පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය පැනමා නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියම කරයි.

පිටපත: අයි.සී.ඩබ්.ඒ. හි පර්යේෂක, ආචාර්ය. ස්මිතා

පාකිස්ථානු අගමැති, නවාZස් ශරීෆ් පැනමා ලේඛන නඩුව සම්බන්ධයෙන් නුසුදුස්සෙකු බවට පත් නොවූයේ යාන්තමිනි. විනිශ්චයකාර, අසිෆ් සඊද් ඛෝසා, විනිශ්චයකාර, එජස් අෆ්Zසාල් ඛාන්, විනිශ්චයකාර, අZස්මත් සඊද්, හා විනිශ්චයකාර, ඉජZසුල් අහ්සාන් යන විනිශ්චයකරුවන් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් ලබාදුන් විනිශ්චයට අනුව, ශරීෆ් මෙම නඩුව සම්බන්ධයෙන් නුසුදුස්සෙකු බවට පත්නොවනු ඇති අතර, ශරීෆ් පවුලේ මුදල් මඟ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් (ජේ.අයි.ටී.) නිර්මානය කළ යුතුය. නවාස් ශරීෆ් අගමැති ධූරයෙන් ඉවත්කර දැමීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොවන බැව් අධිකරණය විනිශ්චය කළේ ය. අධිකරණය ශරීෆ් හා ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන හසන් සහ සුසේන් හට ස්වාධීන විමර්ශන අයතනය (එෆ්.අයි. ඒ,) ජාතික වගකීම් මණ්ඩලය (එන්.ඒ.බී.), පාකිස්ථානයේ ආරක්ෂක හා හුවමාරු කොමිසම (එස්.ඊ.සී.පී.) සහ හමුදා බුද්ධි අංශය (එම්.අයි.) යන අයාතනවල නිලධාරීන්ගෙන් සැදුම්ගත් ජේ.අයි.ටී. ඉදිරියේ පෙනීසිටින ලෙසට නියම කළේ ය. ජේ.අයි.ටී. සිය වාර්තාව සෑම සති දෙකකටම පසුව විනිසුරු මඬුල්ල ඉදිරියේ ඉදිරිපත් කළ යුතු ය.

මෙම නඩුව පසුගිය වසරේ නොවැම්බර් තුන් වන දා දියත් කළ අතර, ඉහළ අධිකරණය, පෙබරවාරි විසිතුන් වන දා නඩුව සම්බන්ධ ක්‍රියාවන් අවසන් කිරීමට පෙර නඩු ඇසීමේ වාර තිස්පහක් පවත්වා තිබිණි. 1990 දශකයේ, ශරීෆ්, අගමැතිවරයා ලෙස දෙවරක් කටයුතු කළ සමයේ ඔහු විසින් සිදුකරන ලද මුදල් ජාවාරමක් හා මෙම නඩුව බැඳී ඇත. ලන්ඩනයේ දේපළ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ද මෙය අදාළ වේ. මෙකී දේපළ පිළිබඳ මතුවී ආයේ, ගෝලීය මාධ්‍ය විසින් ‘පැනමා පේපර්ස්’ ලෙස නම් කරන ලද ‘මොසැක් ෆොන්සේකා’ගේ රහසිගතව හෙළි වූ ලේඛන පසුගිය වසරේ පැනමානු නීති සමාගමක් විසින් පෙන්වාදුන් අවස්ථාවේ දී ය. ඉහත කී දේපළ මිලට ගනු ලැබ ඇත්තේ ශරීෆ්ගේ දරුවන්ට අයිති විදේශ සම්ගම් විසින් යැයි එහිදී හෙළි විණි. පැනමා ලේඛන වලට අනුව, ශරීෆ්ගේ දරවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු, එනම්, මර්යම් දියණිය හා හසන් සහ හුසේන් යන පුතුන් දෙදෙනා විදේශ සමාගම්වල අයිතිකරුවන් වන අතර, “සමාගම් කිහිපයක් වෙනුවෙන් මුදල් ගනුදෙනු කිරීමට බලය ලබාදීමට ඔවුන්ට අයිතිය තිබුණේ හෝ එකී සමාගම්වල හිමිකරුවන් වී තිබිණි.” එහෙත්, ශරීෆ් සහ ඔහුගේ පවුල මෙකී චෝදනාවන් ප්‍රතික්ෂේප කරමින් තමන් වැරදි ක්‍රියාවන්හි නිරත නොවූ බවට දක්වා සිටී. මෙම නඩුව, ශරීෆ් පවුලට අයත් ලන්ඩනයේ පවතින නීති විරෝධී දේපළ සම්බන්ධයෙන් පාකිස්ථානු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පී.ටී.අයි.) හි ප්‍රධානියා වන ඉම්රාන් ඛාන් හ තවත් අය විසින් ගොනු කරන ලද පෙත්සම් කිහිපයක් මත පදනම් වේ. මේ අතර, මුදල් කටාර් වෙත මාරැකර යැව්වේ කෙසේ ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බැව් අධිකරණය නියම කළේ ය. තව ද, පස් විනිසුරු විනිශ්චයකාර මණ්ඩලය සිය කාර්ය භාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් එන්.ඒ.බී. හි සභාපතිවරයා ද විවේඡනය කළේ ය.  තීන්දුව දීම අපේක්ෂිතව, රටේ ප්‍රධාන නගරය වන ඉස්ලාමාබාදය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කර තිබිණි. නගරයේ රතු කලාපය තුල හා ඒ වටා ආරක්ෂක නිලධාරීන් එක්දහස් පන්සියයක් පමණ ස්ථානගත කොට තිබිණි.

