.  මේ වන විටත් චන්ද්‍රිකා මගින් රූපවාහිනී ප්‍රචාර, පණිවිඩ සම්බන්ධතා, අභ්‍යන්තර සුරක්ෂා සිට නගර සැලසුම්, නිශ්චල බූදල්, ඉඩම් පරිපාලනය වැනි ක්ෂේත්‍රයන් රැසකට අදාළ විශාල කාර්ය භාරයක් සිදු කෙරන බව ISRO සංවිධානයේ බලධාරීහු පෙන්වා දෙති. “පෘථිවි නිරීෂණය, ගවේෂණය සහ මාර්ග මෙහෙයුම් චන්ද්‍රිකා ගොන්නක් ඉන්දියාව වැනි උප මහද්වීපයකට අවශ්‍යතාවයක් වන බවත් එය කිසිසෙත් සුඛෝපභෝගී දෙයක් නොවන බවත් ” එම ආයතනයේ බලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

පරිවර්තනය: පූජ්‍ය කන්දේගම දීපවංසාලංකාර හිමි