ඉන්දියාව චීනය සමග ඉවසිම හා සාමකාමි ආකල්පයක් වෙත නැඹුරු වේ

පිටපත:- දිල්ලි සමාජ විද්‍යා ආයතනයේ ආචාර්ය්‍ය අෂ් නාරායන් රොයි.

ඩොක්ලම් සානුවේ චීනය විසින් අයිතිවාසිකම් කියා පා සිටිම නිසා ඉන්දියාව හා චීනය අතර පවතින මතභේදය තවත් තීක්ෂණ මෙන්ම උග්‍ර බවට පත් වි ඇත. මෙම ප්‍රශ්නය සම්බන්ධව චීනය ඉතා කර්කෂ භාෂා ප්‍රයෝග කරන බවට උපාය කෞෂල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. චීනය විසින් එම ප්‍රදේශය වෙත එවා ඇති හමුදා ප්‍රමාණය ද ඉතා ඉහලය. මෙම මතභේදය පසු ගිය ජුනි 16 වන දින චීනය විසින් සිය හමුදාව සමග මහා මාර්ග නිර්මාණ කරන උපකරණ සහිතව භුතාන සීමාව වෙත එවිමෙන් අනතුරුව හටගෙන තිබුණි. භුතානය ඉන්දියාව සමග හමුදා සහ ආර්ථික සම්බන්ධතා කපා හැර තිබුණු නමුදු චින හමුදාවේ පැමිණිම වළක්වා ගැනිම සඳහා ඉන්දියාව සිය හමුදා යවා තිබුණි.

මෙම යට ගියාව චීන ප්‍රවෘත්ති මාධ්‍යය විසින් නැවත නැවත හුවා දක්වමින් චීන හමුදාව උසි ගන්වන බවට පැහැදිලි නමුදු ඉන්දියාව මේ සම්බන්ධව මේ දක්වා ඉවසිමෙන් යුතුව කටයුතු කර ඇත. ඒ නිසා චීනය සිය ව්‍යාපාරය වේගවත් කිරිමේ හේතුන් නැතුව ද නොවේ. ජනාධිපති ක්ෂි ජිං පිං යටතේ චීනය විවිධ අසල්වාසි රටවල් සමග කටයුතු කිරිමෙදී ඉතා දරදඬු ක්‍රියාමාර්ග අනුගමනය කරයි. දකුණු චින මූද ප්‍රශ්නය රැගෙන ද චීනය තම අසල්වාසි රටවල් සමග නොමනාපකම් ඇති කරගෙන ඇත.

චීනයේ ජාතික කියමන වුයේ “අපම ගොඩනැගිම සඳහා අප අවධානය යොමු කරමු” සහ “විවෘතබව සගවා අඳුරුබව හුවා දක්වමුයි” යන ප්‍රතිපත්තිය දැන් ගෙවි ගොස්ය. මෑතක අත්දැකිම්වලට අනුව චීනය බොහෝ විට පවසන පරිදි සිය සාමකාමි මෙන්ම සමගි සම්පන්න ඉහල යාම පිළිබඳව චිනය තවදුරටත් අවංක නොවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති උල්ලංඝනය කිරිමේ විදේශ පිළිවෙතක් චිනය අනුගමනය කරමින් සිටින බව පවසමින් යුරෝපා පාර්ලින්මේන්තුවේ උප ජනාධිපති රිසාර්ඩ් සාර්නෙචි ද මෙම කරුණ තදින්ම අවධාරණය කොට ඇත. සිය සාමකාමි වු නැග්ම ජාත්‍යන්තර රටාවට තර්ජන නොවනු ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට වු පෙයිචිං හි සහතික විම් දැන් හෙළිදරව් වි තිබේ.

චීන ජාතියේ ශ්‍රේෂ්ඨ යළි පණ ගැනිවිමේ චීනයේ සිහිනය ලෙසින් ඔහු හඳුන්වන දැය වෙත ජනාධිපති ක්ෂි ජිං පිං බලය සහ ශක්තිය ද විම ලෝකය දැක තිබේ. කුඩා අසල්වාසින් කෙරෙහි අයිතිවාසිකම් ප්‍රකාශ කිරිම මගින් දේශ සිමා පුළුල් කිරිමට උත්සාහ දැරිමේ අධිරාජ්‍යවාදි චිනයේ අතිත හැසිරිම යම් විද්වත්හු සිහිබත් කර දෙති. වසිය යුද හමුදා ආක්‍රමණ පිළිබව චීන අධිරාජ්‍යය කිසිදා සමාව නොයදි.