පැනමා ලේඛන, ලොව පුරා සිටින දේශපාලන හා ව්‍යාපාර නායකයන් ද, පොහොසත් ඉහළ පැළැන්තියේ පුද්ගලයන් ද නීති විරෝධී ලෙස විදේශ රටවල් හි සිදු කෙරුණු මූල්‍යමය ක්‍රියාවන් පිළිබඳ විස්තර ලබාදී තිබේ. පාකිස්ථානු අගමැති, නවාZස් ශරීෆ්ගේ නඩුව ඔහුගේ අනාගතය තීරණය කරනු ඇතැ’යි යන අනාවැකි මධ්‍යයේ ප්‍රධාන පුවතක් විය. ඒ සමඟ ම, ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය, ඊළඟ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයන් හමුවේ, මෙම නඩුව ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස තැබීමට බලාපොරොත්තු වනු ඇත. ඊළඟ වර්ෂයේ මහ මැතිවරණය හමුවේ මෙම නඩුව පාකිස්ථානය ප්‍රවාහයකට තල්ලුකර දමන බවට අනතුරු ඇඟවීම් කර තිබිණි.

විනිශ්චය සහ පැනමා ලේඛන පාකිස්ථානය තුළ පූර්ව-ඡන්දදායක යුධමය වාතාවරණයක් නිර්මානය කොට ඇත. පාකිස්ථානය දැනටමත් ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියාවන් කරණකොට කැරකිලි ස්වභාවයකට පත්ව සිටිය දී මෙන් ම, ත්‍රස්ත කණ්ඩායම් වෙත එය ලබාදෙන සහයෝගය හේතුකොට ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඉස්ලාමාබාදයට දොස් පැවරීමද සිදුවෙමින් පැවතිය දී, පැනමා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන මෙම විමර්ශනය ශරීෆ්, කාර්ය බහුල තත්වයකට පත්කරනු ඇත. පාකිස්ථානු හමුදාව ද මෙම වර්ධනයන් දෙස ඉතා සුපරීක්ෂාකාරී ඇසක් යොමුකර සිටී. පූර්ව හමුදා ප්‍රධාන ජෙනරල්. රහීල් ශරීෆ් ඉතා ජනප්‍රිය ජෙනරල් වරයෙකු වන අතර, ඔහු දේශපාලනයට පිවිසෙනු ඇතැයි යනවෙන් හැඟීමක් පැවතේ. අන් බොහෝ දේශපාලකයන් මෙන් නොව, ජෙනරල්. රහීල් පිළිබඳව ගොඩනැගී ඇත්තේ පැහැදිලි ප්‍රතිරූපයකි. දූෂණය පාකිස්ථානයේ පවතින ප්‍රධාන ගැටළුවකි; එය, ඉදිරි මැතිවරණයන්හි ඡන්ද රටාව වෙනස්කිරීමට බලපානු ඇත. විරුද්ධ පක්ෂයන් පවසා සිටින්නේ, දූෂණය පිළිබඳ ගැටළුව, විශේෂයෙන් ම පැනමා ලේඛන සම්බන්ධ කරුණ හෙළිවී තිබිය දී, පාලක පක්ෂය වන පී.එම්.එල්.- එන්. වෙත පාලනයේ රැඳී සිටීමට වන සදාචාරාත්මක අයිතිය විනාශ වී ඇති බවයි. විරුද්ධ පක්ෂයන් මෙම නඩුව ඔස්සේ උපරිම අයුරින් දේශපාලනමය ළඟාකරගැනීම් ලබාගැන්මට උත්සාහ දරමින් සිටී. මේ අනුව බලන කල පෙනී යන්නේ, 2008 මැතිවරණයන් අගමැති ශරීෆ් වෙත ලෙහෙසි කටයුත්තක් නොවනු ඇති බවකි.

පරිවර්ථනය: නිම්මි නාලිකා මැණිකේ