වත්මන් ගැටුම්වාදි හැසිරිම වෙනුවෙන් දේශිය සාධක ද ගෙන හැර දක්වා තිබේ. ජනාධිපති ක්ෂි ජිං පිං තමා කේන්ද්‍රිය නායකයා ලෙසින් තහවුරු කොට ඇති අතර මෙය බලයේ සහ ආනුභාවයේ බියජනක සංඥාවකි. ඔහු 2012 වසරෙදි ජාතික නායකයා බවට පත් වු අතර එවක් පටන් චීන ආර්ථිකය සහ යුද හමුදාව විධිමත් කොට තිබේ. ඔහුගේ මාර්ග සහ මං තිරු මුල පිරිම ඔහුට ජාත්‍යන්තර වශයෙන් ඉතා උසස් තත්වයක් පිරිනමා ඇත.

ඔහු තවත් නිල කාල සිමාවක් වෙනුවෙන් අනුමත කරනු ඇති ඉදිරියේදි පැවැත්විමට නියමිත කොමියුනිස්ට් පක්ෂයේ 19වන ජාතික සමුළුව සහ ඉන්දියාව, චිනය සහ භුතානය දේශසිමාවේ ත්‍රිමංසල වෙත වු ක්‍රියිපාක්ෂික හැසිරිම අතර සම්බන්ධතාවයක් බොහෝටදනා දකිති.

චීන මාධ්‍යය වෙතින් වු කුපිත කිරිම මධ්‍යෙය් ඉන්දියාවේ ප්‍රතිචාරය ප්‍රමාණිත, පරිනත මෙන්ම මෘදු වුවකි. එම ගැටුම පිළිබඳ මාධ්‍ය ආවරණය සංයමයකින් යුතු වේ. මෙම තත්වය ඇමතිම සඳහා රාජ තාන්ත්‍රික මාර්ග පවතින බව ඉන්දියාව පවසා විටි. විදේශ ලේකම් එස්. ජයශංකර් මෑතකදි පැවසුයේ දෙරටට මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට හැකි නොවිමට හේතු තමන් නොදකින බවයි. විෂමතා ගැටුම් බවට පත් විමට ඉන්දියාව සහ චීනය ඉඩ නොදිය යුතු බවට වු ජයශංකර් මහතාගේ ප්‍රමාණිත ස්වරය මධ්‍යෙය් පවා චින රාජ්‍ය මාධ්‍යය එය තවදුරටත් උලුප්පා දක්වමින් සිටි. දේශසිමාව අවධාරණය බවත් ඉන්දීය යුද හමුදා ඉවත් වන තුරු සාකච්ජා සඳහා ඉඩක් නොමැති බවටත් වන සිං හුවා පුවත් පතේ පුදුමසහගත න්‍යාය මෙම ප්‍රශ්නය විසඳිමේදි ආධාරකාරි නොවේ.

කෙසේ වුවද දෙපාර්ශ්වය අතර වාණිජ සම්බන්ධතාවල ප්‍රමාණය සහ පට්ටම සලකා බැලිමේදි මෙම උණුසුම පහත හෙලිම සඳහා යාන්ත්‍රණයක් සොයා ගැනිමට ඔවුනට සිදු වේ. වාර්තාවනට අනුව රජයේ ආධාර ලත් සැලසුම් අංශ ආතිතය අඩු කිරිමට නිල නොවු හුවමාරු පවත්වමින් විටිති. චෝදනා සහ ප්‍රතිචෝදනා මධ්‍යෙය් ජ්‍යෙෂ්ඨ ඉන්දීය අමාත්‍යවරු පෙයිචිං හිදී බ්‍රික්ස් සමුළු රැස්විමට සහභාගි වුහ. අග්‍රාමාත්‍ය මෝදි හැම්බර්ග් හිදී ජනාධිපති ක්ෂි ජිං පිං හමු වු අතර ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයන් සාකච්ජා පැවැත්වුහ. ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් බ්‍රික්ස් එන්.එස්.ඒ. රැස්විම සඳහා පෙයිච්ං බලා යාමට නියමිතයි.

තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරිමේදි ඉන්දියාව ඉවිමෙන් යුතු මෙන්ම සාමකාමි වනු ඇති බව ඉන්දීය රජය විපක්ෂයට සහතික විමට හොඳින් කටයුතු කොට තිබේ. ඔබ කඳු මුදුණේ සිටින විට ඔබට දැඩි සීතල දරා ගත නොහැක යන සිය විදේශ පිළිවෙත් අපාය මාර්ගයට අනුව චීනයේ දැඩි හැසිරිම තේරුම් ගත හැක.

පරිවර්තනය;-ඇ.පඤ්ඤසාර හිමි සහ සොනාබොර් ඩුවානියා